ක්‍රීඩා

ජයගැනීම මෙන්ම අත හැරීමද රැක ගැනීමට වැදගත්ය සෙරීනා – එමා ඇමෙරිකානු විවෘත ටෙනිස් ගැටුම ගැන විවරනයක්

තමන්ගේ එදිරිවාදියා හැටියට සිටින්නේ තමන්ගේ මවට ආසන්න වයසක කෙනෙකි.ඒ තරම් වයසකට තමන්ගේ යෞවනයට අභියෝග කළ හැකි කායික හා මානසික ශක්තියක් ඇත්තියක්….තමාව පරදන්න උත්සාහ කරන ඇයව පරාජය කළයුතු වුවත් තමාගේම ත්‍රීඩාවෙන් මේ තරම් කාලයක් සුපිරි වීරත්වය සුරැකගෙන සිටින ඇය, තමන්ට අදින් ද නොනැවතී හෙටද අභියෝග කරන බව දැනෙන විට දැනෙන්නේ අපූරු උත්තේජනයකි.ඇයගෙන් නොසැලි හැකියාවන් රැක ගන්න හැටි,ජවය ආරක්ෂා කරන හැටි ඉගෙනගත යුතුය.ඇය කියවා හමාර කර නොහැකි ආදර්ශමත් පාඩමක්මය.
මේවා බ්‍රිතාන්‍යයේ එමා රඩුකානු නොකී වචන වුණත් ඇමෙරිකානු එක්සත් ජනපද වීවෘත ටෙනිස් තරගාවලියේ ආරම්භක තරගය මොහොතේ දී, සිය ප්‍රතිවාදියා වන ටෙනිස් ඉතිහාසයේ වර්ණවත් පරමාදර්ශයක් වන සෙරීනා විලියම්ස් ප්‍රතිවිරුද්ධ දිශාවේ සිටගෙන සිටින විට ඇයට දැනෙන්නට ඇත.සෙරීනා 1995 සිය වෘත්තීය ජීවිතය පටන්ගෙන වසර හතක් නිමා වූ පසුව ඉපැදි එමා විශ්මිත ජයග්‍රහණයකින් එක්සත් ජනපද විවෘත තරගාවලියෙන් සෙරීනාව එළියෙන් තබන්නේ ඇය වයස 20 සපුරා දින කිහිපයකින් ය.මේ එක්සත් ජනපද තරගාවලිය සෙරිනාගේද පළමු මුල් පෙළ ජයග්‍රාහී තරගාවලිය වන්නේය.එවිට 1981 ඉපැදි සෙරීනාට වයස 18 කි.වසර 1999 ය.එමා ඊටත් වසර දෙකකට පසු ඉපිද ඇයට විසි වසරක් සැපිරී මොහොතේදී ඇය සෙරීනා සමඟ තරගයට එන බව සිතද්දී එමාට වඩා සෙරීනා වැදගත් නැද්ද?

මන්ද41 වැනි වියට පා තබන්න ඉතා ආසන්න දිනයක රැඳී සිටින සෙරීනාගේ ටෙනිස් වෘත්තීය ජීවිතයම එමාට වඩා වයස අවුරුදු 7 කින් වැඩිමහල් එකකි.
මාටිනා නව්රතිලෝවා,ස්ටෙෆි ග්‍රාෆ් වැන්නියන්ගෙන් පසුව ටෙනිස් ලොව රැජිණ වන්නට සෙරීනාට තිබුණ ප්‍රධානම බාධකය ඇයගේම සොහොයුරිය වූවාය.ඒ වීනස් ය.නමුත් දෙදෙනා පිටුපස සවිය වූ පියා රිචඩ් එම පිටියේ ගැටුමට පදනම වූ දෙදෙනාගේ දක්ෂතාවයන් නොනැවතී ගලා යන්නට අවශ්‍යය මඟ පෙන්වීය.ඔහු ලොව හොඳම ටෙනිස් ක්‍රීඩිකාවන් දෙදෙනාගේ පුහුණුකරු විය.පුහුණුවේදීම එකනෙකාට තමන්ට හමු විය හැකි හොඳම ප්‍රතිවාදියාව මුණ ගැසීම නිසා තරගයෙදී ජයග්‍රහණය අපහසු එකක් නොවිණි.

ඔවුන් දෙදෙනා එක්ව 2000,2008 සහ 2012 ටෙනිස් යුගල ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීම ඊට කදිම උදාහරණයකි.යුගල පිටියට පැමිණි විට මේ දෙදෙනා පරාජය කිරීමේ දුෂ්කරතාවය වෙනත් ඕනෑම කණ්ඩායමකට තදින් දැනෙන්නේ ජීවිතයේ බොහෝ තත්පරවල ඔවුන් එකටම රැඳෙන නිසාය.රිචඩ්ගේ මැදිහත්වීම ක්‍රීඩාව තියුණුව මුවහත් කරන්නට පාදක වූවා වගේම ඔවුන්ගේ සිරුරුවල අපූර්වත්වය ඉස්මතුවන වෙනස්ම ඇඳුම් විලාසිතාවලට ද ඔහු සිය දියණියන්ට බාධා නොකළාය.ඇතැම් විලාසිතාවලදී ඡායාරුපවලදි ටෙනිස් පිටියේ දී ක්‍රීඩා ඇඳුමට නිරාවරණය වී පෙනෙන ආශක්ත ශරීරයේ ඉතිරි ඇඳුම් ද පහසුවෙන් උනා දමන්නට ඔවුන් සූදානම්ව සිටියාය.සිනමා තරුවලට වඩා සෙරීනා සහ වීනස්ගේ නිරුවත් සිරුරුවලට තිබුණු ඉල්ලුම අධික එකක් විය.සමහර විට ඔවුන් ටෙනිස් ලොවේ රැජිණන් ලෙස ගෞරවයට පාත්‍රවීමේ සීමාවන් තරමටම ඒ සිරුරුවල ආකර්ශණයෙන් තමන්ගේ ප්‍රේමාන්විත සහ කාමාශක්ත සිහිනය කරගත් මිනිස්සු සෙරීනා සහ වීනස්ව වටකර ගත්හ.
හැම අතින්ම ඔවුන්ගේ ටෙනිස් හැකියාව රිච්ඩගේ පීතෘ සහ පුහුණු භූමිකාව සමඟ මහේශාක්‍ය ජීවිතයකට මඟ පාදද්දී වරින්වර මාටිනා හින්ගිස්,ජස්ටින් හෙනින්,මාරියා ෂරාපෝවා,සිට වර්ථමාන ටෙනිස් පිටියේ බොහෝ අය සමඟ ටෙනිස් පිටියේ අංක එකේ භූමිකාව සෙරීනාට හුවමාරු කර ගන්නට සිදු විය.වරෙක ආබාධ නිසා ද ඒ ත්ත්වයට ඇය මුහුණ දුන්නාය.නමුත් විශේෂත්වය වන්නේ ඒ හැම වැටීමකදීම රච්ඩ්ගේ පීතෘ පුහුණුකාරත්වය යටතේ තිබුණාට වඩා හොඳ විශ්වාසයකින් සහ ජවයකින් සෙරිනා නැඟී සිටීමය.මේ පියාගේ බලපෑම ඇතුළේ වීනස් – සෙරීනා යුගලය කළ ටෙනිස් විප්ලවය ද නිසා KING RICHARD නම් සිනමා පටය ද තැණින.

කෙසේ හෝ ඇමෙරිකානු විවෘත තරගාවලියේ පළමු තරගයෙන්ම සෙරීනාව එළියෙන් තබන එමා රඩුකානු මේ වන විට බ්‍රිතාන්‍යයේ අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාවයි.එමෙන්ම ඇය ඇමෙරිකානු වීවෘත තරගාවලියට අමුත්තියක නොවන අතර 2021 වසරේදී ඇය ගැන ලෝකය අවධානය යොමු කරන්න ගත්තේ මුල් ශ්‍රේණිගත ක්‍රීඩිකාවක් නොවී ඇමෙරිකානු විවෘක ටෙනිස් තරගාවලිය ජයගැනීමෙන්ය.ක්ලිම් ක්ලිජ්ස්ටර්ස්,ස්ලෝනි ස්ටෙපන්ස් හැරුණු විට 1981 ඇරඹි ඇමෙරිකානු විවාත තරගාවලියේ මෙවැනි දස්කමක් කර ඇත්තේ එමාය.එසේම පළමු ප්‍රධාන සූරතාවය ලෙස එවන් ක්‍රීඩිකාවක් ඇමෙරිකානු විවෘත සූරතාවය දිනා ඇත්නම් ඒත් එමාම ය.
ගෙවී ගිය වසරේ ඇමෙරිකානු විවෘත ටෙනිස් සූරතාවය සමඟ හොඳ ටෙනිස් ජීවිතයකට අවතීරණ වෙමින් සිටින එමා ඉකුත් මාසයේ සිය ටෙනිස් ජීවිතයේ ජගත් ශ්‍රේණිගත කිරීම්වලදි මුල් 10 අතරට පැමිණියාය.මේ වන විට ඇය සිටින්නේ 13 වන තැනය.
කැනඩාවෙන් බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වන එමාගේ උපත සිඳුව ඇත්තේ ටොරොන්ටෝවලය.නමුත් ඇය අද බ්‍රිතාන්‍ය ටෙනිස් වංශ කතාව අලුතින් ලියවන්නියක් බවට පත්ව සිටින අතර ඇය 1977 දී වර්ජිනියා වේඩ් විම්බ්ඩන් කිරුළ දිනා ගැනීමෙන් පසුව ග්‍රෑන්ඩ් ස්ලෑම් සූරතාවයක් දිනූ පළමු බ්‍රිතාන්‍ය ක්‍රීඩිකාවය.ඇයට එම ගෞරවය අත්වෙන්නේ 2021 ඇමෙරිකානු විවෘත තරගාවලිය ජය ගැනීමෙන් පසුවය.

ඒ අනුව එමා රඩුකානු යනු අහ්මබයක් නොවේය.2018 සිට ක්‍රමිකව වෘත්තීය ජීවිතයේ පෙරට පැමිණෙමින් සිටින දක්ෂ ක්‍රීඩිකාවක්ය.නමුත් සෙරිනා මේ මොහොතේ සිය විශ්‍රාමය සඳහා සූදානම්ව සිටියි.එහෙත් එමා සෙරීනාව පරාජය කිරීම ලෝකයට වඩාත් වටිනා ප්‍රවෘත්තියක් වන්නේ සෙරීනා මුහුණ දුන් පළමු තරගයෙන් ඉවත්වීම සහ එමා එක් තරග වටයක් ජය ගන්නේ 6 – 0 ක් වීම නිසාය.සෙරීනා යනු එසේ පරාජය කිරීමට නොහැකි බවට විශ්වාස කරන පුරාවෘත්තයක් වීම නිසාම ටෙනිස් ලෝකය සසල කරන්නට එමාගේ ජයග්‍රහණය දැඬිව හේතු වී ඇත.එසේම ග්‍රැන්ඩ් ස්ලෑම් සූරතා නවයකට හිමිකම් කියන්නියක වන බෙලරුසියාවේ වික්ටෝරියා අෂරැන්කා ද එමා අතින් පරාජය වන අතර ඇය ද එක් තරග වටයකදී එමා අතින් පරාජය වන්නේ 6 – 0 ක් ලෙස ය.

නමුත් 64 දෙනාගේ වටය සහ 32 වටය පහසුවෙන් ජය ගත්තත්,ඉකුත් වර ජයගත් සූරතාවය සඳහා යාමට එමාට ඉඩ ලැබුණේ නැත.වත්මන් ඇමෙරිකානු අංක එක සහ ජගත් ශ්‍රේණිගත කිරීම් හී මේ මොහොතේ අංක 8 රැදි සිටින ජෙසිකා පෙගුලා ඇයට හරස් විය.මුල් වටය 7 – 5 ක් ලෙසත් දෙවන වටය 6 – 4 ක් ලෙසත් ජයගත් ජෙසිකා ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලිය ආරම්භයේදීම ලෝකයෙම අවධානය දිනා ගත් එමා රඩුකානුගේ ගමන නතර කළාය.
ලොවම වශී කර ගත් අන්දමෙන් සෙරිනා පරාජයට පත් කිරීම යථාර්තයක් ලෙස ගතහොත් මේ මොහොතේ එමාට ඒ තරම් දුෂ්කර කාර්යයක් නොවන බව සියල්ලෝම දනිති.එහෙත් සෙරීනා පුරාවෘත්තයකි.පහසුවෙන් පරාජය වේ යැයි විශ්වාස කළ නොහැකි සෙරීනා ඒ පරාජයෙන් අවබෝධ කරගත යුතු සත්‍යයක් ද වේ.ඒ තමන් සම්බන්ධයෙන් ඇති විශ්වාසය සුරැකගෙන සමුගැන්මය.පහසුවෙන් පරාජය කළ හැකිය යන විශ්වාසය ඇති වෙන්නට පෙර ඇය නික්ම යා යුතුව ඇත.ඒ හැමදාම සෙරීනා වියම්ස් සමබන්ධයෙන් ක්‍රීඩා ලෝකයේ පවතින ගෞරවය සහ විශ්වාසය සුරැකිව තැබිය යුතුය.ඇය දිනූ දේ ඉතා දුෂ්කර මතු යළිත් කෙනෙකුට කළ නොහැකි තරමේ දේ නිසා ඒ පෞරුෂයට ඉතිහාසයේ ඒ තැන ඉතිරි කිරීමට වඩාත්ම වැදගත් තීරණය ගත හැක්කේ සෙරීනාට ය.කින්ග් රිචඩ් ද ඒ සඳහා මැදිහත්ව සිය කිරුළ බිම වැටෙන්නට නොදි රැකගන්න සිතිය යුතුය.

“I got a million miles on me
They want to see how far i’ll go
The path was never paved with gold
We worked and built this on our own”
KING RICHARD හී ඇති මේ පද අරුත් රැක ගන්න ඇවැසිය.ඔවුන් කොපමණ දුරක් යා දැයි ලෝකය බලා සිටියදී ගිය ගමන රනින් නොකළ මඟකි.එය ඔවුන් විසින් වෙහෙසි තනාගත් එකකි.රිචඩ් සහ සෙරීනා මෙය මේ මොහොතේ අවබෝධ කර ගැනීම පසුකර පැමිණි දුෂ්කර ගමනෙන් ඉනික්බිති සකස්කර ගත් සවර්ණමය කීර්තිය සුරක්ෂිත කිරීම පිණිස ඉතා අගනේය.ක්‍රීඩාවේ ජයගැනීම මෙන්ම අතහැරීමද රැක ගැනීම පිණිස වැදගත්ය.

එමා අවසන් 16 න් ඉවත් වුව ද,සෙරීනාට සහ අෂරැන්කාට අත් කර දුන් පරාජයන් හමුවේ කියා පෑවේ ඇය ගැන ලියන්නට,කතා කරන්නට ඉඩ ඇත්තේ තව ඉදිරියට බවය.ඒ ඉඩ එසේ තිබෙන්නට හැර අපි එමා දෙස බලා සිටිමු.ඒ,එය පිරෙන්නට ඇයම දවසක එහි එනු ඇතැයි විශ්වාසයෙන්ය.
RM

සෙරීනා
එමා
Share

Recent Posts

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

1 hour ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

16 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

20 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

24 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago