එසැණ පුවත්

යුක්රේන ගුවන් යානය බිම හෙළුවේ තමන් බව ඉරානය පිළිගනියි! -ඇමරිකාවේ ‘මෝඩ වීරක්‍රියා‘ මෙයට හේතු වූ බවත් කියයි

ඒ සමගම ඔවුන් පවසන්නේ මෙය ‘සිතාමතා නොකළ‘ (unintentionally) එකක් බවයි.

පෙනෙන්නට තිබෙන අන්දමට ඉරානය මේ බව පිළිගැනීමත් සමග සියදිවි නසා ගැනීමට සමාන තත්වයකට පත් වෙයි. නමුත් අවසානයේ ඉරානය එය පිළිනොගෙන සිටිය නොහැකි තත්වයකට ජාත්‍යන්තර පීඩනය හමුවේ පැමිණ තිබිණි. එයට මෙයට දෙදිනකට පෙර කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝගේ බුද්ධි අංශ වාර්තා මගින් ඉරානයේ රොකට්/මිසයිල ප්‍රහාරයක් නිසා මෙය සිදුවූ බවට කළ ප්‍රකාශය මෙන්ම ඊයේ (11) දිනයේ පියාසැරි දත්ත ඇතුළත් කළු පෙට්ටිය යුක්රේන බලධාරීන් විසින් ලබාගැනීම ද ඇතුළත් ය. අද (12) දිනයේ යුක්රේන බලධාරීන් පැවසුවේ යානය කඩා වැටුණු ස්ථානයට යාමට පැය 3කට පෙර, මෙය රොකට් ප්‍රහාරයක් නිසා සිදුවූ බව තමන් ‘අවබෝධ කරගෙන සිටි බව‘ යි.

අවසානයේ ඉරානයට සිය ‘ගොන්කම‘ සහ ‘වරද‘ පිළිගැනීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැත.

ඉරාන ජනරාල් ක්වාසම් සොලෙයිමනී මරාදැමීමත් සමග ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇති කළ මැදපෙරදිග අර්බුදයේ වාසිය මේ සමග ඇමරිකාවට හිමි වන බව මූලික වශයෙන් පෙනී යන්නේ ‘ඉරානය එවැනි ත්‍රස්තවාදී ක්‍රියා කරන්නේය, සහ මිනිස් ජීවිතවල වටිනාකම නොදන්නේය‘ යන මතය එයින් සනාථ වන බැවිනි.

නමුත් ඉරානය මේ ‘නොහිතා කළ පහරදීම‘ ගැන කරන ප්‍රකාශය ද නොසලකා හැරිය නොහැකි ය. ඉරානය පවසන්නේ ‘මෙය අත්වැරදීමකට අමතරව, විශාල වශයෙන්ම ඇමරිකාවේ ඇඩ්වෙන්චරිසම් – ‘ඇමරිකාවේ අවදානම්කාරී වීරත්වය‘ (US adventurism) ට ප්‍රතික්‍රියා දැක්වීමේදී සිදුවූවක් බවයි.

කෙසේ නමුත් මිනිස් ජීවිත 176 ක් දවා අළු කරමින් පසුගිය බදාදා කඩා වැටුණු Flight 752 යානයේ ඛේදවාචකය මේ අන්දමින් හෙළිදරව් කරන්නට සිදුවනු ඇතැයි ඉරානය නොසිතන්නට ඇත.

පයින් යන්නෙක් පටිගත කළ වීඩියෝවක්

යානය ගුවන් ගත වී අඩි කිහිප දහසක් ඉහළට ඇදෙන විට ඉරානය විසින් මිසයිල අත්හදා බැලීම් සිදුකළ බව චන්ද්‍රිකා පද්ධතිවල ද සටහන් ව තිබිණි. මේ අතර, ඒ ආසන්නයේ ගමන් ගත් කිසිවෙකු විසින් යානය කඩා වැටෙන ආකාරය ජංගම දුරකථනයක් ආධාරයෙන් පටිගත කර තිබිණි. මේ අහම්බය විසින් ඉරානයට තවදුරටත් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ‘අනෙකා‘ට ඇඟිල්ල දිගු කරමින් කල් ගතකිරීම වැළැක්විණි.

පහත දැක්වෙන්නේ ඊයේ දිනයේ CNN පුවත් සේවය විසින් ලබාගෙන තිබූ, යානය කඩා වැටුණු අවස්ථාවේ සමීප දර්ශන පෙළකි.

