කාලීන

”මගෙ පුතාගෙ වයසෙ සොල්දාදුවෙක් මාව දූෂණය කළා” – යුක්රේන රුසියානු යුද්ධයේ කැත නිරුවත

සිය අසල්වැසියෙකුගේ නිවසේ කුඩා කාමරයක ගොරෝසු අළු පැහැති සෝපාවක් මත, 42 හැවිරිදි යුක්රේන කාන්තාවක් අපහසුවෙන් වාඩි වී සිටියි.

තමන් ව දූෂණය කළ රුසියානු සොල්දාදුවා ළාබාල තරුණයෙක් බව ද ඇය පවසයි.

කීව් අගනුවරට ඔබ්බෙන් පිහිටි පිටිසර ගමකදී මෙම සිද්ධියට මුහුණ පෑ ඇය, ලෝකය කළඹවමින් ස්කයි නිව්ස් පුවත් සේවයේ කැමරාවක් ඉදිරිපිට ට පැමිණ සිය කතාව කියන්නට පටන් ගත්තේ, මේ ඉරණමට මුහුණ පෑ සෙසු යුක්රේන කාන්තාවන් ද දිරිමත් කරන අටියෙනි. ”තවත් නිහඬව ඉන්න එපා” යන පණිවුඩය ඔවුන්ට ලබාදෙන අටියෙනි.

”උන්ට දඬුවම් ලැබිය යුතුමයි”

2022 මාර්තු 9 වැනිදා රාත්‍රියේ තමන්ව දූෂණයට ලක් කළ සොල්දාදුවා 19 හැවිරිදි ඩැනියෙල් ලෙස ද ඇය හඳුනා ගෙන තිබේ.

මේ අතර, ඇයට යාබද නිවසේ සිටි නතාෂා නමැති ඇගේ මිතුරිය, 21 හැවිරිදි ඔලෙග් නමැති සොල්දාදුවෙකු විසින් මේ ඉරණමටම ගොදුරු කර ගනිමින් තිබිණි. ඒ, නතාෂාගේ සැමියාව වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසුව ය.

යුක්රේනයේ කිව් අගනුවර අල්ලා ගැනීමේ උත්සාහය අසාර්ථක වීමෙන් පසුව රාත්‍රී 9-10 අතර කාලය තුළ මත්පැන් ගඳ හමන සොල්දාදුවන් වීකාගේ සහ ඇගේ මිතුරියගේ නිවෙස්වල දොරට තට්ටු කළෝය.

මරණයට ඇති බිය නිසා එයට අවනත වීම හැර වෙන කළ හැකි දෙයක් ඔවුන්ට නොවිණි.

Sky News

නතාෂාගේ දොරට තට්ටු කළ විට දොර හැර තිබෙන්නේ ඇගේ සැමියා වන සාෂා විසිනි. එවිට සාෂාට තුවක්කුවක් දික් කළ සොල්දාදුවා, ඔහුගේ බිරිඳ තමන්ට උවමනා බව කියා තිබේ.

සාෂා සොල්දාදුවාට ඉවත යන්නැයි පැවසුවේ හේතුවක් ද ඇතිව ය. යුක්රේන බිරිඳක් සිටියත් රුසියානු ජාතිකයෙකු වූ ඔහුට, රුසියානු සොල්දාදුවා වෙඩි නොතබනු ඇතැයි සාෂා සිතන්නට ඇත. නමුත් ගෙතුළට යාමට ආපසු හැරුණු විට තරුණ සොල්දාදුවා වෙඩි තැබුවේය. සාෂා, ගෙළ පිටුපසට වෙඩි කාගෙන ඇද වැටුණේය.

සොල්දාදුවා ඉන්පසු නතාෂාව ඇදගෙන නිවසින් පිටතට ගෙන ආවේය.

‘බාධා කළොත් මරනවා. උඹේ වැඩේ කරපන්”

වීකා සහ නතාෂා යන දෙදෙනාම ගෙන යනු ලැබුවේ එකම වීදියේ පිහිටා තිබූ අත්හැර දැමූ නිවෙසක් තුළට ය. යුද්ධය ආරම්භ වන විට එම නිවසේ හිමිකරු පළා ගොස් තිබිණි. හමුදා කණ්ඩායම නිවසට ඇතුළු වූයේ ජනේලයකිනි.

