ක්‍රීඩා

ඇෆ්ගන් වේගය ඕස්ට්‍රේලියාවට

ඇෆ්ගන් කෙටි දුර ධාවන සූරී කාමියා යුසූෆ්ට ඔස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ ලැබී ඇත.තලේාන් පාලනය යටතේ ඇෆ්ගන් කාන්තා ක්‍රීඩාවට ඉඩ වැසි ඇති අතර ක්‍රීඩාවන් කිරීම හිංසනය කැඳවන කාරණයක් ලෙස ද හැඳින්විය හැකිය.මේ සම්බන්ධයෙන් සැළකිල්ල යොමු කළ ඕස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුව කාමියා යුසුෆ්ට ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ ලබා දෙන්නට ඉදිරිපත් වි ඇත.ඔස්ට්‍රේලියානු රජයේ සහය ඇතිව ඕස්ට්‍රේලියාව බලා ආ ඇෆ්ගන් පවුල් පහක් අතරේ කාමියා ගේ පවුලද සිටි අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ලෝක ක්‍රීඩා පවුල වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන් මේ දක්වා රැදී සිටි ස්ථානයන්හී දී නඩත්තු කිරීමේ කාර්යයට මැදිහත් වී ඇත. සමාජමය බාධාවන් කාන්තාවන්ට බහුල ඇෆ්ගන් පරිසරය තුළ සහනදායි අවස්ථාවකින් 2020 දී ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කළ කාමියා එහිදී ඇෆ්ගන් ධජය රැගෙන යාමට ද සුදුසුකම් ලද්දාය.මීටර් 100 සහ 200 ඉසව් නියෝජනය කරන කාමියා ඔලිමපික් උළෙලේදී මීටර් 100 මූලික තරගවලට ඉදිරිපත් වූවාය.ඇය මීටර් 100 ඉසව්වට දක්වා ඇති හොඳම දක්ෂතාවය වන තත්පර 13.29 හෝ මීටර් 200 සඳහා දක්වා ඇති හොඳම දක්ෂතාවය වන තත්පර 30.39 ජාත්‍යන්තර මට්ටමේ පිළිගත හැකි හොඳ දක්ෂතාවයක් නොවේය. ඒවා අතිශයින් දුර්වල දක්ෂතාවයන් වුවත් ඔවුන් දුවන්නේ තරග ආරම්භයට ඇසෙන වෙඩි උණ්ඩයට නොව ජීවිතය ගිල ගන්නට යොමු වී තිබෙන උණ්ඩ වරුෂාවක් මැද බව සිතෙන විට කාමියා අතිශයින් එඩිතර තරුණියක්ය.

ක්‍රීඩාවට අවශ්‍යය සැහැල්ලු මානසිකත්වය වෙනුවට ක්‍රීඩා කිරීම මරණයට හේතු විය හැකිය යන හැඟීමෙන්,සම්ප්‍රදායික ඇඳුම් ආයිත්තම් සමඟ දුවන්නියකට වඩා ඕස්ට්‍රේලියාවේදි ඈ වෙනස්වන්නට ඉඩ ඇත.2020 දි ඇෆ්ගන් අවස්ථාව ලැබුණ වේගයට වඩා වේගයකින් 2024 පැරිස් ඔලිම්පික් සඳහා දුව යාමේ සුදුසුකමට කාමියාට සූදානම් වන්නට බව ඇයද දන්නීය.එය දැන දැනම කාමියා කියන්නේ ඇය එම සිහිනය සාර්ථක කර ගන්නට වැඩ කරන බවය.ඒ වන විට තලේබාන් පාලනයෙන් මිදුණු නිදහස් ඇෆ්ගන් රජයක් තිබුණොත් කාමියා වඩාත් නිදහස්ව දුව යනු දැකිය හැකිය.නමුත් ඇය වේගයට වඩා එඩිතරකමේ ප්‍රකාශනයක්ය.ඒ එඩිතරකමම යොදා ඇය වඩා වේගයෙන් දිවයන පිංතූරයක් බලන්නට ක්‍රීඩාවේ මානව ගුණාංගවලට ආදරය කරන කවුරුත් බලා සිටිනවා නිසැකය.

ක්‍රීඩාවේ මානසික සහ මානුෂික මෙහෙවර ගැන හොඳ උදාහරණයක් හැටියට ඕස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුවේ ප්‍රධාන විධායක මැට් කැරොල් පවසන කතාව ගත හැකිය.” මෙම කාලය තුළ ඔවුන්ට මෙම කාලය තුළ ආතතිය සහ අවිනිශ්චිතතාවය අතිමහත් ය.”
පළමුව කාමියාගේ ධාවන පථයේ රංගය දැකිම වෙනුවට ඕස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුව ඇය තරග වැදීමට සුදුසු ස්ථාවර,විශ්වසනීය සහ සැහැල්ලු මනසක් සකස් කිරිමට උත්සාහ දරනවා ඇත.සැබෑ දක්ෂ වේදිකා රංගයක බොහෝ බර ඇත්තේ තිරය පිටුපස ඔහු කරන කැපවීම සහ ඔහුට ලැබෙන අමිල සහයෝගය මතය.අපි කාමියාගේ තිරය විවර වෙන තෙක් ඉවසමු.!

කාමියා ඔලිම්පික් උළෙලේ ඇෆ්ගනිස්ථාන ධජය සමඟ
Share

Recent Posts

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

7 hours ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

8 hours ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

12 hours ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

15 hours ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

16 hours ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

16 hours ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

20 hours ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

1 day ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

2 days ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

2 days ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

2 days ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

2 days ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

2 days ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

2 days ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

2 days ago