ලොකු කුඩා සෑම දෙනාගේ ආකර්ශනය ට පත් බාර්බි (Barbie) කතා මාලාවෙහි නවතම සජීවී වික්‍රමාන්විත චිත්‍රපටය වන බාර්බි (Barbie) එළඹෙන වසරේ තිරගත වීමට නියමිතය. මෙම චිත්‍රපටයේ කෙන් ගේ චරිතයට සුපිරි හොලිවුඩ් රංගන ශිල්පී රයන් ගොස්ලින් තම රංගනයෙන් දායක වන අතර මේ පිළිබඳ ඔහුගේ දියණියන් පවසන්නේ තම පියා කෙන් ගේ චරිතයට පණ පොවන්නේ ඇයි දැයි ඔවුන්ට නොතේරෙන බවයි.
එයට හේතුව වන්නේ බාර්බි කතා මාලාවෙහි බාර්බි ගේ පෙම්වතා වන කෙන් එහි සුලු චරිතයක් වීමයි.
බාර්බි කතා මාලාවේ වැඩි අවධානයක් යොමුකරන්නේ බාර්බි ඇතුළු කාන්තා චරිතවලට වන අතර, කාන්තා ජවය හා වික්‍රම කෙරේ වැඩි නැඹුරුවක් දක්වන එහි කෙන් ඇතුළු පිරිමි චරිත දක්වන්නේ සුළු භූමිකාවකි. එවන් පසුබිමක රයන් වැනි දැවැන්ත රංගන ශිල්පියකු කෙන් වැනි සුළු චරිතයකට රංගනයෙන් දායක වන්නේ මන් ද යන්න බොහෝ බාර්බි රසිකයන්ට ප්‍රශ්නයක් වී පවතී.
මෙය දැඩි සේ ප්‍රශ්න කරන්නේ බාර්බි රසිකයන් වන රයන් ගේ ම දියණියන් ය. ඔවුන් පවසන්නේ තම පියා කෙන් ගේ චරිතයට පණ පොවන්නේ මන් ද යන්න තමාට නොවැටහෙන බවයි.
1959 මාර්තු 9 දින මැටල් (mattel) නම් ඇමරිකානු සමාගම විසින් (බාර්බි) බෝනික්කෙක් නිර්මාණය කිරීමත් සමඟ 300,000 කට අධික බෝනික්කන් ප්‍රමාණයක් අලෙවි විය. මීට අමතරව (බාර්බි) පොත් , (බාර්බි) වීඩියෝ ක්‍රීඩා ද පසු කලෙක නිර්මාණය වූ අතර ලොව පුරා රසික හදවත් දිනා ගත් (බාර්බි) කාර්ටූන කතාංග 40 ක් පමණ ප්‍රේක්ෂකයන් අතරට ගොස් තිබේ.
එසේ වූවද, මෙවැනි සජීවී වික්‍රමාන්විත චිත්‍රපටයක් ජනතාව අතරට පැමිණෙන්නේ පළමු වරට වන අතර, එය ලොව පුරා බාර්බි රසිකයන්ට අලුත් අත්දැකීමක් වනු ඇත. එමෙන්ම මෙය කිනම් වයස පරාසයකට අයත් වනු ඇති දැයි (බාර්බි) රසිකයන් ඉතා දැඩි උනන්දුවෙන් බලා සිටින බව වාර්තා වේ.
2023 ජූලි 21 දින තිරගත වීමට නියමිත මෙම කතාංගය ග්‍රේටා ගර්වින්ග් ගේ නිර්මාණයක් වන අතර බාර්බි (Barbie) චරිතයට පණ පොවන්නේ සුපිරි හොලිවුඩ් රංගන ශිල්පිනී මාර්ගට් රොබී ය.
(බාර්බි) මාර්ගට් සහ රයන් එක් ව රංගනයෙහි යෙදෙන අපූරු සිනමා නිර්මාණයක් වන බව කිසිඳු සැකයක් නැත.
නිපුනි ලියනගේ
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.