බ්‍රිතාන්‍යයේ උෂ්ණාධිකට දිනය ඊයේ දිනයේදී වාර්තා විය. ඒ 38.1C (100.6F) වාර්තා කරමිනි. අද (19) වන විට මෙම තත්වය තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එක්සත් රාජධානියේ ජාතික කාලගුණ සේවාව විසින් රතු නිවේදන නිකුත් කරමින් මේ වනවිට සඳුදා සහ අඟහරුවාදා එංගලන්තයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 දක්වා පුරෝකථනය කර ඇත. මීට පෙර ඉහළම උෂ්ණත්වය 38.7C වශයෙන් 2019 වසරේදී කේම්බ්‍රිජ් වලින් වාර්තා විය. ඉන් අනතුරුව උෂ්ණත්වය අධික ලෙස ඉහළ ගිය මුල්ම අවස්ථාව මෙය වේ.
වේල්සයේ වාර්තාගත උණුසුම්ම දිනය ඊයේ දිනයේදී හාවඩ්වලින් වාර්තා වූ අතර එහි සෙල්සියස් අංශක 37.1 ලෙස සඳහන් විය. අද දිනයේදී බටහිර බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය යම් මට්ටමකට අඩුවනු ඇතැයි අපේක්ෂා කරන අතර මිඩ්ලන්ඩ්ස් සහ එංගලන්තයේ නැගෙනහිර කොටස් 40C අගයකට යනු ඇති බවද ලින්කන්ෂයර් හි 42C වාර්තා වනු ඇති බවද BBC කාලගුණ පුවත් සේවය වාර්තා කර තිබේ.
උෂ්ණත්වය හේතුවෙන් සිදුවූ පළමු මරණ ඊයේ දිනයේ දී බර්ක්ෂයර් හි මයිඩන්හෙඩ් හි වාර්තා විය. වයස අවුරුදු 16ක පිරිමි දරුවක් මෙලෙස මරණයට පත්ව ඇත. මීට අමතරව තේම්ස් නදියේ ගිලී 14 හැවිරිදි පිරිම් දරුවකුද මරණයට පත්ව ඇත.
මේ වන විට බ්‍රිතාන්‍යයේ පාසල් කිහිපයක් වසා දමා ඇති අතර කිහිපයක් විවෘතවද පවතියි. උෂ්ණාධික දිනයන්හි පාසල් පැවැත්විය යුතු ආකාරය පිළිබඳව රජය විසින් පූර්ව දැනුම් දීමක්ද කර තිබේ.
එමෙන්ම අත්‍යාවශ්‍ය දෙයකට හැර සඳුදා හා අඟහරුවාදා දෙදින තුළ විවෘත අවකාශයට නොපැමිණෙන ලෙස මඟීන්ගෙන් හා පදිකයන්ගෙන් රජය විසින් ඉල්ලීමක්ද කර ඇත. අඟහරුවාදා දිනය තුළ දුම්රිය මාර්ග පොදුවේ වසා දමා ඇති අතර උණුසුම් කාලගුණය හේතුවෙන් ධාවන පථයන්හි තාර දියවීම හේතුවෙන් ලූටන් ගුවන් තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවා ඇති බව ගුවන් තොටුපළ පවසයි. EasyJet පැවසුවේ ගුවන් ගමන් කිහිපයක් අවට ගුවන් තොටුපළ වෙත හරවා යවා ඇති අතර තවත් සමහරක් අවලංගු කර ඇති බවයි.
ඉදිරි දින කිහිපය තුළ ලැව්ගිනි ඇතිවීම වැළැක්විය නොහැකි බව ජාතික ගිනි නිවන ප්‍රධානීන්ගේ කවුන්සිලය අනතුරු අඟවා තිබේ. මේ වන විට බර්මින්හැම් මායිමේ ලිකී හිල්ස් කන්ට්‍රි උද්‍යානයේ වනාන්තරයේ විශාල ගින්නක් හටගෙන ඇති බව මාධ්‍ය විසින් නිවේදනය කර තිබේ.
තත්වය අතිශය භයානක බවත් කල්පනාකාරීව අනතුරු අවම කර ගන්නා ලෙසත් එක්සත් රාජධානියේ ජාතික කාලගුණ සේවාව හා සෞඛ්‍ය සේවාවන් අවධාරණය කර තිබේ.
සශිකලා මධුෂාණී_
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…