ලොව අංක එකේ ටෙනිස් ශූර නොවැක් ජොකොවික් පිටුවහල් කිරීම වළක්වාලමින් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ෆෙඩරල් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. අදාල නියෝගයේ වැඩිදුරටත් සඳහන් වන්නේ නියෝගය නිකුත් කර විනාඩි 30 ක් ඇතුළත ඔහු රැඳවුම් භාරයෙන් නිදහස් කරන ලෙසයි.
ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගීවීමේ අපේක්ෂාවෙන් මෙල්බර්න් නගරයට පැමිණි ජොකොවික්ගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කළ අතර ඒ අනුව හැකි ඉක්මනින් රටින් පිටව යන ලෙස නියෝග කර තිබිණි.
ඉන්පසු ජොකොවික්ගේ නීතිඥයන් ඕස්ට්‍රේලියානු රජයේ තීරණයට එරෙහිව වික්ටෝරියා ෆෙඩරල් අධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර තිබිණි. මෙම අභියාචනය අද විභාගයට ගත් අවස්ථාවේදී ජොකොවික්ගේ නීතිඥයන් සහ ඕස්ට්‍රේලියානු රජයේ නීතිඥයන් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබිණි.
ජොකොවික්ගේ වීසා අවලංගු කිරීමට තීරණය කර තිබුණේ ඔහු ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් සපුරාලීමට අසමත්ව ඇති බව පවසමිනි.
කොවිඩ් අවදානම හේතුවෙන් පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන්ට පමණක් ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමේ අවස්ථාව හිමි වන අතර කෙසේ නමුත් ජොකොවික් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා එකක් හෝ ලබාගෙන නොමැත.
ඔහු ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියට සහභාගිවීමේ අපේක්ෂාවෙන් මෙල්බර්න් නගරයට පැමිණියේ ඕස්ට්‍රේලියානු ටෙනිස් සම්මේලනයේ විශේෂ අවසරයක් මතයි. කෙසේ නමුත් ඊට අනුමැතිය ලබාදීම ඕස්ට්‍රේලියානු රජය ප්‍රතික්ෂේප කළේය.
අවසන් වරට පැවති තරගාවලි තුනේදීම ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවය හිමි කරගෙන සිටින ජොකොවික්ට එරෙහිව පිටුවහල් කිරීමේ නියෝගයක් නිකුත් වූයේ නම්, වසර තුනක් යනතෙක් ඔහුට ඕස්ට්‍රේලියාව වෙත පැමිණීමට නොහැකි වීමේ අවදානමක් මතුව තිබිණි.
UN for LNW
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…