ඔලෙග් විසින් නතාෂා ව උඩු මහලට ගෙන ගිය අතර, වීකා ව පහළ මාලයේ කුඩා කාමරයක් තුළට ගෙන යනු ලැබීය.

Sky News

අපරාධය සිදුවූ තැනට ආපසු ගිය වීකා, තමන් අඩන්තේට්ටම්වලට ලක් වූ සෝෆාව දෙස නැවත වරක් බැලුවාය .එය ළා රෝස පැහැයෙන් වර්ණ ගන්වා තිබූ අතර, කොණක චෙරි පොකුරක් සිත්තම් කර තිබේ.

ඇය ස්ත්‍රී දූෂණ සිද්ධිය එක දිගට විස්තර කළාය. ඇගේ වචන පැහැදිලි වූ අතර, නිරවුල් විය. ඇගේ ශක්තිමත් හඬ බිඳී ගියේ වරින් වර ඇති වූ කෙටි කැස්සක් නිසා පමණි.

19 හැවිරිදි ඩැනියෙල්, ඇගේ පුතුන් දෙදෙනාගෙන් බාල පුතාගේ වයසේ විය.

වීකා ඔහුව නතර කරන්නට නොයෙක් වර උත්සාහ කළ නමුත්, ඔහු කියා තිබුණේ එක දෙයක් පමණි.

”බාධා කළොත් මරනවා. උඹේ වැඩේ කරපන්”

තමන් ව කිහිප වරක්ම දූෂණයට ලක් කළ බව ද වීකා පැවසුවාය.

”ඔහු මට සැලකුවේ ගැහැණියක් විදිහටවත් අම්මා කෙනෙක් විදිහටවත් නෙවෙයි. මට සැලකුවෙ ගණිකාවකට වගේ..” යැයි ඇය කීවාය.

”ඔහු ඉතාම ප්‍රචණ්ඩ විදිහට හැසිරුණා. ව්‍යාඝ්‍රා පෙති අරන් හිටියද මම දන්නෙ නෑ. දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙන්නට ඔහු මාව මරා දැමුවේ නැහැ. මම පළා යන්නට සමත් වුණා..”

උඩු මහලේදී දූෂණයට ලක් වූ නතාෂා, පසුව සිය නව යොවුන් පුතු ද සමග ඔස්ට්‍රියාව වෙත පළා යන්නට සමත් වූවාය.

ස්කයි නිව්ස් පුවත් සේවය සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමින් නතාෂා පැවසුවේ, අවනත නොවුණහොත් සිය පුතාව මරා දමන බවට ඔවුන් තර්ජනය කළ බවයි. ”මම ඒ වෙලාවෙ හිතුවෙ මගෙ පුතාගෙ ජීවිතය ගැන විතරයි” යැයි ද ඇය පැවසුවාය.

පැය එකහමාරක පමණ කාලයක් ඇයව දූෂණය කිරීමෙන් පසුව සොල්දාදුවා ඩැනියෙල් සොයා පහත මාලයට ගිය අතර, ඒ වන විට ඩැනියෙල් ද පළා ගොස් තිබිණි. පසුව ඔහු ද ගියේය.

මාර්තු අග භාගය වන තෙක්ම මේ ගම්මානය පැවතියේ රුසියානු හමුදාවට යටත් ව ය. ඔවුන්ට මර බියෙන් යුතුව ඒ මුළු මහත් කාලයම ගම්මානයේ ගත කිරීමට සිදුව තිබිණි.

පසුව රුසියානු සොල්දාදුවන් යුක්රේනයේ උතුරුට පසු බැස්සෝය. වීකා සහ නතාෂා පොලිසියට සහ අභිචෝදකයන් වෙත සිය සාක්ෂිය ලබාදුන්හ.

ඊළඟ සතියේදී අභිචෝදකයන් කණ්ඩායමක් එම අපරාධය සිදුවූ ස්ථානය වෙත ආහ.

එහි ඉදිරිපස දොර අසලම හිස් කළ මත්පැන් බෝතල් විය. විශාල වීදුරු තසිමක් තුළ සිගරට් කොට ද විය. සෑම කාමරයකම නිවෙස් හිමියන්ගේ බඩු බාහිරාදිය සුන් බුන් ගොඩක් සේ හැඩි වී තිබිණි. වීකා සිය සාක්ෂිය වීඩියෝ කැමරාවක් ඉදිරියේ ලබාදුන්නාය. එවිට ඇයට නඩු වාරයක් වාරයක් පාසා සිය කතාව නැවත නැවතත් කියමින්, ලංකාව වැනි රටවල මෙන් නැවත නැවතත් අපයෝජනීය මානසිකත්වයකට නතු වීමට අවශ්‍ය නොවනු ඇත.

Sky News

මේ කතුන් දෙදෙනාම අද වන විටත් මහත් මනෝභ්‍රාන්තිමය ගතියකින් පසු වෙති. වීකා, තමන් විසින් මහත් ආදරයෙන් ඇතිදැඩි කළ සුරතල් බලු පැටවා සිය ඥාතියෙකුට හදා වඩා ගැනීමට දුන්නාය. ”මට නින්ද යන්නෙ නෑ දැන් මාසයකටත් වැඩියි.. මම වෙලාවට සතාට කන්න දෙන්නෙත් නෑ. මම හැමතිස්සෙම ඇඬෙනවා..” යැයි ඇය ස්කයි නිව්ස් සමග කීවාය.

Vika with prosecutors | Sky News

ස්ත්‍රී දූෂණය යුධ අවියක් ලෙස

ස්ත්‍රී දූෂණය, දුරාතීතයේ පටන්ම යුද්ධයේදී භාවිතා කරන නින්දිතම අවියකි. 21 වන සියවසේදී ද එය අවලස්සනම ආකාරයෙන් ක්‍රියාත්මක ය.

ස්ත්‍රී දූෂණයක වින්දිතයෙකු සිය කැමැත්තෙන් කැමරාවක් ඉදිරියට පැමිණෙන්නේ ඉතා කලාතුරකිනි. බොහෝ විට ඔවුහු ඒ පිළිබඳ සිතීමටවත් නොහැකි පරිදි මනෝ භ්‍රාන්තියකට හෙවත් ට්‍රෝමාවකට ලක් වෙති.

මේ බව දන්නා යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමතිවරිය අලුත් ප්‍රවේශයක් මේ සඳහා ඇරඹුවාය. ඇය, පොලිස් කණ්ඩායම් යොදවා ප්‍රාදේශීය ප්‍රජාවන් අතර දැවැන්ත දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළාය.

රුසියානු සොල්දාදුවන් විසින් සිදුකළ ලිංගික ප්‍රචණ්ඩත්වයන් ඇතුළත්ව යුධ අපරාධ වාර්තා කරන්නේ කෙසේද යන්න එමගින් කියා දුන්නේය. මෙහි ප්‍රතිලාභයක් ලෙසට වුන්ට අගංසම්පූර්ණ සහයෝගී ජාලයකට ඇතුළත් වෙමින් සිය සිදුවීමේ කම්පනය අඩු කර ගන්නටත් අවස්ථාව ලැබේ.

මේ වන විට යුක්රේනය විසින්, රුසියානු සොල්දාදුවන් සිදුකළ ස්ත්‍රී දූෂණ හෝ ලිංගික අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන 10කට වැඩි සංඛ්‍යාවක් ආරම්භ කර තිබේ. තවත් ගණනාවක් ඉදිරියේදී ආරම්භ වනු ඇත.

Sky News විසින් මේ සිද්ධිය මුල් වරට මාධ්‍යයක් වශයෙන් හෙළිදරව් කරන්නේ රුසියාවට විරුද්ධව යුක්රේනය විසින් 21 හැවිරිදි සොල්දාදුවෙකුට විරුද්ධව පළමු යුධ අපරාධ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක් තුළදී ය.

Photographs: Sky News

මුල් ලිපිය : Sky News | Ukrainian women reveal their rape ordeal and say Russian soldiers must ‘be punished’

පෙර ලිපිය

Share

Recent Posts

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

3 hours ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

5 hours ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

5 hours ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

5 hours ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

7 hours ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

11 hours ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

1 day ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

1 day ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

1 day ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

1 day ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

3 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

3 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

3 days ago