එසැණ පුවත්

‘ඉරානයේ තැන් 52කට ගහන්න ආයුධ ලෑස්තියි ‘ – ට්‍රම්ප්ගෙන් ගර්ජනාවක්

ඉරානය විසින් ඇමරිකානුවන්ට හෝ ඇමරිකානුවන්ගේ වත්කම්වලට පහර දෙන්නේ නම් තමන්ගේ මීළඟ ඉලක්කය එය බව ද ඇමරිකානු නායකයා පවසයි.

මෙම ස්ථාන 52, මෙයට වසර කිහිපයකට පෙර ඇමරිකානුවන් ඉරානය විසින් ප්‍රාණ ඇපයට ගන්නා ලද ස්ථාන බව ද සඳහන් වේ.

තවද මෙම ස්ථානවලින් සමහරක් ඉරානයට සහ ඉරාන සංස්කෘතියට අතිශය වැදගත්කමකින් යුතු බව ද එම තර්ජනාත්මක ට්වීටයේ දැක්වේ.

“We have … targeted 52 Iranian sites (representing the 52 American hostages taken by Iran many years ago), some at a very high level & important to Iran & the Iranian culture”
“if Iran strikes any Americans, or American assets… Iran itself, WILL BE HIT VERY FAST AND VERY HARD,”

ඇමරිකාව මේ වන විට ඩොලර් ට්‍රිලියන 2 ක හමුදා ආම්පන්න මිලදී ගත් බව ද ට්‍රම්ප් තවදුරටත් පවසයි.

ට්‍රම්ප්ගේ ‘ලස්සන ආයුධ‘!

‘‘අපි තමයි විශාලම සහ ලෝකයේ මේ දක්වා ලොකුම හමුදාව! ඉරානය ඇමරිකානු හමුදා කඳවුරකට හෝ ඇමරිකානුවෙකුට පහර දුන්නොත්, අපි ඒ වෙනුවෙන් අපේ අලුත්ම අලුත්, ‘ලස්සන ආයුධ‘ (‘brand new beautiful equipment‘) පාවිච්චි කරනවා. කිසිම පැකිළීමක් නැතිව..‘‘

‘‘උන් අපිට ගැහුවා. අපිත් ගැහුවා. උන් අපිට ආයෙත් ගැහුවොත්, මම කියනවා එහෙම කරන්න එපා කියලා, අපි උන්ට කවදාවත් නැති විදිහට පහර දෙනවා!“

අප මීට පෙර ලිපියකින් ද පෙන්වා දුන් පරිදි, ට්‍රම්ප්, ඉරානයේ අංක එකේ හමුදා ජනරාල්වරයා ඝාතනය කිරීමට නියෝග කළේ කොංග්‍රසයට දැනුම් දීමකින් තොරව ය. බ්‍රහස්පතින්දා සිදුකළ මේ ඝාතනය සහ මරණය පිළිබඳ ධවල මන්දිරය ඇමරිකානු කොංග්‍රසය වෙත විධිමත් ලෙස දැනුම් දුන්නේ එයට දින 2 කට පසු ඊයේ (සෙනසුරාදා) ය.

ට්‍රම්ප් මේ ට්විටර් පණිවුඩ මාලාව ලියන්නේ එයට පසුව ය.

දැලි පිහියෙන් කිරි කන ට්‍රම්ප්

ට්‍රම්ප්ගේ පරිපාලන නිලධාරීන්, කළ යුත්තේ පළිගැනීම හෝ කටමැත දෙඩවීම නොව සිදුවිය හැකි අනාගත හානි අවම වන සේ ‘කට පරිස්සම් කර ගැනීම‘ යැයි නැවත නැවතත් පවසා තිබුණත් ට්‍රම්ප් දැන් පෙරටත් වඩා වහසි බස් දොඩමින් සිටියි. පහරදීම සිදුකළේ යුද්ධයක් ඇරඹීමට නොව යුද්ධය අවසන් කිරීමට බව ඊයේ දිනයේ ට්‍රම්ප් කියා තිබුණත්, අද වන විට ඔහු හැසිරෙන්නේ එයට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකට ය.

ඇමරිකාවේ අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ වැඩ බලන ලේකම් චැඩ් වුල්ෆ්, ජනවාරි 18 වනදාට කල් ඉකුත් වන පරිදි අලුත් ‘ජාතික ත්‍රස්තවාදී උපදේශන පද්ධති බුලටිනයක්‘ හඳුන්වා දී ඇත. එයින් වැඩි අවධානයක් යොමු කරන්නේ ඇමරිකාවේ යටිතල පහසුකම් සහ සයිබර් ඉලක්ක පිළිබඳව ය.

‘‘ඉරානය ලෝකයේ බලවත්ම සයිබර් වැඩසටහනක හිමිකරුවන් බවත්, ඇමරිකාවට විරුද්ධව ප්‍රබල සයිබර් ප්‍රහාර සිදුකළ හැකි බවත් අප අමතක නොකළ යුතුයි‘ යැයි චැඩ් වුල්ෆ් පවසයි.

මේ නිසා,  ට්‍රම්ප් ඇමරිකානු ජනතාවගේ මුදල් ට්‍රිිලියන ගණන් ආයුධ සඳහා වියදම් කර භෞතික ප්‍රහාර සඳහා සූදානම් වුණත්, ඉරානය ඇමරිකාවට පහර දෙන්නේ ට්‍රම්ප්ගේ පෙර කී ‘ලස්සන ආයුධ‘ පුස් වෙඩිලි බවට පත්කරමින් මුළු ලෝකයම අඩපණ කරමින් අන්තර්ජාලය හරහා ද විය හැකිය.

පෙර ලිපි මෙතැනින් කියවන්න –

සොලෙයිමනී මරා දැමූ වරදට ඇමරිකාවෙන් පළි ගන්නා බවට ඉරානය දිවුරයි!

ඉරාන හමුදා නායකයා මරා දැමුවේ දහස් ගණනක් ඇමරිකානු ජීවිත බේරාගන්නයි -පොම්පියෝ

ඔව්, මැරුවා තමයි – යුද්ධෙ නවත්තන්න!

එක්සත් ජනපද හමුදා කඳවුරකට රැන්සම්වෙයා වෛරස් ප්‍රහාරයක්

ඇමරිකාව, ඉරාන ප්‍රභූ ආරක්ෂක ප්‍රධානී සොලෙයිමනී මරා දමයි

මීළඟ ගල්ෆ් යුද්ධයට අත වනමින් මරා දැමුණු ‘රොක්ස්ටාර් ජනරාල්‘ – ක්වාසම් සොලෙයිමනී

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

7 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

9 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

9 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

10 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

24 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

1 day ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

1 day ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago