ඊශ්‍රායල වෙරළාසන්න කළාප වල තෙල් කාන්දුවීම් සිදුව ඇති බවට වාර්තා වීමත් සමඟ නීරීක්ෂණ කටයුතු සඳහා ඩ්‍රෝන යාත්‍රා පිටත් කර ඇති බවට වාර්තා වෙනවා.
ජෙරුසලම් පුවත් සේවයට අනුව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය විකල්ප අග්‍රාමාත්‍ය බෙනී ගාන්ට්ස් මහතා ඊශ්‍රායල නාවික හමුදාවට උපදෙස් ලබා දී තිබෙන්නේ පරිසර දූෂණයට හේතු වන තෙල් කාන්දුවීම් නිරීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන යාත්‍රා පිටත් කරන ලෙසයි.
එරට පරිසර අමාත්‍යංශය විසින් සිදුකළ ඉල්ලීමකට අනුවයි මෙසේ ඩ්‍රෝන යාත්‍රා ගුවන් ගත කර තිබෙන්නේ.
මෑතකදී සැටලයිට් තාක්ෂණය ඔස්සේ ලබා ගත් දර්ශන වලින් හෙලිවී තිබෙන්නේ නැගෙනහිර මධ්‍යධරනී මුහුදේ තෙල් කාන්දුවීම් වලට සමාන ක්‍රියාකාරකම් මත සාගරය දූෂණය වීමට තුඩු දී ඇති බවයි.
මේ පිළිබඳ විමර්ශනය කිරීමට ඊශ්‍රායල පරිසර අමාත්‍යංශය කටයුතු කර තිබෙන අතර, එහි එක් පියවරක් ලෙස ඩ්‍රෝන යාත්‍රා ගුවන් ගත කර සාක්ෂි එක් කර ගැනීමට ආරක්ෂක අමාත්‍යංශය වෙතින් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
තෙල් කාන්දුවීම සාගර පරිසර පද්ධතීන් වල ප්‍රාථමික නිශ්පාදනය අවහිර කරන අතරම, සාගර ජීවයට සෘජුවම දරුණු බලපෑමක් එල්ල කරනු ලබනවා.
එමෙන්ම තෙල් කාන්දු වීම සාගර පක්ෂීන් මෙන්ම ක්ෂීරපායී සතුන්ට ද බෙහෙවින් හානිකරය.
තෙල් ජලයට මුදාහැරීම මඟින් මුහුදු ඔටර් වැනි ලෝම දරන ක්ෂීරපායී සත්වයින්ගේ පරිවාරක හැකියාව අඩාල වන අතර, පක්ෂීන් ගේ පියාපත් වල ජලරෝධකභාවය අඩපණ කරයි.
ප්‍රමෝද් චින්තක පීරිස්
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…