ජපානයේ වෙසෙන සමරිසි, ද්වීරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් ගේ අයිතිවාසිකම් පිලිබඳව කටයුතු කරන ක්‍රියාකාරීන් සහ ඔවුන්ගේ සගයන් විසින් වසර ගණනාවක් මුලුල්ලේ ජාතික පාර්ලිමේන්තුව වන ඩයට් වෙත ලිංගික දිශානතිය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා නීති සම්පාදනය කරන ලෙස බලපෑම් කරමින් ඉල්ලා සිටියි.
ජපානයේ “සමානාත්මතා පනත” එක් යෝජිත නීතියක් වශයෙන් ජපානයේ දේශපාලන පක්ෂ අතර දැඩි සාකච්ඡාවකට ලක්ව ඇත.
පාලක කොන්සර්වේටිව් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය (LDP) විසින් පසුගිය අප්‍රේල් මාසයේදී නිවේදනය කළේ ජුනි මාසයේදී අවසන් වීමට නියමිත වත්මන් ඩයට් සැසියේදීඑල්ජීබීටී නීතියක් සම්මත කරන බවයි.
නමුත් සති ගනනාවක් තිස්සේ (LDP) විසින් එම නීතිය යටපත් කිරීමට උත්සාහ කරමින් සිටින අතර, ඒ වෙනුවට ඔවුන්ගේම දුර්වල පනතක් ඉදිරිපත් කරමින්, වෙනස්කම් කිරීම් වලින් ආරක්ෂා වීම වෙනුවට, “එල්ජීබීටී” ජනතාව පිළිබඳ අවබෝධය ප්‍රවර්ධනය කිරීම පමණක් පොරොන්දු වන බව පවසා සිටියි.
මෙම පනත ඉදිරිපත් කිරීමත් සමගම ඒ තුලින් ඉස්මතු වන්නේ ගැඹුරුඑල්ජීබීටී විරෝධී හැඟීම් බව හෙළි වී තිබේ.
සති කිහිපයකට පෙර පැවති රැස්වීමකදී, ලිංගික දිශානතිය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අනන්‍යතාවය අධ්‍යයනය කිරීම සඳහා (LDP) කමිටුවේ උපදේශකයකු වන කොජි ෂිගුචි, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් පිළිබඳ අසත්‍යය තොරතුරු හැඟවෙන අන්දමේ ප්‍රකාශ නිකුත් කර ඇති බවට වාර්තා වේ.
පසුගිය දිනක පැවති රැස්වීමකදී,
එල්ජීබීටී ප්‍රජාව පිලිබඳව ඇති ප්‍රශ්නය පාලනයෙන් තොර බවත්;
ඔවුන් වෙනස් කොට සැලකීමෙන් ආරක්ෂා කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය හඳුනා ගැනීම යන්නෙන් අදහස් කරන්නේ ඔවුන් “අද පිරිමියෙකු ව සිට හෙට කාන්තාවක්” බවට වෙනස්වීම බවත්;
මෙම සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවන් සිස්ජෙන්ඩර් කාන්තාවන්ට තර්ජනයක් වී ඇති බවත්
ඔහු ව්‍යාජ ලෙස පවසා ඇත.
තවද එම ප්‍රේක්ශකාගාරයේ සිටි සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවකට ඔහු පවසා සිටියේ මෙසේයි;
“ඔබ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු බැවින් ඔබේ හෝමෝන ප්‍රතිකාර රක්ෂණයෙන් ආවරණය කිරීම අවශ්‍ය නොවේ. ඔබ ඉපදුණු ශරීරය සමඟ ජීවත් විය යුතුයි.”
මේ පිලිබඳව මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ (LDP) සාමාජිකයින් මෙම පනතට විරුද්ධ වන බවයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…