ඉරානයේ ආරක්ෂක අංශ විසින් ටෙහෙරානයේ මෙට්‍රෝ දුම්රිය පොළකදී හිස්වැසුම් නොපැළඳ සිටි කාන්තාවන්ට වෙඩි තබමින් බැටන් පොලු වලින් පහර දී ඇති බව වාර්තා වේ.
මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝ දර්ශනවන දැක්වෙන්නේ ජනාකීර්ණ වේදිකාවකට පොලිසිය වෙඩි තැබීමෙන් පසු බිම වැටී ඇති බොහෝ දෙනෙකු පාගාදමන ආකාරයයි. මගීන් පිටවීම් දෙසට දිව යන අතර මැදිරි හරහා ගමන් කරන පොලීසිය කාන්තාවන්ට බැටන්පොලු වලින් පහර දෙනු දක්නට ලැබේ. ඉරානයේ මෙට්‍රෝ දුම්රිය සහ පොදු ප්‍රවාහනය බොහෝ විට සදාචාර පොලිසිය විසින් මුර සංචාරයේ යෙදෙන අතර ඒජන්සි ප්‍රංශ-ප්‍රෙස් වාර්තා කළේ එක රැයකින් රට පුරා ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් හය දෙනෙකු මිය ගිය බවයි.
සිදුවීමෙන් අනතුරුව “අපි සටන් කරන්නෙමු! අපි මැරෙමු! අපි ඉරානය ආපසු ගන්නෙමු! ලෙස විරෝධතාකරුවන් දුසිම් ගනනක් ටෙහෙරාන් වීදියක හා මෙට්‍රෝ දුම්රිය පොළෙහි හිස් වැසුම්වලට ගිනි තබමින් ගායනා කරමින් සිය විරෝධය දක්වන අයුරුද දකනට ලැබිණි. මේලෙස මහ්සා අමීනිගේ මරණයත් සමඟ ආරම්භ වූ විරෝධතාවයන් මේ වන විට තුන්වන මාසයටත් එළඹ තිබේ.
ඔස්ලෝ පදනම් කරගත් ඉරාන මානව හිමිකම් (IHR) කණ්ඩායමට අනුව මාස දෙකක විරෝධතා හේතුවෙන් 300 කට වැඩි පිරිසක් ආරක්ෂක හමුදා විසින් මරා දමා ඇත. පුද්ගලයන් 15,000ක් අත්අඩංගුවට ගෙන ඇති බව එම සංවිධානය පවසන අතර එය ඉරාන බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇත.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…