මෙය, කුවේටයේ සිට පැමිණි බොර තෙල් සහිත New Diamond – නිව් ඩයමන්ඩ් නමැති නෞකාවයි.
කුවේටයේ සිට ඉන්දියාවේ පරදීප් පිරිපහදුව වෙත ගමන් ගනිමින් සිටියදී නෞකාව අනතුරට ලක්ව ඇති අතර, මේ වන විට නෞකාවේ එක් අන්තයකින් දුම් නගිමින් තිබේ. මීටර 2 ක පමණ පිපිරීමක්/පළුද්දක් ද එහි දක්නට ලැබේ.
ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රකාශක ඉන්දික ද සිල්වා ප්‍රකාශ කරන්නේ එන්ජින් කාමරයේ ගිනි ගැනීමක් හටගත් අතර, ඉන්පසුව පිපිරුමක් සිදුවූ බවයි.
එම පිපිරුම බොයිලේරුවේ හටගත් ගින්නක් නිසා සිදුවූ බවත්, අනතුරින් පිලිපීන ජාතික නැවියෙකු මියගිය බවටත් වාර්තා තිබේ. කපිතාන්වරයා හැර නෞකාවේ සිටි සෙසු නාවිකයන් 23 දෙනා මේ වන විට මුදාගෙන තිබේ.
ගින්න පසුව නෞකාවේ සෙසු කලාපයන්ට ද ව්‍යාප්ත විය.
නෞකාව ගිනි ගැනීමට ලක් වූයේ ලංකාවේ නැගෙනහිර වෙරළට කිලෝමීටර 65 ක් (සැතපුම් 40)ක් නුදුරින් තිබෙන විට ය.
අද දිනය වන විට වාර්තා වන්නේ නැව ගිනි ගැනීම නිසා අස්ථාවර වී ඇති බවටත්, ටිකෙන් ටික ශ්‍රී ලංකා වෙරළ වෙත ඇදී එමින් පවතින බවත් ය. නෞකාවේ පිපුරුම් කිහිපයක් වාර්තා වන හෙයින්, නැවේ තෙල් විසිරී යාමේ අවදානම අධික බව ද කියැවේ.
මේ වන විට නෞකාවේ සිටින ග්‍රීක කපිතාන්වරයාගේ උපදෙස් මත ගින්න මැඩපවැත්වීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව,ශ්‍රී ලංකා ගුවන් හමුදාව,ශ්‍රී ලංකා වරාය අධිකාරිය,ඉන්දියානු නාවික හමුදාව හා ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය විසින් ඒකාබද්ධ මෙහෙයුමක් ද ආරම්භකර තිබේ.
ඒ අනුව ඉන්දියානු වෙරළාරක්ෂක හමුදාව විසින් නෞකා තුනක් සහ ගුවන් යානයක් ගින්න නිවීම සඳහා යොදවා ඇති අතර, Helen M නමැති තවත් නෞකාවක් ද යොදවා තිබේ.
නෞකාවේ බොරතෙල් සාගර කලාපයට එක් වුවහොත් සිදුවනු ඇත්තේ අති දැවැන්ත පාරිසරික විනාශයකි. මෙය ඇතැම්විට ලෝකයේ දරුණුතම තෙල් කාන්දුව විය හැකි බවටත් ඇතැම් වාර්තා පවසයි.
කෙසේ වෙතත් අද දිනයේ (4) සවස මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ තෙල් විසිරීමේ අධික අවදානමක් නොමැති බව ය. නමුත් සුරක්ෂිත බව තහවුරු කළ හැක්කේ ගින්න සම්පූර්ණයෙන් මැඬලීමෙන් පසුව බවත් එහිදී සඳහන් විය.
අම්පාර සංගමන්කන්ද තුඩුවට නුදුරු වෙරළ කලාපය වන මෙය, තල්මසුන් නැරඹීම සඳහා ප්‍රචලිත වෙරළ කලාපයකි.
ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ පිහිටා තිබෙන පරදීප් තෙල් පිරිපහදුව හරහා ඉන්දියාව වසරකට බොර තෙල් මිලියන 15 ක් පිරිපහදුවට ලක් කරයි.
Cover Photo: Sri Lankan Air Force via AP
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…