යුක්රේනයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝජිත කර්ට් වොල්කර් ඉල්ලා අස්වී තිබේ.
සීඑන්එන් ප්‍රවෘත්ති සේවය වාර්තා කරන අන්දමට, යුක්‍රේන ජනපති හා ඇමරිකානු ජනපති අතර පසුගිය ජූලි 25 වන දින සිදුවූයේ යැයි පැවසෙන ආන්දෝලනාත්මක් දුරකතන සංවාදය පාදක කොටගෙන ජනපති ට්‍රම්ප්ට ඔත්තු සපයන්නෙකු යැයි ගොනුවූ චෝදනා හමුවේ වොල්කර් මෙසේ ඉල්ලා අස්වී තිබේ.
ඇමරිකාවේ එළඹෙන ජනාධිපතිවරණය හමුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දෙවන ධූරකාලයක් සඳහා ද තරඟ වැදීමට නියමිත අතර, ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරඟ වැදීමට නියමිත ජෝ බිඩන් ගේ යුක්‍රේන සබඳතා ඉලක්ක කරගනිමින් ට්‍රම්ප් යුක්‍රේන ජනපති හා දුරකතනයෙන් සම්බන්ධ වූ බවට පළවූ පුවතත් සමඟ රට තුළ මහත් ආන්දෝලනයක් ඇති විය.
ට්‍රම්ප් ට එල්ල වූ චෝදනාව වූයේ තම දේශපාලන ප්‍රතිවාදියාගේ ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට විදෙස් සහය පතන බවට යි.
ඔත්තු සපයන්නේ යැයි වොල්කර් ට එරෙහි ගොනුවූ චෝදනාවට අනුව, ඔහු ට්‍රම්ප් ගේ නීතීඥ රූඩි ජියුලියානි සමඟ කතාබස් කොට ඇති අතර, එහිදී ට්‍රම්ප් තම ප්‍රතිවාදී බිඩන් ගේ දේශපාලන ගමන කඩාකප්පල් කිරීමට යුක්‍රේන ජනපති සමඟ ඇතිවූ දුරකතන සංවාදය නිසා ඇතිවූ “හානිය අවම කිරීමට” උත්සාහ දරා ඇත.
මේ සම්බන්ධව තොරතුරු හෙලිවීමත් සමඟ ඇමරිකානු ජනපති ට්‍රම්ප් ට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට ද ඩිමොක්‍රටික් පක්ෂය කටයුතු කර ඇත.
වොල්කර්ගේ ඉල්ලා අස්වීම මුලින්ම වාර්තා කළේ ඇරිසෝනා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ රාජ්‍ය මුද්‍රණාලය විසිනි.
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…