මෙම ගුවන් යානය කඩා වැටුණේ ඉරානය විසින් ඇමරිකානු හමුදා ස්ථානගත වී සිටින ඉරාකයේ හමුදා කඳවුරු වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසුව ය. මෙම ප්‍රහාර, ඇමරිකාව විසින් ජනරාල් ක්වාසම් සොලෙයිමනී මරා දැමීමට එකට එක කිරීමක් විය.

පහත දැක්වෙන්නේ Flight 752 යුක්රේන යානය කඩාවැටීමෙන් පසු මේ දක්වා සිදුවී ඇති ප්‍රධාන සිද්ධි මාලාවයි.

Here’s what we know:

ප්‍රහාරය ලෙස එල්ල වුණේ Surface-to-air මිසයිල වේ:

රුසියාවේ නිෂ්පාදනය කළ සර්ෆේස් ටු එයා වර්ගයේ මිසයිල 2 ක් මගින් මෙය සිදු කරනු ලැබුණු බව ඇමරිකානු බුද්ධි අංශ වාර්තා පවසයි. යුක්රේන යානය කඩා වැටීම ආරම්භ වන අවස්ථාවේදී ඉරාන රේඩාර් සංඥා ජෙට් යානය තිබූ ස්ථානයෙන් නතර වන ආකාරය ද ඇමරිකාව විසින් නිරීක්ෂණය කර තිබේ.

කැනඩාවේ ශෝකය සහ විරෝධය:

කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝ පැවසුවේ ගුවන් යානය බිම හෙළීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සිය පූර්ණ සහයෝගය ඉරාන බලධාරීන් වෙත ලබා දෙන බවයි. යානයේ සිටි 176 දෙනාගෙන් 57දෙනෙක් කැනඩා ජාතිකයන් ය.

2016 වසරේ නිපදවූ ගුවන් යානයක්:

යුක්රේන අන්තර්ජාතික ගුවන් සේවය ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ, මේ ගුවන් යානය Boeing 737-800 NG වර්ගයේ බවත්, 2016 වසරේ නිෂ්පාදනය කර, කෙළින්ම ගුවන් සේවය වෙත සපයා ඇති ආරක්ෂිත ගුවන් යානයක් බවත් ය. යුක්රේන අන්තර්ජාතික ගුවන් සේවය විසින්, ගුවන් යානා 42 ක් පවත්වාගෙන යන අතර, ලෝකයේ රටවල් 38කට සෘජු ගුවන් සේවා ක්‍රියාත්මක කරයි.

යුක්රේනය, ඉරානය හරහා යන සියලු ගුවන් ගමන් අත්හිටුවයි :

යුක්රේනයේ රාජ්‍ය ගුවන් ගමන් සේවය විසින් ඉරාන ගුවන් සීමාවට ඇතුල් වන සේ පියාසර කරන සියලු ගුවන් ගමන්, ජනවාරි 9 මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටවීය. මේ බව යුක්රේන අගමැති ඔලෙයිස්කි හොන්චාරුක් දැනුම් දී තිබුණේ ෆේස්බුක් සටහනක් තැබීම මගිනි.

Timeline (දෙසැම්බර් 27 – ජනවාරි 12)

පහත දැක්වෙන්නේ ලොවක් තිගැස්සූ ඇමරිකානු -ඉරාන අර්බුදය යුක්රේන ගුවන් අනතුර දක්වා වර්ධනය වී ඇති දින සටහනයි.

දෙසැම්බර් 27: ෂියා මුස්ලිම් කණ්ඩායමකට සම්බන්ධ යැයි කියන, ඉරාන ඉස්ලාමීය විප්ලවීය හමුදාවේ සහාය ද ලැබූ බව කියන මිසයිල ප්‍රහාරයක් විසින් ඇමරිකානු සිවිල් කොන්ත්‍රාත්කරුවෙකු මරා දැමෙන අතර, ඉරාකයේ කිර්කුක් හමුදා කඳවුරේ සිටි ඇමරිකානු සහ ඉරාක හමුදා භටයෝ එම ප්‍රහාරයෙන් තුවාළ ලබති.

දෙසැම්බර් 29: පෙන්ටගනයේ වාර්තා අනුව ඇමරිකානු හමුදාව විසින් කාතිබ් හිස්බුල්ලා ලෙස හඳුන්වන ෂියා මුස්ලිම් කණ්ඩායම විසින් පාලනය කරන ඉරාකයේ සහ සිරියාවේ ස්ථාන 5කට ගුවන් ප්‍රහාර එල්ල කළේය. ඉරාකයේ කිර්කුක් හමුදා කඳවුරට පහර දීම සම්බන්ධයෙන් ඇමරිකාව චෝදනා නැගුවේ මෙම හිස්බුල්ලා කණ්ඩායමට ය.

