වාර්තාගත වර්ෂාපතනය හේතුවෙන් සෞදි අරාබියේ වෙරළබඩ නගරයක් වන ජිද්දා හරහා ඇති වූ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව මක්කම පළාතේ රජය විසින් නිවේදනය කර තිබේ.
සෞදි අරාබියේ කාලගුණ විද්‍යා ජාතික මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ මිලිමීටර් 179ක වර්ෂාපතනයක් නගරයට ලැබීමත් සමඟ ගංවතුර තත්වයක් ඇති වූ බවත්, අත්‍යාවශ්‍ය හදිසි අවශ්‍යතා සඳහා හැර ගෘහස්ථව සිටින ලෙසත්ය.
ගංවතුර හේතුවෙන් නගරයේ වීදි විනාශ වී ඇති අතර රියදුරන් බේරා ගැනීමට සහ අතරමං වූ වාහන ඉවත් කිරීමට පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක අංශ කැඳවා ඇත. කිං අබ්දුල්අසීස් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් ගමන් වාර කිහිපයක් ප්‍රමාද වී ඇති අතර, නිවාස කිහිපයකට විදුලිය විසන්ධි වී ඇත. බලධාරීන් විසින් මේ වන විට පළාතේ විපතට පත් ප්‍රදේශවල පාසල් සහ විශ්ව විද්‍යාල වසා දමා ඇත.
ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අසල්වැසි මදීනා පළාතේ ප්‍රදේශවලට හානි සිදු වී ඇති අතර සෞදි සිවිල් ආරක්‍ෂක අංශය පැවසුවේ, මදීනා හි ග්‍රාමීය ප්‍රදේශයක වාහනයක් ගංවතුරට ගසාගෙන යෑමෙන් පසු හදිසි කණ්ඩායම් 5 දෙනෙකු බේරා ගත් බවයි.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ (WMO) සංඛ්‍යාලේඛනවලට අනුව නොවැම්බර් මාසය සඳහා ජිද්දා නගරයේ සාමාන්‍ය මුළු වර්ෂාපතනය මිලිමීටර් 23 කි. වාර්ෂික මධ්‍යන්‍ය මුළු වර්ෂාපතනය මිලිමීටර් 55.6 කි.
සශිකලා මධුෂාණී_
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…