උතුරු අත්ලාන්තික් සාගරයේ දූපතක් වන උතුරු යුරෝපීය අයිස් ලන්තය, තල්මසුන් දඩයම් කිරීමට ඉඩ දෙන ස්ථාන කිහිපයෙන් එකකි.
ජපානයද තල්මස් දඩයමෙන් ඉහල ආදායමක් උත්පාදනය කරයි. නමුත් තල්මසුන් ඇල්ලීම තවදුරටත් ලාභදායී නොවන බව අයිස්ලන්තයේ ධීවර ඇමති පවසයි.
අයිස්ලන්තයේ මෑත කාලීන වාර්ෂික වාර්තාවන් අනුව වඳවීමේ තර්ජනයට ලක්ව ඇතැයි සැලකෙන වරල් තල්මසුන් 209 ක් දඩයම් කිරීමට ඉඩ ලබා දෙන අතර මින්කේ තල්මසුන් 217 ක් ඉන් කැපි පෙනේ. එය කුඩාම විශේෂ වලින් එකකි.
දත්ත වාර්තා අනුව පසුගිය වසර තුන තුළ තල්මසුන් මරා දැමීමෙන් පෙන්නුම් කළේ එම ක්‍රියාවෙන් රටට ආර්ථික ප්‍රතිලාභයක් නැති බවයි.
තල්මසුන් දඩයම 2023 වසරෙන් ඔබ්බට දීර්ඝ කරනවාද නැද්ද යන්න තීරණය කිරීමේදී මෙය ප්‍රධාන සාධකයක් වනු ඇතැයි එරට වාමාංශික හරිත පක්ෂයේ සාමාජික ස්වවාර්ස්ඩොටිර් පෙන්වා දෙයි.
දශක තුනක විරාමයකින් පසු ජපානය 2019 දී වාණිජ තල්මසුන් දඩයම් කිරීම නැවත ආරම්භ කළ විට, එය අයිස්ලන්තයේ තල්මසුන් අපනයනය සඳහා ඉල්ලුමේ සැලකිය යුතු පහත වැටීමක් ඇති කළ අතර දඩයම් කිරීම අඩු ලාභයක් බවට පත් කළේය.
එමෙන්ම කොවිඩ් සමාජ දුරස්ථ නීති මගින් අයිස්ලන්ත තල්මසුන් මස් සැකසුම් කම්හල් කාර්යක්‍ෂමතාවය අඩු කළ අතර, මසුන් ඇල්ලීම තහනම් වෙරළබඩ කලාපයන් දීර්ඝ කිරීම තල්මසුන් දඩයම් කිරීමේ පිරිවැය ඉහල දැමිනි.
අයිස්ලන්තයේ තල්මසුන් දඩයම් කිරීමේ ක්‍රියාකාරකම් එරට ආර්ථිකයට ඍණාත්මක බලපෑමක් ඇති කළ හැකි බව ද ස්වවාර්ස්ඩොටිර් මහත්මිය පැවසුවාය.
නිදසුනක් වශයෙන්, 2006 දී අයිස්ලන්තය වාණිජ තල්මසුන් දඩයම් කිරීම නැවත ආරම්භ වූ විට, එක්සත් ජනපදය පදනම් කරගත් හෝල් ෆුඩ්ස් සමාගම අයිස්ලන්ත නිෂ්පාදන අලෙවි කිරීම නැවැත්වීය.
තල්මසුන් ආශ්‍රිත සංචාරක කර්මාන්ත දැන් අයිස්ලන්තයේ වඩාත් සාර්ථක වී ඇති අතර, සාගර ක්ෂීරපායීන් දැකබලා ගැනීමේ අපේක්ෂාවෙන් තල්මස් නිරීක්ෂකයින් සිය දහස් ගණනක් 2019 දී දිවයිනට පැමිණ තිබේ.
දැනට වාණිජ තල්මසුන් දඩයම් කිරීමට නීතිමය ළුහෙය්න අවසර දී ඇති රටවල් වන්නේ අයිස්ලන්තය, නෝර්වේ සහ ජපානයයි.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…