කලා

රෙගේ සංගීතය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට

යුනෙස්කෝ හෙවත් එක්සත් ජාතීන්ගේ සංස්කෘතික සහ විද්‍යාත්මක සංවිධානය ජැමෙයිකාවේ සම්භවය වූ රෙගේ සංගීතයට මෙම පිළිගැනීම ලබාදෙමින් පවසන්නේ එය සංරක්ෂණය සහ ප්‍රවර්ධනය කළ යුතු ‘‘අස්පර්ශනීය සංස්කෘතික උරුමයක්‘ ලෙස ය.

‘‘අයුක්තිය, ප්‍රතිවිරෝධය, ආදරය සහ මනුෂ්‍යත්වය අන්තර්ජාතික තලයට ගෙන යාම පිණිස‘ ලබාදුන් දායකත්වය වෙනුවෙන් මේ තීරණය ගත් බව ද යුනෙස්කෝ සංවිධානය පවසයි. ‘‘කළල අවධියේ දී රෙගේ සංගීතය කොන් වූවන්ගේ හඬ බවට පත්ව තිබුණ ද මේ වන විට එය විවිධ සමාජභාවයන්, වාර්ගික හා ආගමික කණ්ඩායම් අතර ජනප්‍රිය වී ඇති බව‘‘ ද එය ප්‍රකාශ කරයි.

‘‘රෙගේ සංගීතය ජැමෙයිකාවට සුවිශේෂීයි‘‘ යැයි කැරිබියන් දූපත්වල සංස්කෘතික ඇමතිනිය, යුනෙස්කෝවේ මෙම පිළිගැනීම ලබාදීම සම්බන්ධ ඡන්ද විමසීමේදී කියා සිටියාය. ‘‘එය අප විසින් නිර්මාණය කර ලෝකයේ සතර කොනට පැතිරී ගොස් පවතින සංගීතයක්..“

1960 දශකයේ ජැමෙයිකාවෙන් උපන් රෙගේ සංගීතය, පීඩිතයන්ගේ සංගීතය වශයෙන් ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් ලැබීය. රෙගේ ගීතවල ගී පදවලින් නිතරම කියැවුණේ සමාජ දේශපාලන ගැටළු, බාධිත බව සහ අසමානාත්මතාවය ගැන ය.

එසේම රෙගේ සංගීතය, රස්තෆාරියානු ආගම සමග ද බද්ධ වී ඇත. හිටපු ඉතියෝපියානු අධිරාජ්‍ය හේල් සෙලාසි (Haile Selassie) දේවත්වයට පමුණුවාලූ රස්තෆාරියානු ආගම, ගංජා හෝ මරිජුවානා භාවිතය ද උත්කර්ෂයට නැංවීය.

ලෝකයට රෙගේ උමතුව ගෙන ආ මුල්ම ගීතය වශයෙන් සැලකෙන්නේ ටූට්ස් සහ මයිටල්ස් ගේ “Do the Reggay” ගීතයයි.

[embedyt] https://www.youtube.com/watch?v=fchEBChUkck[/embedyt]

පසුව බොබ් මාලේ සහ ඔහුගේ වයිලර්ස් (Wailers) සංගීත කණ්ඩායම විසින් “No Woman, No Cry” සහ “Stir It Up” වැනි ගීත හරහා රෙගේ සංගීතය ජාත්‍යන්තර තලයට රැගෙන යාම සිදුවිය.

[embedyt] https://www.youtube.com/watch?v=jGqrvn3q1oo[/embedyt]

මේ අතර වයිලර්ස් කණ්ඩායමේ ගායක පීටර් ටොෂ්, “Legalize It,”ගීතය හරහා ඒකල ගායකයෙකු ලෙස ද මනා වෘත්තීය පසුබිමක් සකසා ගත්තේය. මේ අතර “Israelites” ගීතය සමග ඩෙස්මන්ඩ් ඩෙක්කර් අන්තර්ජාතික තලයට ද එසවිණි. ටූට්ස් සහ මේටල්ස්ගේ “Pressure Drop”, ජිම් ක්ලිෆ්ගේ “The Harder They Come,” ද එපමණටම ජනප්‍රිය විය. “The Harder They Come” ගීතය එනමින් යුත්, 1972 වසරේ නිර්මාණය කළ චිත්‍රපටයේ ද ප්‍රධාන ගීතය බවට පත්විය.

[embedyt] https://www.youtube.com/watch?v=FHAbj1pIT4g[/embedyt]

දෙවන ලෝක යුද්ධයෙන් පසු ජැමෙයිකානුවන් රාශියක් බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව වෙත සංක්‍රමණය වී සිටීමද රෙගේ සංගීතය මෙම රටවල් දෙක තුළ සීඝ්‍රයෙන් ජනප්‍රිය වීමට හේතුවක් විය.

රෙගේ සංගීතයේ තවත් උප සංගීත ප්‍රභේද වශයෙන් reggaeton, dub සහ dancehall බිහිවූයේ ද මේ අතරවාරයේ ය. නූතන පරපුරේ කන්යේ වෙස්ට්, ලෝරින් හිල්, ක්‍රිස් බ්‍රවුන් සහ ජේයි ඉසෙඩ් වැනි ගායකයෝ රෙගේ සංගීතය නව මානයකින් යුතුව ජීවමාන කළහ.

මෙවර අලුතෙන් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට එක් වූ දේ අතර, වියානාවේ ස්පාඤ්ඤ අශ්ව පුහුණු පාසල, මොන්ගෝලියාවේ ඔටුවන් මෙල්ල කරන ලබ්ධියක් සහ චෙක් ජනරජයේ රූකඩ ඇතුළු නව සංස්කෘතිකාංග 300කට අධික ප්‍රමාණයක් අතරට එක් වී තිබේ.

[embedyt] https://www.youtube.com/watch?v=64tZdPWi82k[/embedyt]

[embedyt] https://www.youtube.com/watch?v=uMUQMSXLlHM[/embedyt]

Share

Recent Posts

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

8 hours ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

9 hours ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

10 hours ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

10 hours ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

11 hours ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

16 hours ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

2 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

2 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

2 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

2 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

3 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

3 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

3 days ago