සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 02,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පැරාමිලිටරි වේගවත් ආධාරක බලකාය (RSF) පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට රට පාලනය කිරීම සඳහා සුඩාන හමුදාවට එරෙහිව සටන් කරමින් සිටින අතර එය දහස් ගණනක් මරා දැමූ, මිලියන ගණනක් රට තුළ සහ ඉන් පිටත අවතැන් කරවූ සහ සාගතය පිළිබඳ අනතුරු ඇඟවීම් ඇතිකළා පමණක් නොව යුද්ධය ආරම්භයේ සිටම ඉතා නින්දිත වශයෙන් රට තුළ ලිංගික ප්‍රචණ්ඩත්වය හා ස්ත්‍රී දුෂණය යුධ අවියක් වශයෙන් භාවිතා කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ඊයේ(01) දිනයේදී ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට විශේෂ ප්‍රකාශයක් කර තිබේ.
පසුගිය අප්‍රේල් මාසයේ සිට, ඔහුගේ කණ්ඩායම ගැටුම් ආශ්‍රිත ලිංගික හිංසන සිද්ධීන් 60ක් ලේඛනගත කර ඇති අතර, අවම වශයෙන් රට පුරා වින්දිතයින් 120ක් හඳුනාගෙන ඇති අතර ඉන් බහුතරයක් කාන්තාවන් සහ ගැහැණු ළමයින්ය. මහකොමසාරිස්වරයා මෙහිදී කණගාටුවට පත්ව ප්‍රකාශ කර තිබුණේ, සැබෑ සංඛ්‍යා දත්ත මිට වඩා විශාල වශයෙන් වැඩි විය හැකි බවයි.
1949 ජිනීවා සම්මුතීන් යටතේ සිවිල් වැසියන්ට එරෙහි අසමානුපාතික හා විචක්ෂණශීලී ප්‍රහාර, වධහිංසා පැමිණවීම, ස්ත්‍රී දූෂණය සහ ඝාතනය, මෙන්ම තීරණාත්මක සිවිල් යටිතල පහසුකම් විනාශ කිරීම යුධ අපරාධ වන බැවින්, බිහිසුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සිදු කරන අපරාධකරුවන්ට ප්‍රමාදයකින් තොරව දඩුවම් කළ යුතු බවත්, ජාත්‍යන්තර ප්‍රජාව මෙම කණගාටුදායක අර්බුදය තව දුරටත් අවුල් සහගත තත්ත්වයකට පත්වීමට පෙර එහි අවධානය නැවත යොමු කළ යුතු බවත් මහකොමසාරිස්වරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබිණි.
පසුගිය මාස 11 ක් තුළ අවම වශයෙන් පුද්ගලයින් 14,600 ක් මිය ගොස් 26,000 ක් තුවාල ලබා ඇති අතර ආධාර සැපයුම් කොල්ලකෑමට හා මානුෂීය සේවකයින්ට පහර දී ඇති අතර, ජාත්‍යන්තර ආයතන සහ රාජ්‍ය නොවන සංවිධානවලට මානුෂිය ආධාර ලබා දීමට නොහැකි වන ලෙස බලපෑම් කර ඇති අතර යුද්ධය හේතුවෙන් මිලියන අටකට වැඩි පිරිසකට සුඩානය තුළ සහ අසල්වැසි රටවලට පලා යාමට බලකෙරෙන අතර, මෙම අර්බුදය රට උඩු යටිකුරු කරමින් මුළු කලාපය පුරා සාමය, ආරක්ෂාව සහ මානුෂීය තත්වයන්ට දැඩි ලෙස තර්ජනයක් බවට පත්ව තිබේ.
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…
එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.