චරිත

බිබිලියෝබූරෝ… දහසක් ළමුන්ගේ නෙත් පාදන මැග්ඩලේනාවේ බූරු පුස්තකාලය…

ලෝකයේ බොහෝ දරු දැරියන්ට අකුරු තරන්නට මෙන්ම සුවසේ වැඩෙන්නට ද ඇති දුෂ්කරතා දන්නේ ඔවුන්ම පමණි. ලෝකය කෙතරම් සීඝ්‍රයෙන් දියුණු තියුණු වුණද කුසට අහරක් නැති මෙන්ම ආසාවට කියන්නට පොතක් පතත් මිලදී ගත නොහැක්කෝද අපමණය. ඇතැම් විට ඔවුන්ට මුදල් නැත . තවත් විටක ඔවුන්ගේ ජීවිත අති දුෂ්කර කඨෝර පෙදෙස්වල ගෙවෙති.

බිබිලියෝබූරෝ හෙවත් බූරු පුස්තකාලය යනු එවැනි පෙදෙසක දූ දරුවන් ගේ නෙත් පාදන්නට ගෙන් ගෙට පොත් රැගෙන යන ජංගම පුස්තකාලයකි. ලෝකයේ ගෙන් ගෙට යන ජංගම පුස්තකාල එමට තිබුණද බිබිලියෝබූරෝ තරම් අපූරු එකක් දැක ගත හැකිවන්නේ කලාතුරකිනි.

බිබිලියෝ බූරෝ පුස්තකාලයේ කාර්ය මණ්ඩලය තිදෙනෙකි. එනම් බූරුවන් දෙදෙනක් සහ එක් මිනිසෙකි. කොළොම්බියාවේ දුෂ්කර ප්‍රදේශයක් වූ ලා ග්ලෝරියා හී මැග්ඩලේනාවේ දුප්පත් දරුවන් වෙත මේ තිදෙනා පොත් පත්ද රැගෙන සැතපුම් ගණනාවක් දුර ගෙවා යන්නේ පොත් පත් දුටු විට දරුවන්ගේ මුවෙහි නැගෙන සිනහාව දැකීමට පමණක් නොව ඔවුන් අති දක්ෂයන් වනු දැකීමටයි.

ලුයිස් සොරියානෝ මෙම බූරු පුස්තකාලයේ අයිතිකරු මෙන්ම ප්‍රධානියාය. ඔහුට සිටින අනෙක් සේවකයන් දෙදෙනා වන්නේ ඇල්ෆා නම් බූරු දෙනක සහ බෙටෝ නම් බූරුවෙකි. මේ බූරු ජෝඩුවද එක හෙලා ලුයිස්ට සහය වන්නේ කිසිදු නෝක්කාඩුවක් හෝ නොමැතිවයි.

ලුයිස් සෝරියානෝගේ ජීවිත කාලය පුරාම පොත පතට ආදරයෙන් ජීවත් වන්නෙකි. කොලොම්බියාවේ ලා ග්ලෝරියා සිය රටෙහි ඈත දුෂ්කර ප්‍රදේශයක හැදී වැඩුණු ලුයිස් සොරියානෝ ස්පාඤ්ඤ සාහිත්‍ය උපාධියක් ලබාගැනීමට සමත් වූවෙකි. පසුව ගුරුවරයෙක් ලෙස සේවය කරන ඔහු සෑම සති අන්තයකම සිය ජංගම පුස්තකාලය ගමේ දරුවන් වෙත රැගෙන යයි.
මැග්ඩලේනා යනු ලුසියානෝ ජීවත් වුණු කොළොම්බියාවේ අති දුෂ්කරම පළාතකි. සතියකට වරක් සිය බූරු සඟයන් ඇල්ෆා සහ බෙටෝ සමග ඇති පදමට පොත් කන්දරාවක්ද ඔසවාගෙන ලුයිස් මැග්ඩලෝනාව දක්වා දුෂ්කර ගමනක යෙදෙන්නේ තමන් එන තෙක් බලා සිටින අහිංසක දරුවන්ට රසවිදින්නට මෙන්ම දැනුම ලබා ගන්නටද මග පෑදීමටය.

