පේරු හි ෂයිනින් පාත් කැරලිකාර කණ්ඩායමේ(Shining Path rebel group) නායකයා සහ එහි නිර්මාතෘ අබීමෙල් ගුස්මාන් (86) අභාවප්‍රාප්ත වෙයි.
හිටපු දාර්ශනික මහාචාර්යවරයෙකු වූ ඔහු 1992 සිට ත්‍රස්තවාදය සහ දේශද්‍රෝහී චෝදනාවට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් විඳිමින් සිටියේය.ජූලි මාසයේදී ඔහුට සෞඛ්‍ය ගැටලු ඇති වූ අතර උපරිම ආරක්‍ෂාව සහිත බන්ධනාගාරයක සිට රෝහලකට මාරු කෙරිණි.මාඕවාදී ගරිල්ලා කණ්ඩායම සහ පේරු රාජ්‍යය අතර දශකයකට වැඩි කාලයක් පැවති ගැටුම් වලදී මිනිසුන් 70,000 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් හෝ අතුරුදහන් වි ඇත.අබිමායෙල් ගුස්මාන් 1934 දෙසැම්බරයේදී පේරු හි දකුණු වෙරළ තීරයේ මොලෙන්ඩෝ නගරය අසල උපත ලබා ඇත.
විශ්ව විද්‍යාලයේ සිටියදී ඔහු මාක්ස්වාදය කෙරෙහි උනන්දුවක් දැක්වීය. 1962 වන විට ඔහු මධ්‍යම අයකුචෝ නගරයේ හුවාමාංගා ජාතික විශ්ව විද්‍යාලයේ සැන් ක්‍රිස්ටබල්හි දාර්ශනික මහාචාර්ය තනතුරක් ලබා ගත්තේය.1969 දී ඔහු සහ තවත් 11 දෙනෙක් Shining Path rebel group ආරම්භ කරන්නට විය.1960 දශකයේ අග භාගයේ අබිමෙල් ගුස්මන් විසින් ආරම්භ කරන ලද සටන්කාමී කණ්ඩායම 1980 ගණන් වල ගරිල්ලා කණ්ඩායමක් වී පේරු රජයට එරෙහිව කැරැල්ලක් දියත් කළේය.1980 ගණන් වලදී 10,000 ක් පමණ වූ එහි ඇස්තමේන්තුගත සාමාජිකත්‍වය සමඟ පේරු රාජ්‍යයට දැඩි බලපෑමක් සිදු කරන්නට විය.දශකයකට වැඩි කාලයක් තිස්සේ පැවති මෙම අභ්‍යන්තර ගැටුම් වලදී මිනිසුන් 70,000 ක් පමණ අතුරුදහන් විය.
ගුස්මන් සහ ඔහුගේ සහකරු එලේනා ඉපරාගුරේ 1992 දී අත්අඩංගුවට ගෙන රහස් හමුදා අධිකරණයක් මගින් ජීවිතාන්තය දක්වා සිරගත කර ඇත.ගුස්මාන් සිය ඉතිරි කාලය ගත කළේ ලීමා නගරයට බටහිර දෙසින් පිහිටි එල් කලාවෝහි පිහිටි නාවික හමුදා බන්ධනාගාරයක ය. 2010 දී ඔහුට සිරගතව සිටි ඔහුගේ සෙසු ෂයිනිං පාත් ගරිල්ලා එලේනා ඉපරාගුරි සමඟ විවාහ වීමට අවසර ලැබුණි.
(බිබිසි වෙතින්)
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…