කාලීන

20 වසරක යුද්ධය නිමා කරමින් ඇමරිකානු හමුදාව මහ රෑ නොකියාම ඇෆ්ගනිස්ථානයෙන් පිටව යයි!

ජනරාල් අසාදුල්ලා කොෂිතානි BBC පුවත් සේවය සමග පවසා තිබෙන්නේපසුගිය සිකුරාදා අළුයම 3 ට පමණ ඇමරිකානු හමුදාව පිටත්ව ගොස් ඇති බවයි. ඒ බව ඇෆ්ගන් හමුදාව දැනගෙන තිබෙන්නේ එයට පැය කිහිපයකට පසුව ය.

බග්රම් කඳවුරේ සිර කඳවුරක්ද පැවති අතර, එහි තලෙයිබාන් සටන්කරුවන් දහස් ගණනක් රඳවා තිබිණි. වාර්තාවල දැක්වෙන අන්දමට ඒ අතරින් 5000 කට අධික පිරිසක් ද පළා ගොස් හෝ පිටව ගොස් තිබේ.

මෙම ඇමරිකානු සොල්දාදුවා සිය හමුදා පාවහන් යුගළ ඇෆ්ගන් පස මතම ඉතිරි කර ගොස් තිබේ | GETTY IMAGES

ඇමරිකානු හමුදාවේ මෙම අනපේක්ෂිත ඉවත්වීමත් සමග තලෙයිබාන් සටන්කරුවන්ගේ ප්‍රහාර දැඩි වී ඇති බව ද වාර්තා වේ. ජනරාල් කොෂිස්තානි පවසන්නේ බග්රම් කඳවුරට තලෙයිබාන් සටන්කරුවන් පහර දීමේ අවදානමක් හටගෙන තිබෙන බවයි.

ඇමරිකාව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වන දිනය ලෙස නිල වශයෙන් පවසා තිබුණේ සැප්තැම්බර් 11 වැනිදා ය. නමුත් සිකුරාදා තමන් මෙසේ ඉවත් වූ බව ඇමරිකාව පසුව නිවේදනය කළේය. ඔවුන් පවසන්නේ ඇෆ්ගන් නායකයන් වෙත සිය සැලසුම දැනුම් දී තිබූ බව සහ, කඳවුරු ගණනාවකින් මේ ආකාරයට එකවර ඉවත් වූ බවයි.

ඒ අනුව ඔවුන් මාස කිහිපයක් කලින් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමටත් වඩා ප්‍රශ්න සහගත වී තිබෙන්නේ ඔවුන් ඉවත් වූ ආකාරය යි.

ඇමරිකානුවන් හදිසියේ කලබලයෙන් මෙසේ පිටව ගිය බව පෙනෙන්නට තිබෙන්නේ ඔවුන් විසින් දමා ගිය දේවල් අනුව ය. ඇෆ්ගන් හමුදාවට අනුව විවිධ වාහන ඇතුළු අයිතම මිලියන 3.5 ක් පමණ ඔවුන් විසින් ඇෆ්ගනිස්ථානයේ දමා ගොස් ඇත. ඒ අතර දහස් ගණනක් මෝටර් රථ වාහන මෙන්ම යුද්ධ ටැංකි වැනි හමුදා අයිතම ද වේ. මෙම වාහනවල යතුරු නොමැති බව ද වාර්තා වේ.

EPA

තවද වතුර බෝතල් දස දහස් ගණනක්, කලින් පිසින ලද හමුදා ආහාර (MRE) සහ ශක්ති ජනක පානයන් ද ලක්ෂ ගණනින් තිබේ.

පුපුරණ ද්‍රව්‍ය තොග පිටින් පුපුරවා හැර ඇති බවත්, බර අවි සියල්ල ගෙන ගොස් ඇති බවත් මේ අතර දැකගත හැකිය. ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු හමුදාව විසින් දමා යන්නේ කුඩා ආයුධ ප්‍රමාණයකි.

2001 සැප්තැම්බර් 11 දා ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරයට ලක් වීමෙන් පසුව ඇමරිකාව ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය (war on terror) ලෝකය පුරාම දියත් කළේය. කෙසේ නමුත් ඔවුන් වැඩ පටන් ගත්තේ ඇෆ්ගනිස්ථානයට ගොඩ බැසීමෙනි. මේ වසරේ සැප්තැම්බර් 11 වැනිදාට ඇමරිකාව විසින් ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය අරඹා වසර 20 ක් සම්පූර්ණ වේ.

ප්‍රධාන ඡායාරූපය – EPA

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

47 mins ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

3 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

3 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

4 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

18 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

21 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

1 day ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

1 day ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago