ඊයේ දිනයේ ඇෆ්ගනිස්ථානයේ දෙවැනි විශාලතම නගරය වන, අතීතයේ තලෙයිබාන් බලකොටුවක් ව පැවති ‘කන්දහාර්‘ නැවත අල්ලා ගැනීමට තලෙයිබාන් සටන්කාමීන් සමත් වූ අතර, මේ වන විට ඔවුහු කාබුල් අගනුවර බලය අල්ලා ගැනීම සඳහා සටන් කරමින් සිටිති.
පවතින තත්වය තුළ වහාම ඉවත් වන ලෙසට කාබුල් නුවර සිටි ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරීන් වෙත දැනුම් දී තිබේ.
තවද, එසේ ඉවත්වීමට පෙර සංවේදී තොරතුරු සහිත සියලු ලිපිගොනු හා තාක්ෂණික මෙවලම් විනාශ කර දමන ලෙස ද ඔවුන්ට උපදෙස් දෙනු ලැබීය.
මේ වන විට ඇෆ්ගනිස්ථානයේ පළාත්බද අගනුවරවලින් හරි අඩක් පමණ ඇෆ්ගන් ග්‍රහණයට නැවත නතු වී තිබේ.
ඉදිරි පැය 72 ඇතුළත හෝ උපරිම වශයෙන් සතියක් ඇතුළත කාබුල් අගනුවර බලය ඔවුන් විසින් අල්ලා ගනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
ඇමරිකානු ජනපති ජෝ බයිඩන්, ඇෆ්ගනිස්ථානයේ සිවිල් ජන ජීවිත ආරක්ෂා කිරීම සඳහා කළ යුතු දේ ගැන රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්, ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සහ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් සමග හදිසි සාකච්ඡා පවත්වා ඇත. තවද බ්ලින්කන් සහ ඔස්ටින්, ඇෆ්ගන් ජනපති අෂ්රෆ් ගානි සමග උද්ගත ව ඇති තත්වය පිළිබඳ සාකච්ඡා පවත්වා තිබේ.
ගතවූ පැය 72 ඇතුළත තලෙයිබාන් සටන්කාමීන් 1,000 ක් පමණ මරා දැමුණු බව ඇෆ්ගන් ආරක්ෂක අමාත්‍යාංශයේ නිල ට්විටර් සටහනක දැක්වේ. එහි තවදුරටත් සඳහන් වන්නේ තලෙයිබාන් සංවිධානයේ ගුවන් හමුදා බලය, ඇෆ්ගන් හමුදා බලය පරදවා ඇති බවයි.
ඇෆ්ගනිස්ථානයේ සිට විශේෂ සංක්‍රමණික අවසරය යටතේ ඇමරිකාව බලා පළා යාම සඳහා මේ වන විට 20,000 දෙනෙකු පමණ වීසා අයදුම් කර තිබේ.
එසේ කිරීමට හැකියාවක් නැති තවත් සිය දහස් ගණන් දෙනා තලෙයිබාන් සංහාරයෙන් මිදීමට පළා යමින් සිටිති.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…