චරිත

දිව්‍ය ලෝකයක් සහ අපායක් නැති බව කී ජෝන් ලෙනන් වෙන්ව ගොස් වසර 40 යි

ඔහු සමුගෙන ගොස් ඊයේ දිනයට හරියටම වසර 40 කි. ඔහු සිටියා නම් මේ 2020 වසරේදී ඔහුගේ වයස අවුරුදු 80 ක් විය යුතුව තිබුණේය.

ජෝන් ලෙනන් උපන්නේ 1940 ඔක්තෝබර් 9 වැනිදා රාත්‍රියේ එක්සත් රාජධානියේ ලිවර්පූල් නුවරට ගුවන් ප්‍රහාරයක් එල්ල වන විට ය. ඒ, දෙවන ලෝක යුද්ධයේ ජර්මානු අණසකට ලිවර්පූර් නුවර නතු වී තිබූ සමයයි. දෛවෝපගත ලෙස ජෝන් ලෙනන් වැඩි වශයෙන්ම ගැයුවේ ද සාමය සහ යුද්ධය ගැන ය. දෙව්ලොව සහ අපාය ගැන ය. ඔහු කීවේ දෙව්ලොවක් සහ අපායක් නැති බවයි. ඒ දෙකම නැති ලොවක් ගැන ඔහු ලියූ – ඔහු ගැයූ ‘ඉමැජින්‘ ගීතය ට සමකළ හැකි ඉංග්‍රීසි පද රචනයක් හෝ ආත්මීය ගීතයක් තවම බිහි වී නැති තරම් ය.

Imagine

සිතන්න, දෙව්ලොවක් නැහැ කියා
වෑයම් කරයි නම් පහසුයි සිතන්න
නිරයකුත් නැත මේ දෙපා යට
අපට ඉහළින් අහස පමණයි
සිතන්න, අද දිවි ගෙවනා සියලු මනුසතුන්…

Imagine there’s no heaven
It’s easy if you try
No hell below us
Above us only sky
Imagine all the people living for today

සිතන්න, නැහැ රට රාජ්‍ය
අසීරු නැහැ එසේ කරන්න
මරන්නවත් මැරෙන්නවත් දෙයක් නැති විට..
ආගම් ද නැති නම්..
සිතන්න අද දිවි ගෙවනා සියලු මනුසතුන්
සාමයේ….

magine there’s no countries
It isn’t hard to do
Nothing to kill or die for
And no religion too
Imagine all the people living life in peace, you

Imagine ගීතයේ මුල් පැදි දෙකෙහි මේ අතිශය දළ අනුවර්තනය අප විසින් ඉදිරිපත් කරන්නේ ඔහු විසින් කියා පෑ ගැඹුරු මානව දහම ගැන දළ අවබෝධයක් ලබාගැනීම සඳහා පමණි.

‘‘ඔබ සිතාවි මම සිහින දකින්නෙක් ය කියා..‘‘ යැයි ඉන්පසු ජෝන් ලෙනන් ම කියයි. එය සැබෑවකි.. දෙව්ලොවක් හෝ අපායක් නැති, රටක් වෙනුවෙන් මරන්න හෝ මැරෙන්න හෝ නැති, ආගම් ද නැති විට සියලු මනුසතුන් සාමයෙන් ජීවත් වන බව ඔහු එදා කීවේය.

අත්පත් කර ගැනීම් නැති ලෝකයක් ඔබට සිතින් මවාගත හැකිදැයි එදා ජෝන් ලෙනන් අපෙන් ඇසුවේය. එවිට කෑදරකම සහ කුසගින්න ලොවෙන් තුරන්වනු ඇතිබව ඔහු කීවේය. මනුෂ්‍ය යාගේ සහෝදරත්වය ලෙස ඔහු දුටුවේ, සියලු දෙනා, සියලු ලෝකය අඩු වැඩියකින් තොරව සමසේ භුක්ති විඳින ලෝකයකි.

ලෙනන්වාදය සහ ලෙනින්වාදය

ජෝන් ලෙනන්ගේ මේ දහම, ‘ලෙනන්වාදය‘ ලෙස ලෝ පුරා ප්‍රකට විය. ලෙනින් අනුගාමිකයෝ ලෙනන්වාදය කරතබාගෙන ගියහ. සමානාත්මතාවය ගැන ලෙනන් දුටු ලොව ඔවුන්ගෙන් ද දුරස්ථ නොවිණි. එය ලිබරල්වාදයේම දිගුවක් ලෙසට වර්ධනය විය.

සාමයේ භාවමය සටන්කරුවා

ජෝන් ලෙනන් හුදු කලාකරුවෙකු, ගීත රචකයෙකු හෝ සංගීතඥයෙකු පමණක් නොවීය. ලෝකයට හැම යුගයකදීම අවශ්‍ය වී තිබූ ‘සාමය‘ වෙනුවෙන් කැප වු භාවමය සටන්කරුවෙකු විය.

1969 වසරේදී ජිබ්රෝල්ටාවේදී විවාපත් වූ ජෝන් ලෙනන් සහ යෙකො ඕනෝ ඔවුන්ගේ මධුසමය යොදාගත්තේ ද සාමය වෙනුවෙන් වෙනස්ම ආකාරයක විරෝධය පෑමක් සඳහා ය. මාර්තු 25 වැනිදා නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් හි මධුසමය ගත කිරීම සඳහා ඔවුන් තෝරාගත්තේ bed-in for peace නමින් පසුකලෙක ලෝ ප්‍රකට වූ සංකල්පයයි. එනම් ඔවුන් සිය මධුසමය, ඔවුන්ටත් වඩා ලොකු දෙයක් වෙනුවෙන්, එනම් ලෝක සාමය වෙනුවෙන් ලෝකයේ ඇස යොමු කරවන්නට යොදා ගත්තෝය. මාර්තු 25 සිට මාර්තු 31 වැනිදා වන තෙක් පුරා සතියක් ඔවුන් සයනගේ ගත කළ අතර, උදෑසන 9 සහ රාත්‍රී 9 යන වේලාවන් දෙක ඔවුන් යොදා ගත්තේ මාධ්‍යයට ඔවුන් හමුවට පැමිණ ප්‍රශ්න අසන්නට ය.

The famous picture of John Lennon and Yoko Ono in bed together during their bed-in for peace protest in 1969 Keystone | Getty Images

‘‘අපේ විවාහය අපි සාමය වෙනුවෙන් මාකට් කරනවා..‘‘ යැයි ලෙනන් පසුව කීය.

නමුත් එහි තිබුණේ දේශපාලනයකි. රිචඩ් නික්සන් වියට්නාම යුද්ධය අවසන් කරන බවට පිළිණ දෙමින් ඇමරිකාවේ ජනපති පදවියට පත් විය. ඇමරිකාවේ සහ වියට්නාමයේ දූතයන් අතර පැරිසියේදී නව සාම සාකච්ඡා පෙළක් ඇරඹුණේය. මේ සාකච්ඡාවලට සම්බන්ධ වූවන්ට පීඩනයක් ඇති කිරීම සඳහා ලෙනන්, යොකො ඕනෝ සමග ප්‍රසිද්ධියේ නිරුවතින් සතියක් ඇඳක වැතිරී සිටියේය!

නමුත් වියට්නාම් යුද්ධය පොරොන්දු වූ පරිදි ලෙහෙසියෙන් අවසන් වුණේ නැත. එය 1975 වසර දක්වාම දික්ගැස්සිණි. ජෝන් ලෙනන් ද සිය bed-in for peace විරෝධතා දික්ගැස්සවීය. තවත් සතියක් කැනඩාවේ මොන්ට්‍රියෙල් නුවර සයනගත වී සිටි ඔහු “Give Peace a Chance” නමැති යුධ විරෝධී ගීතය ලියුවේය.

රිචඩ් නික්සන් ජෝන් ලෙනන් දෙස ඇස ගසාගෙන සිටියේය. ඇමරිකානු ෆෙඩරල් රහස් ඔත්තු සේවය (FBI) ඔහුව ප්‍රශ්න කළේ වරක් දෙවරක් නොවේ.

ලෙනන් මරණය ස්මරණය කරමින් ජීවිතය සිප ගත්තෙකු බවට සාක්ෂි තිබේ. ඔහුගේ කළමනාකරු ලෙස කටයුතු කළ ඇලන් විලියම්ස් පසුව කීවේ ලෙනන්, විටෙක විලියම්ගේ කොෆී සාප්පුවට පැමිණ එහි තබා තිබූ මිනී පෙට්ටියක් තුළ නිදා ගැනීමට ප්‍රිය කළ බවයි.

ලේ වැකුණු උපැස් යුවළ

සුප්‍රසිද්ධ බීට්ල්ස් සංගීත කණ්ඩායමේ පස් දෙනාගෙන් අද ජීවතුන් අතර සිටින්නේ පෝල් මැකාට්නි, රිංගෝ ස්ටා සහ ජෝන් ලෙනන්ගේ ආදරිය යොකො ඕනෝ පමණි. (ජෝර්ජ් හැරිසන් 2001 වසරේදී මරණයට පත් විය)

රිංගෝ ස්ටා ඊයේ දිනයේ ජෝන් ලෙනන්ගේ මරණ සංවත්සරය වෙනුවෙන් ලොව පුරා ගුවන් විදුලි ආයතන වෙතින් කළ ඉල්ලීම වී තිබුණේ Strawberry Fields Forever. Peace and love ගීතයන් වාදනය කරන ලෙස ය.

ඔව්, ඔහුගේ ආගම වූයේ ආදරය සහ සාමයයි. සාමය පිළිබඳ විශ්වීය බලාපොරොත්තුවක් ඔහු සිය ගීත තුළ හැමවිටම ගැබ් කළේය. එම බලාපොරොත්තුව සඳහා ලෝකයට අවශ්‍ය සෞන්දර්යාත්මක ගැම්ම සහ කම්පනය එක විට ලබාදුන්නේය.

යොකෝ ඕනෝ මෙසේ ලියයි.

‘‘අවුරුදු 40කට පසුවත් ෂේන්, ජුලියන් සහ මට තවමත් ඔහුව මතක් වෙනවා. ‘සිතන්න සියලු මිනිසුන් සාමයෙන් ජීවත් වන ලෝකයක්…‘‘

යොකො ඕනෝගේ ට්විටර් සටහන සමග ගැබ් කර තිබූ ඡායාරූපයෙන් දැක්වුණේ ජෝන් ලෙනන්ගේ ලේ වැකුණු උපැස් යුවළයි. ‘‘1980 දෙසැම්බර් 8 වැනිදා ජෝන් ලෙනන් වෙඩි තබා මරා දැමූ දා සිට මේ දක්වා 1,436,000කට වැඩි මිනිසුන් සංඛ්‍යාවක් වෙඩි තබා මරා දමා තිබේ..‘‘ යන පණිවුඩය එහි අන්තර්ගත විය. ඇමරිකාවේ ගිනි අවි නීති ප්‍රතිසංස්කරණය කිරීමේ සටනට යොකෝ ඕනෝ ජෝන් ලෙනන් වෙනුවෙන් කැප වී සිටින්නීය.

ඝාතකයා විසින් පවා ආගමක් සේ ඇදහූ ජෝන් ලෙනන්

එදා 1980 දෙසැම්බර් 8 වැනිදා ජෝන් ලෙනන් ඝාතනය කළේ මාක් ඩේවිඩ් චැප්මන් නමැති ජෝන් ලෙනන්ගේම උමතු රසිකයෙක් විසිනි. ඔහු කොතරම් ජෝන් ලෙනන්ව අනුකරණය කරන්නට තැත් කළාද සහ, ජෝන් ලෙනන් බවට පත් වන්නට උත්සාහ කළාද කියන්නේ නම්, අවසානයේ ඝාතකයා තීරණය කර තිබුණේ මේ ලෝකයේ ජෝන් ලෙනන්ලා දෙදෙනෙකු සිටිය නොහැකි නිසා නියම ජෝන් ලෙනන් ව මෙලොවින් තුරන් කරන්නට ය. පස් වතාවක් ඔහු ජෝන් ලෙනන්ට වෙඩි තබා තිබුණේ යොකෝගේ අලුත්ම ගීත ඇල්බමය වූ “Double Fantasy” හි කොපියක් ලෙනන් විසින් චැප්මන් හට අත්සන් කර දී තිබියදී ය.

ජෝන් ලෙනන්, ඔහුගේ ඝාතකයා විසින් පවා ආගමක් සේ ඇදහූ බවට මීට වඩා සාක්ෂි අවශ්‍යද…?

නමුත් ජෝන් ලෙනන්, සියලු ආගම්වලින් තොර ලොවක් ගැන සිහින මැවූ බවත් ජෝන් ලෙනන් වනාහී ආගමක් නොව දර්ශනයක් බවත් ඝාතකයා අවබෝධ කර ගෙන නොසිටින්නට ඇත.

”සිතන්න, දෙව්ලොවක් නැහැ කියා
වෑයම් කරයි නම් පහසුයි සිතන්න
නිරයකුත් නැත මේ දෙපා යට
අපට ඉහළින් අහස පමණයි…”

Share

Recent Posts

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

2 hours ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

2 hours ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

3 hours ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

16 hours ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

18 hours ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

22 hours ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

22 hours ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

23 hours ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

23 hours ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

2 days ago

2024 දී කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රවයන්ගෙන් ලෝකයේ වඩාත්ම ආපදාවට ලක් වන කලාපය ලෙස ආසියාවයි

ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…

2 days ago

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් චීනයේ තෙදින සංචාරයක

දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…

2 days ago

ABC පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වන අවානිට මොකද වුණේ?

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…

2 days ago

ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අවලංගු වෙයි!

ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…

2 days ago

මළ සිරුරු 400කට ආසන්න ප්‍රමාණයක් ගාසාහි සමූහ මිනිවළකින් සොයා ගැනේ

එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…

2 days ago