බ්‍රිතාන්‍යයේ ආණ්ඩුක්‍රමයට නව අර්ථයක් ගෙන දෙමින්, අගමැති බොරිස් ජොන්සන් විසින් සිදුකළ පාර්ලිමේන්තු වාරය සති 5කට කල් තැබීම නීති විරෝධී බවට බ්‍රිතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමත් සමග අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවට දසතින් හඬ නැගෙමින් තිබේ.
මේ තත්වය තුළ බ්‍රිතාන්‍ය මහ රැජින මහත් අසීරුතාවකට පත්ව සිටියි.
ඊයේ ලබාදුන් ඓතිහාසික තීන්දුව මගින් බ්‍රිතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය සිය
සමාලෝචනය ඉදිරිපත් කළේ පාර්ලිමේන්තුව කල්තැබීම ගැන පමණක් නොවේ. අධිකරණය,
ව්‍යවස්ථාදායකය, ආණ්ඩුව සහ කිරීටය අතර ඇති සම්බන්ධතාවය ද එමගින් නව
අර්ථනිරූපණයකට බඳුන් විය.
දේශපාලන විචාරකයන් පවසන්නේ බකිංහැම් මාළිගය මේ වන විට දේශපාලනික සුළි කුණාටුවකට හසු වී ඇති බවයි.
නමුත් බොහෝ බලවතුන් මෙන්ම රජ මාළිගය ද මේ වන විට කුණාටුවක් ඇතිවීමට පෙර එළඹෙන නිහඬතාවයේ ගිලී පවතියි. රජ මාළිගයේ ප්‍රකාශකයෙක් පැවසුවේ ‘මහරැජින ඇගේ අමාත්‍යවරුන්ගේ උපදෙස් මත ක්‍රියාකිරීම පමණක් සිදුකරන බව‘ ය. නමුත් ‘‘පාර්ලිමේන්තුව කල් තැබීම නීති විරෝධී පමණක් නොව බල රහිත බව‘‘ ද ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේය. එනම් සැබවින්ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කල් තබා නැත! නීතියට අනුව එවැන්නක් සිදුවී නැති හෙයින් පාර්ලිමේන්තුව කල් තබා නැති ලෙසට සැලකිය යුතු ය! මේ තත්වය රජ මාළිගයට වේදනාකාරී බවට සැක නැත.
එයට හේතුව සරල බසින් කියන්නේ නම් මෙසේ ය. බ්‍රිතාන්‍ය මහ රැජින විසින් පුද්ගලිකව අනුමත කර තිබුණේ නීති විරෝධී සහ බල රහිත තීරණයකි!
තවද ඇය එසේ එකඟ වී තිබුණේ අගමැති බොරිස් ජොන්සන්ගේ පෙරැත්තය නිසා ය. තවද එසේ එකඟ වන විට පාර්ලිමේන්තුව තුළින්ම එසේ නොකකරන ලෙසට විශාල ජනමතයක් ගොඩ නැගී තිබූ බව ද ඇය හොඳාකාරවම දැන සිටියාය. මේ සිදුවීමෙන් අදහස් වන්නේ ඇයව පෙරැත්ත කිරීම හරහා නීති විරෝධී දේ සඳහා ද එකඟ කර ගත හැකි රාජ්‍ය නායිකාවක බව ද…?
හිටපු කන්සවේටිව් අගමැති ශ්‍රීමත් ජෝන් මේජර් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු පළ කළ අදහසෙන්ම බොරිස් ජොන්සන් විසින් මහරැජින දැමූ අමාරුවක තරම හෙළි වේ. ඔහු මෙසේ කියයි.
‘‘කිසිදු අගමැතිවරයෙක් මේ අන්දමින් නැවතත් කිරීටයට හෝ පාර්ලිමේන්තුවට තර්ජනය නොකළ යුතුය,“
ඔහු විසින් ප්‍රවේශමෙන් සහ අනුපිළිවෙළින් යුතුව වචන තෝරාගෙන ඇත. මුලින්ම ඔහු කිරීටය ගැන සඳහන් කරයි. නියම කන්සවේටිව් විලාසයක් මෙහිදී පළ කරන ඔහු පාර්ලිමේන්තුව ගැන සඳහන් කරන්නේ කිරීටයට පසුව ය. නමුත් ඔහු කියන කතාව ඇත්තකි. මහරැජින නමැති නිලයට බ්‍රිතාන්‍ය රාජ්‍ය තන්ත්‍රය තුළ ඇති වූ අවදානම ගැන ඔහු පසුවන්නේ අවබෝධයෙනි.
බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපැහැදිලි තැන් කොතෙකුත් තිබේ. දශක ගණන් මුළුල්ලේ දේශපාලකයන් අතර දික්ගැස්සෙන විවාද තිබේ. අලිඛිත නීති රැසක් තිබේ. සම්ප්‍රදායන් රාශියක් තිබේ. නමුත් මේ කිසිවකින් බ්‍රිතාන්‍ය කිරීටය ඉතිහාසයේ කවරදාවත් මෙතරම් අපහසුතාවයකට පත්ව නැත.
එය කළේ බොරිස් ජොන්සන් ය.
මේ 21 වන සියවස තුළ නාමික කිරීටයකට බ්‍රිතාන්‍ය ස්වාධිපත්‍යයට කළ හැකි දෙයක් තිබේදැයි යමෙකු අසන්නට පුළුවන. බ්‍රිතාන්‍ය මහරැජින කිරීටය හිස දරා ගත්තේ රජ පවුලේ බලය පාලන තන්ත්‍රය තුළින් කෙමෙන් වියැකී යන අවස්ථාවක ය. සැබවින්ම ඇය විසින් මේ තාක් කල් හොබවා තිබෙන්නේ ප්‍රදර්ශනාත්මක සහ සංකේතාත්මක තනතුරකි. ඇගේ බලය ස්වාධීන නැත. ඇගේ පැවැත්ම, ආණ්ඩුවේ සෙවණැලි තුළ සීරුවට සැඟව සිටින තාක්කල් ආරක්ෂිතය. නමුත් බොරිස් ජොන්සන් නමැති හාදයා ඇයව සෙවණැලි තුළින් පිටතට ගෙනැවිත් ඇත. වෙනත් අයුරකින් පවසන්නේ නම් ඇය සැඟව සිටි සෙවණැල්ලට ගලක් ගසා ඇත. දැන් මුනිවත රැකීම හැර ඇයට කළ හැකි දෙයක් ද නැත. ඒ, දැන් කිරීටය වඩාත් අනාරක්ෂිත බැවිනි.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…