සෞඛ්‍ය

ඩෙල්ටා, කොරෝනාට එරෙහි අරගලය ආපස්සට අදීවි ද?

කොරෝනා වෛරසයේ නවතම ප්‍රභේදය ලෙස සැළකෙන ඩෙල්ටා ප්‍රභේදය මේ වන විට ඉතා දරුණු ලෙස ලෝකයේ රටවල් කිහිපයක් ආක්‍රමණය කර අවසන්ය. එමෙන්ම ඉන් ගැලවී සිටීම අතිශය අපහසු කාර්යක් බවට පත්ව ඇත. ඒත් සමග ඊට මුහුණ දීම සදහා මෙතෙක් කොවිඩ් 19 පාලනය සම්බන්ධව රාජ්‍යයන් අනුගමනය කරමින් සිටි සීමාවන් සහ නීතී මෙන්ම රීතීන්ද වෙනස් කිරීමට කටයුත් කරමින් සිටී. විශේෂයෙන්ම ඩෙල්ටා ප්‍රභේදය නිසා මේ වන විටත් පීඩාවට පත් වී සිටින ඉන්දියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව, රුසියාව ඇතුළු තවත් රටවල් කිහිපයක් විසින් නව කොරෝනා සීමාවන් රට තුළ පනවමින් සිටී ඒ මෙම රාජ්‍යයන් ඇතුළුව ලෝකයේ මේ වන විට ඉතා කෙටි කාලයක් තුළ ඩෙල්ටා ප්‍රභේදය නිසා පමණක් මිය ගිය සංඛ්‍යාව මිලියන හතර ඉක්මවමින් තිබියදී ය.

පසුගිය සිකුරාදා පැවති ප්‍රවෘති සාකච්ඡාවක් අතරතුර ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසා සිටියේ ” “මෙතෙක් හඳුනාගෙන ඇති ප්‍රභේදයන්ගෙන් වඩාත්ම වේගයෙන් සම්ප්‍රේෂණය වන ඩෙල්ටා ප්‍රභේදය මේ වන විට අවම වශයෙන් ලෝකයේ රටවල් 85 ක හඳුනාගෙන ඇති අතර, හඳුනා නොගත් ජනගහනයන් අතර ද ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි”

මෙම ප්‍රභේදය ඉතා සීග්‍රයෙන් පැතිරෙමින් පවතින බංග්ලාදේශය නැවතත් එළැඹෙන සදුදා සිට පූර්ණ වශයෙන් ලොක් ඩවුන් කිරීමකට සූදානමින් සිටින බව එරට බලධාරීන් පවසයි. ඕස්ට්‍රේලියාවද සිය විශාලතම නගරය වන සිඩ්නි සති දෙකක අගුලු දැමීමකට අවතීර්ණ වූ අතර, අත්‍යවශ්‍ය කටයුතු හැරෙන්ට සියල්ලන්ට නිවසේ රැඳී සිටීමට නියෝග කරන ලදී.
මෙම නව සීමාවන් මිලියන පහක පමණ සිඩ්නි නගරවැසියන් සහ තවත් නගරවල ජීවත් වන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට අදාළ වේ.

නව ඩෙල්ටා ප්‍රභේදයේ පුපුරා යෑමත් සමග මෙතෙක් රාජ්‍යන් ගණනාවක් අතර පැවති ගුවන් ගමන් හා සංචාරක ගිවිසුම් වලට නැවතත් සීමා පැනවමින් තිබේ. නිරෝධායන කාලසීමාවක් නොමැතිව මෙතෙක් සිය රට තුළට පැමිණීමට ඕස්ට්‍රේලියානුවන්ට ඉඩ දුන් නවසිලන්තය ඉදිරි දින තුනක් සදහා එය අත්හිටුවන ලදී. ඉන්දුනීසියාවේ ජනාධිපති ජෝකෝ විඩෝඩෝ පැවසුවේ මිලියන 270 ක ජනගහනයක් සිටින සිය රට “අසාමාන්‍ය තත්වයකට” මුහුණ දී සිටින අතර “ඉක්මන් හා සුදුසු ප්‍රතිපත්ති” වලට ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරන බවයි. ඒ පසුගිය සෙනසුරාදා රට තුළ නව ආසාදිතයන් 21,000 කට වඩා වාර්තා වී ඇති පසුබිමකය.

