පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට ලක් වූ අබු අක්ලේ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (23) නිව්යෝක්හි පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ (UNGA) 77 වැනි සැසිවාරයේදී සාකච්ජා වු බව වාර්තා වේ.
එනම් මේ පිළිබඳ අදහස් දක්වමින් පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පලස්තීන ජාතික අල් ජසීරා මාධ්‍යවේදිනී ෂිරීන් අබු අක්ලේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා තිබේ.
ඊශ්‍රායල හමුදා විසින් පසුගිය මැයි මාසයේදී අබු අක්ලේට වෙඩි තබා තිබුණේ ඇය වාඩිලාගෙන සිටි බටහිර ඉවුරේ ජෙනින් ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටියදීය. අබු අක්ලේ මාධ්‍ය කබායක් ඇඳ සිටි අතර ඇය මරා දමන විට අනෙකුත් මාධ්‍යවේදීන් සමඟ සිට ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය (OHCHR) ඊශ්‍රායල හමුදාවට මෙහි චෝදනා කළ අතර මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබුණේ මාධ්‍යවේදිනිය වෙඩි හුවමාරුවකට හසු වූ බවයි. සාපරාධී වරදක් පිළිබඳ සැකයක් නොමැති හෙයින් හමුදා පොලිස් පරීක්ෂණයක් ආරම්භ කිරීමට කිසිදු පදනමක් නොමැති බව වාර්තා කෙරිණ.
ඊයේ (23)දිනයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් පලස්තීන ජනාධිපතිවරයා විසින් මෙම සාහසික අපරාධය කුමන්ත්‍රණය කර ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඊශ්‍රායලයට චෝදනා කළ අතර මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලය ආරක්ෂා කරමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ එක්සත් ජනපදයට දොස් පවරා තිබිණී.
ඔහු මෙහිදී සඳහන් කළේ මෙය සමස්ත මනුෂ්‍ය වර්ගයාටම නින්දාවක් බවයි. මේ වන විට එක්සත් ජනපදයේ සහයෝගය මත ඊශ්‍රායලය ඉඩම් රාජසන්තක කරමින්, කොල්ල කමින් හා ජනාවාස ඉදිකිරීම මහත් විපතක් බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා එය හමුදාවට සහ පලස්තීනුවන් ඝාතනය කරන ත්‍රස්තවාදී පදිංචිකරුවන්ට පූර්ණ නිදහස ලබා දීමක් වශයෙන් හඳුන්වා තිබේ.
යුක්තිය සහ ජාත්‍යන්තර නීතිය මත පදනම් වූ සාමය සාක්ෂාත් කර ගැනීමේ හැකියාව පිළිබඳ අපගේ විශ්වාසය අවාසනාවන්ත ලෙස මේ වන විට ඊශ්‍රායල වාඩිලාගැනීමේ ප්‍රතිපත්ති හේතුවෙන් හීන වෙමින් පවතින බවත් දෙපාර්ශවයට සමානව සලකන ලෙසත් පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මෙහිදී අවධාරණය කළ බව වාර්තා වේ.
සශිකලා මධුෂාණී_
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…