සෙනසුරාදා (25) අලුයම නෝර්වේහි ඔස්ලෝ අගනුවර මධ්‍යයේ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් 21 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලැබූ 21 දෙනාගෙන් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
වෙඩි තැබීමට සම්බන්ධ 42 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට විරුද්ධව මිනීමැරුම්, මිනීමැරීමට තැත් කිරීම සහ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ගොනු කර ඇත. මෙය ස්ලාමීය ත්‍රස්ත ක්‍රියාවක් බව පොලීසිය ප්‍රකාශ කොට ඇති අතර තුවක්කුකරු 2015 සිට ආරක්ෂක අංශ විසින් “සැක සහිත රැඩිකල්වාදී ඉස්ලාම්වාදියෙකු” ලෙස හඳුනාගෙන තිබේ. ඔහුට මානසික රෝග පිළිබඳ ඉතිහාසයක් ඇති බව නෝර්වේහි පොලිස් ආරක්ෂක සේවාව ( PST) පවසා තිබේ.
මෙම වෙඩි තැබීම් සිදුව ඇත්තේ ජනප්‍රිය LGBTQ+ ස්ථානයක් වන London Pub, Herr Nilsen jazz club සහ තවත් පබ් එකක සහ ඒ ආසන්නයේය. සිද්ධිය ඇසින් දුටුවන් පැවසුවේ සැකකරු තම බෑගයෙන් තුවක්කුවක් ගෙන වෙඩි තැබීමට පටන් ගත් බවයි. අපරාධය සිදුවී ටික වේලාවකට අනතුරුව තුවක්කුකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම ස්ථානයේ තිබී ස්වයංක්‍රිය තුවක්කුවක් හා තවත් ආයුධයක් පොලීසිය භාරයට ගත් බව ප්‍රකාශ වේ.
ඔස්ලෝ හි වාර්ෂික සමලිංගික අභිමානවත් පෙළපාලිය සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබූ අතර එය පොලිස් උපදෙස් මත විධිමත් ලෙස අවලංගු කරන ලදී. එහෙත් එය නොතකා, පසු දින සියගණනක් ජනයා එම ස්ථානයට රැස් වූ බව BBC වාර්තා කරයි. ප්‍රහාරය එල්ල වූ ස්ථානය අසල දේදුනු කොඩි සහ මල් තබා ඇත.
නෝර්වේ රජු වන හැරල්ඩ් රජු මේ සම්බන්ධව ප්‍රකාශ කර තිබුණේ නිදහස, විවිධත්වය සහ එකිනෙකාට ගෞරවය කිරීමට අප නැගී සිටිය යුතු බවයි. ප්‍රහාරය සම්බන්ධයෙන් යුරෝපා කොමිසමේ සභාපති Ursula von der Leyen ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ “අහිංසක මිනිසුන්ට එල්ල වූ දරුණු ප්‍රහාරයෙන් තමන් කම්පනයට පත් වූ බවයි”,
සශිකලා මධුෂාණී_
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…