ඩෙන්මාර්ක් හි කොපන්හේගන් සාප්පු සංකීර්ණයේ ඊයේ (03) දින සිදු වූ වෙඩි තැබීමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ප්‍රාදේශීය පොලිසිය ඉරිදා දින ප්‍රකාශයට පත් කර තිබිණ.
මේ සම්බන්ධයෙන් 22 හැවිරිදි ඩෙන්මාක් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කෝපන්හේගන් පොලිස් ප්‍රධානී සෝරන් තෝමසන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වාර්තාකරුවන්ට පවසා ඇත. මෙම සිද්ධිය ත්‍රස්තවාදයට සම්බන්ධ බවට සැක කෙරේ. ඒ අනුව රට පුරා පුළුල් පොලිස් විමර්ශනයක් ක්‍රියාත්මක වන බවත් පොලීසිය විසින් නිවේදනය කර ඇත.
ඩෙන්මාර්කය අවසන් වරට ප්‍රධාන ත්‍රස්ත සිදුවීමක් දුටුවේ 2015 වසරේදීය.කෝපන්හේගන්හි සංස්කෘතික මධ්‍යස්ථානයකට සහ
සිනගෝගයකට එල්ල වූ ප්‍රහාරයකදී පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් පොලිස් නිලධාරීන් හය දෙනෙකු තුවාල ලැබීමෙනි.
සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ මිනිසුන් සාප්පු සංකීර්ණය හරහා දිව යන ආකාරයයි. යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති රොබර්ටා මෙට්සෝලා ටුවිට්හි ප්‍රකාශයක් නිකුත් කරමින් “සාප්පු සංකීර්ණයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් කිහිප දෙනෙකු මිය යාමේ බිහිසුණු වාර්තා වලින් පසු අද රාත්‍රියේ කෝපන්හේගන් හි සිටින සියලු දෙනා ගැන සිතනවා. ඩෙන්මාර්කය ඔබ සමඟයි,” ලෙසයි සඳහන් කර තිබුණේ.
මෙම වෙඩි තැබීම සම්බන්ධව මාග්‍රෙත් රැජින, ඔටුන්න හිමි ෆෙඩ්රික් කුමරු සහ ඔටුන්න හිමි මේරි කුමරියගේ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් නිවේදනය කර ඇත්තේ “ඛේදවාචකයේ සම්පූර්ණ ප්‍රමාණය අපි තවමත් නොදනිමු, නමුත් බොහෝ දෙනෙකුට ජීවිත අහිමි වී ඇති අතර ඊටත් වඩා තුවාල වී ඇති බව දැනටමත් පැහැදිලිය,” ලෙසයි. මේ පිළිබඳ පුළුල් විමර්ශන සිදු වෙමින් පවතින බව වැඩිදුරටත් අනාවරණය වේ.
සශිකලා මධුෂාණී_
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…