මෙම කීර්තිමත් සමාගමේ මුල් පුටුවට කාන්තාවක පත් වූ ප්‍රථම අවස්ථාව වශයෙන් මෙය ඉතිහාසගත වේ.
මෙම සමාගම වත්කම් කළමනාකරණය, මූල්‍ය, බැංකුකරණ, උපදේශන සේවා, අවදානම් හා ප්‍රාග්ධන විසඳුම් යනාදී වශයෙන් විවිධාංගීකරණය වූ සේවාවන් රැසක් සපයන, ඔස්ට්‍රේලියාවේ අංක එකේ, පවුම් බිලියන 25 ක වත්කමක් සහිත විවිධාංගීකරණය වූ සමාගමකි. පුරා වසර 49 ක් මුළුල්ලේ එක දිගට ලාභ ලබන, රටේ සාර්ථකම සමාගම් සමූහයක් ලෙස මෙය ප්‍රකට ය. එම සමාගමේ වත්කම් කළමනාකරණ අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටි ශිමාරා, ඉදිරි වසර 5 ක කාලයක් සඳහා සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනිය වශයෙන් ඇයව පත්කිරීම සම්බන්ධයෙන් ක්ෂේත්‍රෙය් සියල්ලන්ගේම ප්‍රසාදය මේ වන විට එම සමාගම් සමූහය වෙත ලැබී තිබේ. එම සමාගම් සමූහය තුළ ඇගේ සේවා කාලය වසර 31 කි.
මේ අතර, නොවැම්බර් 30 වැනිදා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ තෝමස් මුවර්, වසර 10 ක සේවා කාලයකින් අනතුරුව විශ්‍රාම ගැනීමට නියමිත අතර, ශිමාරා එම ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් තෝමස් මුවර් ප්‍රකාශ කර ඇත්තේ මෙයයි.
‘‘අපට නියම – විශිෂ්ට අනුප්‍රාප්තිකයෙකු සිටිනවා..“
“With Shemara, we have a really outstanding successor.”
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ පොදු සමාගම් 200 අතරින් ප්‍රධාන විධායක නිලධාරී තනතුර කාන්තාවක විසින් හොබවනු ලබන්නේ සමාගම් 16 ක පමණි.
56 හැවිරිදි ශිමාරා වික්‍රමනායක ශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව බ්‍රිතාන්‍යයේ උපත ලබා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ, මූල්‍ය ක්ෂේත්‍රයේ 30 වසරකට අධික පළපුරුද්දක් ඇති කාන්තාවකි. ඇගේ මව කොළඹ විශාඛා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වශයෙන් කලක් කටයුතු කළ අමාරා වික්‍රමනායක වන අතර පියා ලන්ඩන් නුවර සේවය කළ වෛද්‍යවරයෙකි. ඇය උපත ලබා තිබෙන්නේ ද ලන්ඩනයේ ය.
ලන්ඩන් නගරයෙන් මූලික අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවට අධ්‍යාපනය සඳහා ගිය ශිමාරා නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයෙන් වාණිජ්‍යය සහ නීතිය පිළිබඳ ප්‍රථම උපාධිය ලබාඇති අතර, හාවඩ් බිස්නස් ස්කූල් හි උසස් කළමනාකරණ පාඨමාලාවක් ද හදාරා ඇත. මෙම සමාගම් සමූහයේ සේවයට බැඳීමට පෙර ඇය කටයුතු කර තිබෙන්නේ වාණිජ්‍ය නීතිය පිළිබඳ නීතීඥවරියක ලෙස ය. දරු දෙදෙනෙකුගේ මවක් වන ශිමාරා, මෙම සමාගම් සමූහයට බැඳීමෙන් පසු නවසීලන්තය, හොංකො, මැලේසියාව වැනි රටවලට ද එය ව්‍යාප්ත කර සාර්ථක ප්‍රතිඵල පෙන්වූ කාන්තාවකි.
සිය ජීවිත කාලයෙන් වැඩි කොටසක් තමන් සේවය කරන සමාගම වෙත උපරිම වශයෙන් කැප කළ මේ ශ්‍රී ලාංකීය දියණිය, අවසානයේ එහිම ප්‍රධානියා බවට පත්වීම, රටක් වශයෙන් ශ්‍රී ලංකාවට ද මහත් ආඩම්බරයකි.
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!