ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සික් කෝවිලකට අද (18) තුවක්කුකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගිය බව කාබුල් පොලිසිය විසින් නිවේදනයක් නිකුත්කර තිබේ.
තුවක්කුකරුවන් හත් දෙනෙකු අද අලුයම සික් විහාරයට කඩා වැදීමට උත්සහ කර ඇත. ඔවුන් විසින් දොරටුවේ සිටි ආරක්ෂක නිලධාරියා වෙත අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, විහාරය පරිශ්‍රය තුළ පැය කිහිපයක් පැවති ගැටුමකින් පසු තුවක්කුකරුවන් හත් දෙනාම මරා දැමූ බව සඳහන් වේ. ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිවෙකු භාරගෙන නොමැති අතර, රාජ්‍ය පුවත් ඒජන්සිය මේ පිළිබඳ වාර්තා කරමින් ප්‍රකාශ කර ඇත්තේ මෙමගින් ආරක්ෂක හමුදා සාමාජිකයෙකු සහ සීක් බැතිමතෙකු මිය ගිය බවයි.
මෙම ප්‍රහාරය එල්ලවන මොහොතේ විහාරස්ථානය තුළ බැතිමතුන් 30 පමණ සිටි බවත් ඔවුන්ගෙන් කී දෙනෙකු ජීවත් වනවාද මිය ගියාද අප නොදන්නා බව විහාරස්ථාන නිලධාරී විසින් රොයිටර් පුවත් සේවය වෙත ප්‍රකාශ කර ඇත. ප්‍රහාරකයන් විසින් මෙම ප්‍රදේශයේම කාර් බෝම්බයක් ද පුපුරවා හැර ඇති අතර ඉන් ජීවිත හානි කිසිවක් මේ වන තෙක් වාර්තා වී නොමැත. ඇෆ්ගනිස්ථානය තුළ සික් ජාතිකයන් සංඛ්‍යාත්මකව සුළු අගයක් වාර්තා කරයි. එම ප්‍රජාවට තලෙයිබාන් පාලනයෙන් ඇතිවන ගැහැට සුළුපටු නොවේ.
එක්සත් ජාතීන්ගේ සහය දූත මණ්ඩලය විසින් මෙම ප්‍රහාරය හෙළා දකිමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ සාමාන්‍ය ජනතාවට පහර දීම වහාම නවතා දැමිය යුතු බවත් සීක්, හසාරා සහ සුෆි ඇතුළු සියලුම සුළු ජාතීන් ආරක්ෂා කළ යුතු බවත්ය. ඇෆ්ගනිස්ථානයේ යුරෝපීය සංගමයේ තානාපතිවරයා විසින් මෙම ප්‍රහාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ ආගමික (සහ වාර්ගික) බහුත්වවාදය පූර්ණ බලයෙන් ආරක්ෂා කළ යුතු බවයි. ඉන්දීය විදේශ අමාත්‍යංශය විසින් කාබුල් නගරයේ සික් විහාරයට එල්ල වූ මෙම ප්‍රහාරය පිළිබඳ රජය කරන ලද මෙම නිවේදනය පිළිබඳ කනස්සල්ලට පත්ව සිටින බව ප්‍රකාශ කොට තිබේ.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…