පසුගිය අප්‍රේල් මස ඉන්දියාව තුළ ප්‍රථම වරට හඳුනාගත් ඩෙල්ටා ප්‍රභේදය කොතරම් සිග්‍රයෙන් පැතිරෙනවාද යත් විශේෂඥයින් පවසන්නේ ඉන් මිදීමටනම් රටක් සිය ජනගහනයෙන් සියයට 80 කට වඩා වැඩි ප්‍රමාණයක් එන්නත් කිරීම අත්‍යවශ්‍ය වන බවයි. එය සැලකිය යුතු එන්නත් කිරීමේ වැඩසටහන් ඇති ජාතීන්ට පවා අභියෝගාත්මක ඉලක්කයකි. මෙම නව ප්‍රභේදය මේ වන විට එක්සත් රාජධානියේ සියලුම නව ආසාදනවලින් 90% කටත් එක්සත් ජනපදයේ 30% කටත් වගකිව යුතු කොරෝනා ප්‍රභේදය බවට පත් වී හමාරය.

 

යුරෝපීය විද්‍යාඥයින් ගණන් බලා ඇති පරිදි ඩෙල්ටා ප්‍රභේදය එක්සත් රාජධානියේ ප්‍රථම වරට සොයාගත් ඇල්ෆා ප්‍රභේදයට (B.1.1.7) වඩා සියයට 40 සිට 60 දක්වා පැතිරෙන අතර එය 2019 අග භාගයේදී ප්‍රථම වරට අනාවරණය වූ මුල් වෛරසයට වඩා ඉතා සීග්‍රයෙන් බෝවන රෝගයකි.

පසුගියදා අල්ජසීරා පුවත් සේවය සමග සාකච්ඡාවකදී ලන්ඩනයේ සනීපාරක්ෂක හා නිවර්තන වෛද්‍ය විද්‍යාලයේ එන්නත් සම්බන්ධ විශ්ෂඥ වෛද්‍ය ඇනලීස් විල්ඩර් ස්මිත් පවසා තිබුණේ

“එය වැඩි පිරිසකට ආසාදනය කරයි, එය වේගයෙන් පැතිර යා හැකියි ඒ අනුව නැවතත් යුරෝපය සහ ඇමරිකාව තුළ ඉහළ ව්‍යාප්තියක් සිදු විය හැකි බවයි. විශේෂඥයින්ට අනුව මෙම ප්‍රභේදයෙහි පවතින විකෘතිතාවන් මිනිස් සිරුරේ පවතින සෛල ඉතා පහසුවෙන් අල්ලා ගන්නා බවයි. ඔවුන්ට අනුව ඊට මුහුණ දීමටනම් පවතින එන්නත් තව දුරටත් වැඩිදියුණු කිරීම් වලට ලක්කළ යුතුව ඇත මේ වන විටත් ඒ සදහා රටවල් කිහිපයක් කටයුතු කරමින් සිටී.

මීට දින 10කට පෙර සංවෘත පොදු ස්ථානවල මුහුණූ අවරණ පැළඳීමේ අවශ්‍යතාවය අතහැර දැමූ ලෝකයේ වඩාත්ම සාර්ථක එන්නත් කිරීම් ව්‍යාපාරයක් ඇති ඊශ්‍රායලය තුළ පවා ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් නැවතත් ආසාදිත සංඛ්‍යාවන් ඉහළ සංඛ්‍යාවක් වාර්ථාවීම නැවතත් ආරම්භ වී ඇත.

එමෙන්ම මෙතෙක් සාර්ථක ලෙස එන්නක් කරණය සිදු කළ යුරෝපීය රටවල් රැසක්ද එන්නත කෙරෙහි විශ්වාස තබමින් ලිහිල් කළ සීමාවන් නැවතත් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත්තේ කොවිඩ් වසංගතයේ මූලාරම්භය යළිත් සිහිපත් කරමිනි. මෙම ප්‍රභේදය පැතිර යෑමේ වේගවත් බව නිසාම සෑම පුද්ගලයෙකු විසින්ම සිය පෞද්ගලික සෞඛ්‍ය සුරක්ෂිත තාව තහවුරු කිරීමේ වැදගත් කම ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

 

Share

Recent Posts

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

18 mins ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

16 hours ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

18 hours ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

18 hours ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

18 hours ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

20 hours ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

1 day ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

2 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

2 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

2 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

2 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

3 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

3 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

3 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

3 days ago