පුවත්

පුටින් න්‍යෂ්ටික අවි භාවිතයට සැරසෙන බවට ජෝ බයිඩන් අනතුරු අඟවයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ න්‍යෂ්ටික තර්ජන පිටුපස ඇති අන්තරායන් පිළිබඳව ජනාධිපති ජෝ බිඩෙන් පසුගිය බ්‍රහස්පතින්දා(06) දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබුණේ නිව් යෝර්ක් හි පැවති පුද්ගලික අරමුදල් රැස්කිරීමේ උත්සවයකදී ය.

බටහිර රටවලින් සපයන ලද නවීනතම ආයුධ වලින් සවිබල ගැන්වූ යුක්රේන හමුදාව මේ වන විට නැගෙනහිර සහ දකුණේ සැලකිය යුතු දියුණුවක් ලබා ඇති අතර, ක්‍රෙම්ලිනය දැන් රුසියාවේ කොටසක් යැයි ප්‍රකාශ කරන ප්‍රදේශවල පවා නගර සහ ගම් යළි අත්පත් කර ගෙන ඇත. රුසියානු හමුදාවේ පසුබෑම්, ජනාධිපති පුටින්ට විශාල අපහසුතාවයක්, රටේ හමුදාව පිළිබඳ අසාමාන්‍ය විවේචන අවුලුවා ඇත.
අසාර්ථකවීම් මධ්‍යයේ පවා ජනාධිපති පුටින් සිය දහස් ගනනක් සංචිතකරුවන් බලමුලු ගැන්වීම නිවේදනය කළ අතර ඒත් සමඟම රුසියාවේ යුද විරෝධී විරෝධතා ඇති විය. බෙහෝ පිරිසක් රට හැරයන තත්වයක් ඇති විය. ඒ අනුව ජනාධිපති බයිඩන් ප්‍රකාශ කර තිබුණේ දිගින් දිගටම වන අසාර්ථකවීම් හා පරාජයන් හමුවේ පුටින් න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට ඇති ඉඩකඩ වැඩි බවයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ධවල මන්දිර ප්‍රකාශිකා Karine Jean-Pierre සිකුරාදා කියා සිටියේ න්‍යෂ්ටික අවි භාවිතාව පිළිබඳ කිසිදු බුද්ධි අංශ තොරතුරක් මේ වන තෙක් අනාවරණය නොවුණ බවයි.


බයිඩන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගෙන් විමසූ විට හු ප්‍රකාශ කර තිබුණේ තමා දේශපාලන ප්‍රබන්ධවලට නොපැමිණෙන බවත් මෙවැනි කාරණා සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී අපි විචක්ෂණශීලීව කතා කළ යුතු බවත්ය. බයිඩන්ගේ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් යුරෝපීය කොමිසමේ සභාපති Ursula von der Leyen පවසා තිබුණේ රුසියානු ජනාධිපති පුටින්ගේ තර්ජන ඉතා බැරෑරුම් ලෙස සලක බව පමණි.


පසුගියදා යුරෝපීය රටවල් 44 ක නායකයන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර මෙහිදී යුරෝපීය කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල් පැවසුවේ රුසියාව හෙළා දැකීමේදී අපගේ දැඩි ස්ථාවරය වෙ අතර යුක්රේනයට සහය දැක්වීමට සියලු දෙනා සූදානම් බවයි. ජාත්‍යන්තර සාමය සඳහා වන Carnegie Endowment හි න්‍යෂ්ටික ප්‍රතිපත්ති වැඩසටහනේ සම අධ්‍යක්ෂක ජේම්ස් ඇක්ටන් මේ සම්බන්ධයෙන් ට්විට්හි ලියා තිබුණේ බයිඩන්ගේ ගේ ප්‍රකාශය ඔහුගේ කටින් පිට වූවා පමණක් නොවන බවත්, සැබෑ න්‍යෂ්ටික අර්බුදයකදී මිලියන සිය ගණනකගේ ආරක්ෂාව සඳහා ඔහු වගකිව යුතු බවයි.


මේ සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මාධ්‍ය වෙත වාර්තා කර තිබුණේ රුසියාව විසින් අත්පත් කර ගත් යුක්රේන භූමිය දිගින් දිගටම රුසියාවට අහිමි වීමත් සමඟ ජනාධිපති පුටින් න්‍යෂ්ටික අවි හෝ සමහරවිට කුඩා, උපක්‍රමශීලී අවි එම ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා භාවිතා කළ හැකි බවයි. ඔවුන් ඒ පිළිබඳ මේ වන විට සාකච්ජා කරන බවද යුක්රේන ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

සශිකලා මධුෂාණී_

Share

Recent Posts

බ්‍රසීලයට පෙර නොවූ විරූ ගංවතුරක්; මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට

නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…

7 hours ago

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

15 hours ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

1 day ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

1 day ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

1 day ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

1 day ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

1 day ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

2 days ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

3 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

3 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

3 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

3 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

3 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

3 days ago