කාලීන

වෛද්‍යවරුන් සූදානම් වූයේ මාගේ මරණය ප්‍රකාශයට පත් කිරීමටයි, කොරෝනා නිරයේ වාහල්කඩින් පළා ආ බොරිස් ජොන්සන් හෙළි කරයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා කොරෝනා වෛරසය ආසාදනය වීමේ පුවත වාර්තා වූයේ ඉකුත් මාර්තු 27 වන දින ය. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ පරිදි ඒ මහතා ගේ තත්ත්වය බරපතල අතට හැරී තිබිණ.

මේ වන විට බොරිස් ජොන්සන් මහතා සුවය ලබා තිබේ. එහෙත් බ්‍රිතාන්‍ය කන්සර්වටිව් පාක්ෂික ජනතාවට මෙන්ම ඒ මහතා ප්‍රිය කළ ලොව වටා වෙසෙන බොහෝ පුද්ගලයන් ගේ ප්‍රීතියට තුඩු දුන් එකම පුවත එය නොවේ.

දෙමාපිය වරම් ලැබූ බොරිස් ජොන්සන් සහ සහ කැරී සිමන්ඩ්ස් ගේ කැදැල්ලට මෙලොව එළිය දුටු කුළුඳුල් පුතු විල්ෆ්‍රඩ් ද එකතු වූ එකී දෙවන පුවත පසුගිය දින වල කා අතරත් කතා බහට ලක්වී තිබිණි.

මේ වන විට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා තමා කොරෝනා ආසාදනය වූ කාලය තුළ ලැබූ අත්දැකීම් මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබේ. බ්‍රිතාන්‍ය පුවත්පතකට ප්‍රකාශයක් ලබා දෙමින් ඒ මහතා හෙළිදරව් කොට තිබෙන්නේ තමා හට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් තමාගේ මරණය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටි බවයි.

කොරෝනා වෛරස ආසාදනය වීමත් සමඟ සිය ජීවනාලය පවත්වා ගැනීමට බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් අපමණ කැපකිරීමක් කළ බව පෙන්වා දෙන ඒ මහතා අවධාරණය කළේ ඔක්සිජන් ලීටර ගණනින් ලබා ගැනීමට තමා ට සිදුවූ බවයි.

එය අසීරු මොහොතක්, මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. රුසියානු විරෝධී මත ප්‍රවර්ධනය කළ බවට චෝදනා ලැබ සිටි ද ඩෙත් ඔෆ් ස්ටාලින් චිත්‍රපටය උදාහරණයට ගනිමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ වෛද්‍යවරුන් ද පත්ව සිටියේ එවන් ක්‍රමෝපායක් කෙරේ යොමුවීමට බවය.

“මම සිටියේ විශිෂ්ට තත්ත්වයක නොවෙයි. මම දැන සිටියා ඔවුන් සිටියේ අවිනිශ්චිතව බව. යම් හෙයිකින් ඉතාම නරක දෙයක් සිදුවීමට ඉඩ තිබුණා නම් වෛද්‍යවරුන් එයට සූදානම් ව සිටියා. ඔවුන් මා හට මුහුණු ආවරණයක් ලබා දුන්නා. එමඟින් ලීටර ගණන් ඔක්සිජන් ලබා දුන්නා බොහෝ කාලයක් යන තුරු. මාගේ නාසය ප්‍රතිසැකසුම් කිරීමට ද සිදුවූවා.”

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ගේ තත්ත්වය බරපතල බව කාටත් වැටහුණේ ඔහු දැඩි සත්කාර ඒ්කකයට යොමු කිරීමත් සමඟ ය.

දැඩි සත්කාර ඒ්කකයේ ලැබූ අත්දැකීම් ආවර්ජනය කළ බොරිස් ජොන්සන් මහතා – “ප්‍රතිකාර අතරතුර අර පිස්සු යන්ත්‍රයේ ගණනය කිරීම් වැරදි පැත්තට ගිය බව තේරුණා. මම දැනගත්තා කොවිඩ්-19 නිට්ඨාවට සුවකරන්න බැරි බව. මම නිතරම කල්පනා කළේ කොහොමද මෙයින් ගැලවෙන්නේ කියා.”

දිගින් දිගටම තම සෞඛ්‍යය තත්ත්වය පිරිහෙමින් තිබූ බවත්, එමඟින් තම ජීවිතයට කළකිරීමක් දැණුන බවත්, මෙම රෝගී තත්ත්වය සුව අතට පත්නොවන්නේ මන්ද යන්න පිළිබඳ කණගාටුවෙන් පසුවූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

තම අත්දැකීමේ නරකම අවධිය මතුවූයේ ජීවිතයද මරණය ද යන්න පිළිබඳ 50-50 මොහොත එළැඹි විට දී බව හෙතෙම අවධාරණය කළේය. එම මොහොතේ වෛද්‍යවරුන් තමාගේ ශ්වාසනාලය වෙත බටයක් දැමිය යුතුය යන ස්ථාවරයේ පසුවූ බවද ඒ මහතා සඳහන් කළේය.

“මෙන්න මේ වෙලාවේදී තමයි… ඇත්තටම ඔවුන් කල්පනා කරේ කොහොමද මේ තත්ත්වේ මෙහයවා ගන්නේ විනීතව කියා..”

සති දෙකක කාලයක් පුරා තම මරණ මංචකය අභියස වීනා නඳ ඇසෙන නෑසෙන මානයේ සිටි බොරිස් ජොන්සන් මහතා අද දින 10, ඩව්නින් වීදියේ සිය කාර්යාලයේ සතුටු කඳුළු මැද කාලය ගත කරයි. ඒ, ජීවිතයත් මරණයත් අතර ද්වන්ධ සටනක නිරත ව කොරෝනා ආසාදනයෙන් සුවය ලබා තම ජීවිතයේ ප්‍රීතිමත්ම පුවත දෑතෙහි තබා ගනිමිනි.

බොරිස් ජොන්සන් මහතා සය වෙනි වරටත් දැන් පියෙකි!

Share

Recent Posts

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

3 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

12 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

12 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

1 day ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

1 day ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago