සත් සමුදුරෙන් එහා ආගන්තුක රටක වුව අමුතු දේ සිදු නොවේ. විය හැකි දේවල් තිබෙන්නේ දෙකක් පමණි. එක්කෝ, අප ජීවත් වන ලංකාවට වඩා බොහෝ ප්‍රශස්ත දේවල් යම් රටක සිදුවනු ඇති. එසේත් නැතිනම් ලංකාවටත් වඩා පහළ තැනක ඒ රටවල් ලෝක සිතියමේ ස්ථානගත වී තිබෙනු ඇති. කෙසේ නමුත් ලෝක සිතියමේ කොතැනක කවරක් සිදුවුවත්, ඒ සිදුවන දේවල් සහ ඒවායේ විශ්ලේෂණය තුළ ලංකාවට සාපේක්ෂව සිදුවීම් ගැළපීමේ හැකියාවක් තිබේ. එය හුදු පරිවර්තකයන්ට හෝ විදෙස් පුවත් යනු හුදු ආගන්තුක ‘වෙනම වැඩක්’ යැයි සිතාගෙන සර්වර් අවකාශය පූරණය කිරීමේ යෙදී සිටින්නන්ට ගෝචර නොවිය හැකිය.
විදෙස් පුවත් යනු හුදු ගොසිප් හෝ කාලීන වටිනාකමකින් යුක්ත නීරස කෙටි සටහන් යැයි පැවති දුර්මතය බිඳින්නට ද අපට මුල පටන්ම උවමනාවක් තිබිණි. ඒ උවමනාව අප අත්දුටුවේ බොහෝ දෙනා තරග විභාගවලදී ගෝලීය දැනුම හෝ ලෝක දැනුම සම්බන්ධයෙන් දරන වෙහෙසකර සහ ප්‍රතිඵල විරහිත මහන්සිය අප දුටු හෙයිනි. ඒවා බොහෝ විට හුදු යාන්ත්‍රික කට පාඩම් කිරීම්වලට ලඝු කර තිබේ.
අවුට්බවුන්ඩ් ටුඩේ වෙබ් අඩවිය සිංහල විකිපීඩියාවකින් ඔබ්බට යා යුතු බව ආරම්භයේ සිටම මෙම සාමූහික ප්‍රයත්නය වෙත ලැබුණු සවිඥානික ඉල්ලීම විය. අප කරමින් සිටින්නේ සහ කිරීමට උත්සාහ ගන්නේ ඒ කාර්යයයි. එක් පසෙකින් අවුට්බවුන්ඩ් ටුඩේ යනු, ලිබරල් අවකාශයකි. එහි ලිවීම් සම්ප්‍රදාය අතික්‍රමණය කරනු ඇත. එමගින් ගෝලීය දේශපාලනයක් ගැන කතා කරනු ඇත. දේශසීමා බාධක මනුෂ්‍යත්වය විසින් බිඳ දමන අන්දම කතා කරනු ඇත. අන්ත දක්ෂිණාංශික ඇදහීම්වලට, සියලු ආකාරයේ අන්තවාදීත්වයන්ට එය අතුල් පහර දෙනු ඇත.
මෙම වෙබ් අඩවියේ ‘ස්ථිර තැන්පතුවේ’ දමා ඇති විශේෂාංග වෙත අවධානය යොමු කරන විට, ‘චරිත’ කාණ්ඩය යටතේ අප ලියන කියන දෑ සැලකිල්ලෙන් කියවන විට ඔබට මේ බව තවදුරටත් තහවුරු වනු ඇත. අතිශය සාමාන්‍ය ආකාරයකින් ලියැවෙමින් ඇරඹෙන පුවතක් පවා, පාඨකයන්ට සිතා බලන්නට යමක් ඉතිරි කරමින් නිමා කරන්නට අපට උවමනා ය.
දූපත් මානසිකත්වය සහ මානසික වහල් භාවය බිඳ දමා හෘද සාක්ෂියේත් බුද්ධියේත් ගිනි මැළයක් දල්වන්නට අපට උවමනා ය.
ලොව යන අත ගැන ඔබව යාවත්කාලීන කරමින්, දේශීය වශයෙන් ඒවා අපට අදාළ විය හැකි ආකාරය ගැන උතුරු තරුවක් වන්නට අපට උවමනා ය.
එනිසා මේ කතු වැකිය, අපගේ ඒ වෑයම වටහා ගනිමින් අප සමග සිව් වැනි වසරටත් නොසැළී රැඳී සිටින දයාබර පාඨක ඔබට වෙත පිදෙන – මුදුනත තුති මලක් පිපුණු නත්තල් තෑග්ග ය.
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…