මැග්ඩලේනා ප්‍රාදේශීය කැරළි කරුවන් හේතුවෙන් ගැටුම් කාරි ප්‍රදේශයක් බවට පත්ව තිබේ. ඒ නිසාම ලුයිස්ට මැග්ඩලේනාවට යන ගමන අසීරුය. කිලෝමීටර් 9ක් පමණ දුර ඔහුට යන්නට වෙයි. මත්කුඩු ජාවාරම් කරුවන්, සොරුන්, මේ සියළු දෙනා මැග්ඩලෝනාවට යන අතර මග ඔහුට සෑම දිනකම හමුවෙයි. ලුයිස් පවසන්නේ බෙහෝ කැරළි කරුවන් තමන් පිළිබඳ සැක සංකා උපදාවා ගනිමින් තර්ජනය කරන බවයි. ඔවුන් සිතන්නේ ලුයිස් මේ පොත් පත් රැගෙන යන්නේ දරුවන්ට වාමාංශික අදහස් ලබා දෙන්නට බවයි. ඔවුන්ගේ සිතුම් පැතුම් වෙනස් කරන්නට බවයි. නමුත් ලුයිස් පවසන්නේ තමන්ගේ එකම අරමුණ මැග්ඩලේනාවේ දරුවන්ගේ නෙත් පෑදීම පමණක් බවයි.

ලුයිස් පවසන පරිදි බිබිලියෝබූරෝ ආරම්භ වන විට ඔහු ළඟ පැවතුනේ පොත් 70ක් පමණි නමුත් ඔහු ළග පොත් 4000ක් පමණ ඇති අතර ඉන් වරකට හැකිතාක් දරුවන් වෙත රැගෙන යයි. ඇල්ෆා සහ බොටෝ සමග උදෑසනින්ම ගමන් අරඹන ලුයිස් කඳු හෙල් ගහ කොළ පසු කරමින් මැග්ඩලේනාවට ලඟා වෙයි.

බූරුවන් දෙදෙනාද සමග පොත් කන්දරාවද රැගෙන සතියකට වරක් සිය ගමට එන ලුයිස් ව ඈත තියාම දකින මැග්ඩලේනාවේ පොඩ්ඩන් ඔහු වෙත දිව යන්නේ නත්තල් සීයා ව දුටු අයුරිනි. ලුයිස් සැබෑම නත්තල් සීයෙකි. ඔහු මේ ගෙනවිත් දෙන පොත් පත් කිසිවකට දරුවන්ගෙන් මුදල් අය කරන්නේ නැත. තමන් කැමති පොත පුස්තකාලයෙන් රැගෙන පෙරදී ලබා ගත් පොත නැවතත් පුසතකාලයට භාර දෙන්නට සෑම දරුවෙක්ම ඉතා අවංකය..

ඉතා දුෂ්කර සේවයක් වුවත් 1990 වසරේ සිටම ලුයිස් සොරියානෝ මැග්ඩලේනා දරුවන්ගේ නෙත් පාදයි. ඇතැම් විට දරුවන් තුරුල් කරගෙන පොත පත ගැන කථා කරන්නට ද ඔහු අමතක නොකරයි. ඔහුට මෙම කාර්ය වඩාත් දුෂ්කර වන්නේ අනතුරකට පත්වීම නිසා ඔහුගේ එක් කකුලක් කපා දමන්නට සිදුවීමත් සමගිනි. ලුයිස් නැවතත් පොත් රැගෙන මැග්ඩලෙනාවට නොඑනු ඇතැයි දරුවන් දුක් විය. නමුත් අහිමි වූ කකුල වෙනුවට කෘතිම පාදයක් සවි කර ගත් ඔහු නැවතත් මැග්ඩලේනා ගමන ආරම්භ කළේය ඔහුගේ තනියට නිරතුරු ඇල්ෆා සහ බෙටෝ සිටියහ. සි ස්වාමියාද පණමෙන් ඔහුගේ පොත් පත්ද ප්‍රවේසමෙන් මැග්ඩලේනාව වෙත ගෙන යන්නට මේ ඇල්ෆා සහ බෙටෝට හැකි වී තිබේ. ඔවුන් තිදෙනා ඉතා මිතුරුව සිය දුක සැප බෙදා ගත්තේ තමන් වෙනුවෙන් මග බලා සිටින අහිංසක දරුවන්ගේ නෙත් පෑදීමේ අදිටනනි.

ලුයිස් සොරියානෝ සැබවින්ම මතකයට නංවන්නේ ගුරුගීතයෙහි දුයිෂෙන් සහ ඉගෙනීමට දරුවන් වෙත පෑ ඔහු ගේ සෙනෙහසයි. මිනිසුන්ට අනෙකා වෙනුවෙන් සේවය කරන්නට බොහෝ දෑ අවශ්‍ය නොවේ.. නොපසුබට උත්සහය මෙන්ම අනෙකා වෙනුවෙන් සිත තුළ ඉපැදෙන ආදරය පමණක්ම එයට සෑහේ.

Share

Recent Posts

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

4 hours ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

1 day ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

1 day ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

1 day ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

1 day ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

3 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

3 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago