එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ට Zaporizhzhia න්‍යෂ්ටික සංකීර්ණය නැරඹීමට සහ පරීක්ෂා කිරීමට මෙන්ම වෙබ් අඩවියට ප්‍රවේශ වීමට රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් අවසර ලබා දී ඇති බව වාර්තා වේ. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සමඟ රුසියා ජනාධිපති පැවැත්වූ දුරකතන සාකච්ඡාවකින් අනතුරුව මේ බව නිවේදනය කර තිබේ.
එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටේරස් විසින් පසුගිය දා රුසියානු රජයෙන් ඉල්ලා සිටියේ න්‍යෂ්ටික බලාගාරයේ තත්වය පිළිබඳ තමන් කනස්සල්ලෙන් පසුවන බවත්, Zaporizhzhia අවට හමුදා ක්‍රියාකාරකම් අවසන් කර පරීක්ෂකවරුන්ට එයට ප්‍රවේශය ලබා දෙන ලෙසත්ය. භූමියේ තත්වය පරික්ෂා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ජනරාල්, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA), පුටින් මහතාගේ ප්‍රකාශය පිළිගත් අතර, ඔහු විසින්ම බලාගාරයේ සංචාරයකට නායකත්වය දීමට කැමති බව ප්‍රකාශ කර ඇත.
රුසියාව විසින් මෙම සංකීර්ණය හමුදා කඳවුරක් බවට පත් කර ඇති බවට යුක්රේනය විසින් චෝදනා කරමින් ඇත. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මිලිටරි උපකරණ, ආයුධ සහ 500 ක පමණ භට පිරිසක් යොදවා, ඔවුන් මෙම ස්ථානය පලිහක් ලෙස භාවිතා කරමින් Dnieper ගඟ හරහා නගරවලට පහර දෙන බවටයි. මෙවැනි ඉතා අස්ථාවර සහ බිඳෙනසුලු තත්වය තුළ, ලෝකයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයක ආරක්ෂාව අනතුරට පත් කළ හැකි නව ක්‍රියාමාර්ගයක් නොගැනීම ඉතා වැදගත් බව එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් රෆායෙල් ග්‍රෝසි මෙහිදී පවසා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
සශිකලා මධුෂාණී_
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.