එසැණ පුවත්

ඇමරිකාව චීනයට විරුද්ධව නඩු පැවරීම අරඹයි

මේ අනුව මිසූරි ජනපදයේ නීතිපතිවරයා වන මිසූරි නීතිපති එරික් ෂ්මිට් විසින් චීනයට විරුද්ධව පළමු නඩුව පවරා තිබේ.

තොරතුරු වසංකිරීම, රහසිගත තොරතුරු ලබාදෙන්නන් (විෂ්ල් බ්ලෝවර්ස්) මර්දනය කිරීම සහ වසංගතය පැතිරීම වැළැක්වීමට ප්‍රමාණවත් දේවල් නොකිරීම එම චෝදනා පත්‍රයට ඇතුළත් වේ.

මෙම පළමු නඩුවෙන් අවධානය යොමු කරන්නේ මිසූරි ජනදයට වසංගතයෙන් වූ හානිය පිළිබඳව ය. මිසූරි හි 6105 දෙනෙකු රෝගයට ගොදුරු වී ඇති අතර, 229 දෙනෙක් මේ දක්වා මිය ගොස් තිබේ.

චීනය මෙවැනි නඩුකර සම්බන්ධයෙන් ස්වාධිපත්‍ය මුක්තියක් (sovereign immunity) දරන බව සාමාන්‍ය පිළිගැනීමයි. එනම් විදේශවලදී චීන ආණ්ඩුවට එරෙහිව පවරන නඩුවලින් මුක්තියක් ඔවුන්ට හිමි ය. නමුත් ඒ මුක්තිය හිමිවීමේ සීමාවන් සහ එය ව්‍යාතිරේඛී වන අවස්ථා මෙහිදී අධිකරණය විසින් දීර්ඝ වශයෙන් සලකා බැලීමට නියමිත ය.

මෙම නඩුවේ චෝදනා පත්‍රෙයන් කියැවෙන තවත් වැදගත් කාරණාවක් වන්නේ, චීන සෞඛ්‍ය බලධාරීන් මෙම වසංගතය මිනිසාගෙන් මිනිසාට බෝ වන බව සනාථ වී තිබියදීත්, ලෝක සෞඛ්‍ය සංවිධානයට ඔවුන් ඒ බව මූලික අදියරේදී වසං කළ බවයි. ඒ අනුව වුහාන් පළාතෙන් දහස් ගණන් ජනයා පිටවීම සහ ඇතුල් වීම සිදුව තිබේ. ජනවාරි 16 වැනිදා පවා වුහාන් හි නායකයන් විසින් 40,000 ක පිරිසකට භෝජන සංග්‍රහයක් පවත්වා තිබේ.

මෙම වසංගතය පිළිබඳ මුල් වරට තොරතුරු හෙළිකළ වුහාන් හි වෛද්‍ය ලී වෙන්ලියැන්ග් ඇතුළු පිරිසක් සංවිධානාත්මක ලෙස පොලිස් මර්දනයට නතු කළ ආකාරය ද මෙහිදී සැලකිල්ලට ගෙන ඇත.

‘‘වසංගතයට පෙර මිසූරි ජනපදයේ විරැකියා ප්‍රතිශතය අවම මට්ටමක තිබුණා. නමුත් මේ වන විට එය මහා උද්ධමනයෙන් පසු උපරිම මට්ටමට ළඟා වී තිබෙනවා..‘‘ යැයි ද සිය ජනපදයට වූ හානිය ස්ථාපිත කරමින් නීති විශාරදයෝ ප්‍රකාශ කරති.

ඉදිරියේදී ඇමරිකාවේ සෙසු ජනපද මෙන්ම රටවල් ගණනාවක් ද චීනයට එරෙහිව නීති මාර්ගයට පිවිසීමට නියමිත ය.

ප්‍රධාන ඡායාරූපය – Eric Schmitt, Missouri attorney general, speaks during a news conference outside the Supreme Court in Washington, DC, on September 9, 2019.

Share

Recent Posts

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

8 hours ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

23 hours ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

1 day ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

1 day ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

1 day ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

1 day ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

1 day ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

2 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

2 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

2 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

2 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

3 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

3 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

3 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

3 days ago