කාශ්මීරයේ දකුණු ජම්මු ප්‍රදේශයේ රියාසි දිස්ත්‍රික්කයේ බක්කල් සහ කෞරි ගම්මාන අතර චේනාබ් ගඟ හරහා ලොව උසම දුම්රිය මාර්ගය ඉදිවන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
ඩොලර් මිලියන 168 ක වියදමින් ඉදිවන මෙම පාලම උදම්පූර්-ශ්‍රීනගර්-බැරමුල්ල රේල් ලින්ක් ව්‍යාපෘතියේ (USBRL) කොටසක් වන අතර අයිෆල් කැළුණට වඩා උසින් වැඩිවනු ඇති බව කයැවේ.
නිරන්තර භූ කම්පන, නාය යෑම්, කාලගුණික විපර්යාසයන්ට බහුලව ලක්වන ප්‍රදේශයක ඉදිවන මෙම පාලම වානේ ටොන් 28,000 ක්යොදා ඉදිකරමින් තිබේ. මෙය දිගින් අඩි 4,314ක් හා උස අඩි 1,177කින් සමන්විත වන අතර මෙහි වැඩ කටයුත් මෙම වසර අග හෝ ලබන වසර මුල නිමවනු ඇති බව අපේක්ෂා කෙරේ.
මෙම ව්‍යාපෘතිය නිදහසින් පසු ඉන්දියානු දුම්රිය සේවය විසින් සිදු කරන ලද වඩාත්ම භයානක හා සුවිශේෂීම ව්‍යාපෘතියක් වන බව ව්‍යාපෘතියේ කටයුතු කරන ඉංජිනේරුවන් විසින් ප්‍රකාශ කර ඇති අතර ප්‍රදේශවාසීන් පවසන්නේ, පාලම නැරඹීම සඳහා ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් ජනතාව මෙම ස්ථානයට පැමිණෙන බවයි.
මෙම දුම්රිය මාර්ගය නිම වීමත් සමඟ කලාපයේ වෙළඳාම ඉදිරියට යනු ඇති බවට කලාපයේ වෙළඳ සංගමයක් වන කාශ්මීර වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (KCCI) ප්‍රධානී ජාවෙඩ් අහමඩ් ටෙන්ගා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති අතර මේ වන විටත් දේශීය නොවන පුද්ගලයින් 185 ක් කාශ්මීරයේ ඉඩම් මිලදී ගෙන ඇති අතර සමාගම් 1,559 ක් එම කලාපයේ ආයෝජනය කර තිබේ.
අගමැති නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී ආන්ඩුව විසින් 2019 දී කාශ්මීරයේ සීමිත ස්වයං පාලනය අවලංගු කර එය නවදිල්ලියේ සෘජු පාලනය යටතට ගෙන ඒමත් සමඟ දිල්ලියේ සිට කාෂ්මීරය පාලනය කිරීමටද මෙය විශාල සහයක් වනු ඇති බව අපේක්ෂා කෙරේ.
සශිකලා මධුෂාණී_
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…