නව වසරේ උදාවත් සමඟ රුසියාව විසින් යුක්රේනයේ Kyiv සහ අනෙකුත් ප්‍රදේශවලට එල්ල කරන ලද මිසයිල ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර නිවාස හා ගොඩනැගිලිවලට විශාල හානියක් සිදුව ඇති බව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කර තිබේ.
ඔහු මෙහිදී අවධාරණය කර තිබුණේ රුසියාවේ මෙම ප්‍රහාර වෙනුවෙන් කිසිදු යුක්රේන වැසියෙකු හෝ ලෝක ප්‍රජාවේ කිසිවෙකු මොස්කවුහි යක්ෂයාට සමාව නොදෙනු ඇති බවයි.
ඒ අනුව රුසියානු ප්‍රහාර හේතුවෙන් Kyiv, Mykolaiv, Khmelnytskyi, Zaporizhzhia ආදී නගර රැසකට බරපතල හානි සිදුවී ඇති අතර ප්‍රහාරයන්ගෙන් අනතුරුව යුක්රේන විදේශ අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර තිබුණේ, මෙවර දියත් කරන ලද රුසියාවේ මිසයිල ප්‍රහාර යුක්රේනයේ බලශක්ති හා යටිතල පහසුකම් ඉලක්ක නොකරන බවත්, හිතාමතාම සිවිල් වැසියන්ට පහර දෙමින් ලේ පිපාසිත යුධ අපරාධකරුවකු වන පුටින් මිනිසුන් මරා සිය නව වසර සමරණ බවයි.
නව අවුරුදු සුබ පැතුම් සමඟ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කියා සිටියේ රුසියාව යුක්‍රේනයේ සටන් කරන්නේ තම “මව්බිම” ආරක්ෂා කර ගැනීමට සහ එහි ජනතාවට “සැබෑ නිදහස” ලබා ගැනීමට බවයි. එමෙන්ම රුසියාව විනාශ කිරීමට යුක්රේනය මෙවලමක් ලෙස භාවිතා කිරීමට බටහිර රටවල් දරන උත්සාහයට රුසියාව කිසි විටෙකත් ඉඩ නොදෙන බවයි.
සශිකලා මධුෂාණී_
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…