අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුව විසින් මිලියන 1.38 ක ශක්තිමත් සන්නද්ධ හමුදාවන් සඳහා නව බඳවා ගැනීමේ ප්‍රතිසංස්කරණයක් ප්‍රකාශයට පත් කර ඇත. එමඟින් ඔවුන් බලාපොරොත්තු වන්නේ විශ්‍රාම වැටුප් වියදම් අඩු කිරීම හා වැඩ කළ යුතු කාලය කෙටි කිරීම යන්න අපේක්ෂා කරන බව රජයේ ආරංචි මාර්ග දක්වයි.
හින්දි බසින් අග්නිපත් හෝ “ගිනි මාර්ගය” ලෙස හඳුන්වන මෙම නව බඳවා ගැනීමේ ක්‍රමය සඳහා, අවුරුදු 17 හමාරක් සහ 21 අතර පිරිමින් සහ කාන්තාවන් වසර හතරක සේවා කාලයක් සඳහා නිල නොවන නිලයන් සඳහා බඳවා ගනු ලැබේ. මෙලෙස නිල නොවන නිලයක් වෙනුවෙන් කෙටි කාලයක් සඳහා බඳවා ගැනීම තරුණ තරුණියන්ගේ කනස්සල්ලට හේතු ව ඇත. ඔවුන් මේ පිළිබඳ දැඩි කෝපයෙන් පසුවන අතර ආවේගශීලීව රට පුරා විරෝධතා පවත්වමින් ඇත.
“අවුරුදු හතරක් විතර වැඩ කරලා අපි කොහෙද යන්නෙ?” විරෝධතා කරුවන් රොයිටර් මාධ්‍යවේදීන් වෙත පවසා ඇත.
මෙම නව ප්‍රතිසංස්කරණය පිළිබඳව හමුදා ප්‍රවීණයන්, විපක්ෂ නායකයින් සහ මෝඩිගේ පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) සමහර සාමාජිකයින් පවා මේ පිළිබඳව ගැටලු මතුකර තිබේ. පවතින තත්වය පාලනය කිරීම සඳහා පොලීසිය විසින් අහසට වෙඩි තැබූ බව රොයිටර් මාධ්‍ය නිවේදනය කර ඇති අතර ඔවුන්ගේ වීඩියෝ පට වල වෙඩි තබන දර්ශන ඇතුලත් වේ. තුවාල ලැබූවන් පිළිබඳ ක්ෂණික තොරතුරු මේ වන තෙක් අනාවරණය වී නොමැත.
හර්යානා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් තත්වය තව දුරටත් අවුල් වියවුල් වීම වැලැක්වීම සඳහා ඉදිරි පැය 24 තුළ පල්වාල් දිස්ත්‍රික්කයේ ජංගම අන්තර්ජාලය තාවකාලිකව අත්හිටුවා ඇති බව පවසයි. ජෙහානාබාද් හි හරස් මාර්ගයක ටයර් පුළුස්සා දැමූ විරෝධතාකරුවන් සටන් පාඨ කියමින් තම සේවය සඳහා යෝග්‍යතාවය අවධාරණය කරන්නට විය. මීට අමතරව නැඟෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ විරෝධතාකරුවන් නවදා නගරයේ භාරතීය ජනතා පක්ෂ කාර්යාලයකට ගිනි තබා ඇත. බිහාර්හිහිදුම්රිය දේපළවලට ද පහර දී ඇති අතර දුම්රිය ස්ථාන රැසක් විනාශ කර ඇත. විරෝධතා පෙළපාලි රට පුරා විවිධ ප්‍රදේශවල පැතිර ඇති බව පොලිස් නිලධාරීන් රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.
උත්තර් ප්‍රදේශ්හි භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රීවරයෙකු වන වරුන් ගාන්ධි, බ්‍රහස්පතින්දා ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං වෙත ලිපියක් යවමින් කියා සිටියේ මෙම යෝජනා ක්‍රමය යටතේ බඳවා ගන්නා අයගෙන් 75% ක් වසර හතරක සේවයෙන් පසු රැකියා විරහිත වන බවයි. සෑම වසරකම මෙම සංඛ්‍යාව වැඩි වනු ඇති බව ඔහු ප්‍රකාශ කර ඇත. විරෝධතාකරුවන් විසින් ඉන්දියාවේ නොනවතින විරැකියා ගැටලුව වෙනුවෙන් මෝදිගේ මෙම ප්‍රතිසංස්කරණය තාවකාලික පැලැස්තර බව මෙහිදී දැඩිව අවධාරණය කරමින් ඇත.
සශිකලා මධුෂාණී_
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…