දෙසැම්බර් 31: ඇමරිකානු ගුවන් ප්‍රහාරවලට එරෙහිව විරෝධය දැක්වූ ඉරාන හිතවාදී උද්ඝෝෂකයෝ බැග්ඩෑඩ් නුවර පිහිටා ඇති ඇමරිකානු තානාපති කාර්යාලය ට පහර දුන්හ. තානාපති කාර්යාලයේ තාප්ප බිඳ දැමීම සහ ගේට්ටු විවෘත කිරීමට බල කිරීම මෙහිදී සිදුවිය.

ජනවාරි 3: ඉරානයේ අංක එකේ යුධ ජනරාල්වරයා වූ ක්වාසම් සොලයෙිමනී ඉරාකයේදී මිය යන්නේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නියෝග කළ ගුවන් ප්‍රහාරයකට ලක් වීමෙනි. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, මෙම ප්‍රහාරය සිදු කළේ කලාපයේ ඇමරිකානු ජීවිත අවදානමෙන් මුදා ගැනීම සඳහා, විශාල අනාගත ප්‍රහාරයක් වළක්වා ගැනීමේ අදහසින් බව කියයි. ප්‍රහාරයෙන් පසු ඇමරිකාව පවසන්නේ මැදපෙරදිග කලාපයේ දහස් ගණනක් වූ අතිරේක ඇමරිකානු බල ඇණි ස්ථානගත කරන බව ය.

ජනවාරි 5: සිය රට විසින් මේ සඳහා කරන පළිගැනීම, නියත වශයෙන්ම ‘හමුදා ක්ෂේත්‍ර‘වලට එල්ල කරන ‘හමුදා ප්‍රහාර‘ යැයි ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කොමේනිගේ හමුදා උපදේශක පවසයි.

ජනවාරි 8: බදාදා අළුයම, ඉරාන බැලස්ටික් මිසයිල ඉරාකයේ හමුදා කඳවුරු බහුල ස්ථාන 2 ක් වෙත එල්ල වේ. මෙම ප්‍රහාර ජනරාල් සොලෙයිමනීගේ මරණයට වෙනුවෙන් කරන පළිගැනීම් බව ඉරානය කියයි. ට්‍රම්ප්, ඉරානයට තව තවත් සම්බාධක පනවන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි. යුක්රේන ගුවන් යානයක් ටෙහෙරාන් අහසේදී හදිසියේම කඩා වැටෙයි.

ජනවාරි 9: 224-194 ක් වශයෙන් ඇමරිකානු කොංග්‍රසය ඉරානයේ යුධ බලය මැඬලීමේ රෙගුලාසිය (Iran War Powers resolution) සම්මත කරයි. මෙමගින් අපේක්ෂා කරන්නේ කොංග්‍රස් අනුමැතියකින් තොරව ට්‍රම්ප්ට හිතුමතේ ඉරානයට එරෙහිව හමුදා බලය යෙදවීමට ඇති හැකියාව සීමා කිරීමයි.

ජනවාරි 10: සිකුරාදා දිනයේ Fox News චැනලය සමග පවත්වන සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් පවසන්නේ, සොලෙයිමනී මිය යන අවස්ථාව වන විට තානාපති කාර්යාල 4කට පහරදීමට සැලසුම් කරමින් සිටි බවයි.

ජනවාරි 11: ඉරානය තමන් විසින් යුක්රේන මගී ගුවන්යානාවට මිසයිල ප්‍රහාර එල්ල කළේ වැරදීමකින් බවත්, එය ප්‍රධාන වශයෙන් ‘ඇමරිකාවේ මෝඩ සහ අවදානම් වීරත්වය‘ නිසා සිදුවූවක් බවත් පවසයි.

ජනවාරි 12: යානය කඩා වැටුණු ස්ථානයට යාමට පැය 3ක ට පෙර සිටම, යානය කඩාවැටීමට හේතුව ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයක් බව තමන් ‘අවබෝධ කරගෙන සිටියේ යැයි‘ යුක්රේනය පවසයි.

Share

Recent Posts

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

5 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

9 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

17 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

18 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

1 day ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

3 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

3 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago