බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලූයිස් එල්මන් තම පනස් පස් වසරක පක්ෂ සාමාජිකත්වය හැරදා කම්කරු පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.
තමා බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයෙන් ඉවත් වන බවට ඉකුත් බදාදා (16) දින ට්විටර් පණිවුඩයක් මඟින් නිවේදනය කළ ලූයිස් එල්මන් පවසා සිටියේ විපක්ෂ නායක ජෙරමි කෝබින් අග්‍රාමාත්‍ය තනතුරට පත්කිරීම සඳහා කම්කරු පක්ෂය ගන්නා අවදානම තමාට දරා ගත නොහැකි බවයි.
1997 වර්ෂයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වූ ලූයිස් එල්මන් කම්කරු පක්ෂයෙන් ඉවත් වූවද ලිවර්පූල් රිවර්සයිඩ් හි වසන තම ජනතාව වෙනුවෙන් සදා කැපවී සිටින බවත් තම ට්විටර් පණිවුඩය හරහා අවධාරණය කර සිටියාය.
එමෙන්ම වෙනත් දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවන බවද ඈ පවසා සිටියාය.
මීට අමතරව කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් ගේ යුදෙව් විරෝධී ප්‍රතිපත්තිය පිළිබඳවද ඈ විවේචනය කොට සිටියාය. බොහෝකලක පටන් කම්කරු පක්ෂය තුළ යුදෙව් විරෝධී ක්‍රියාකලාපයන් සිදුවූ බවත්, එමඟින් කම්කරු පාක්ෂික යුදෙව් ප්‍රජාව හට වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් බොහොමයක් සිදුවූ බවත්, එවාට කෝබින් වගකිව යුතු බවත් ඈ පවසා සිටියාය.
ලූයිස් එල්මන් යනු බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ සිටි පැරණිතම හා ජ්‍යෙෂ්ඨ සාමාජිකාවකි
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…