එසැණ පුවත්

ලොක්ඩවුන් නීති කැඩූ බොරිස් ජොන්සන්ට ගෙදර යන්න වෙයිද ? බ්‍රිතාන්‍ය පුවත්පත්වලින් පහර පිට පහර !

මේ නිසා පාලක කොන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබලයන්ගෙන් පවා ඉල්ලා අස්වන ලෙසට බලපෑම් එල්ල වී තිබේ.

මෙම සාදය 2020 වසරේදී පවත්වා ඇති අතර ඊට සහභාගි වූ බව ඔහු ඊයේ පිළිගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සමාව අයැද සිටින බවයි ජොන්සන් මහතා ප්‍රකාශ කර තිබෙන්නේ.

අගමැතිවරයාට එරෙහිව කොන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තුළ විස්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේ සූදානමක් පිළිබඳවද වාර්තා වේ.

අදාල යෝජනාව සඳහා කොන්සර්වේටිව් මන්ත්‍රීවරුන් 54 දෙනෙකු අත්සන් තැබුවහොත් ජොන්සන්ගේ අගමැති තනතුර දැඩි අවදානමකට ලක් වනු ඇත.

කෙසේ නමුත් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩොමිනික් රාබ් ඇතුළු පිරිසක් පවසන්නේ අගමැතිවරයා තනතුරින් ඉවත් වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි. ඔහු වරද පිළිගෙන ඇති බවත්, ඔහු කළ වරද වෙනුවෙන් සමාව ඉල්ලා ඇති බවත් පවසන ඩොමිනික් රාබ් සඳහන් කරන්නේ එම ප්‍රමාණවත් වන බවයි.

මෙම සිදුවීම ඈඳා ගනිමින් බ්‍රිතාන්‍ය මාධ්‍ය, අගමැතිවරයාට පහර පිට පහර එල්ල කරමින් සිටී. බ්‍රිතාන්‍ය මිරර් පුවත්පත සිය ප්‍රධාන පුවතින් අගමැතිවරයා විවේචනය කරන අතර එහි ශීර්ෂපාඨය ලෙස යොදා ඇත්තේ අපකීර්තිය යන්නයි.

‘මුලින්ම ජොන්සන් කීවේ තමන් කිසිම නීතියක් කඩකර නොමැති බවයි. පසුව ඔහු කීවේ කිසිදු පාටියක් ගැන තමා නොදන්නා බවයි.

දැන් ඔහු කියන්නේ පාටියට සහභාගි වූ අයගෙන් එක් අයෙකු තමා වන නමුත් එය පාටියක් බව දැන සිටියේ නෙමැති බවයි.’ යනුවෙන් මිරර් පුවත්පත වැඩිදුරටත් වාර්තා කරනවා.

ගාඩියන් සිය ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරන්නේ අගමැතිවරයාගේ අනාගතය කැපී යාමට ඔන්න මෙන්න තිබෙන බවයි. සාදයකට සහභාගි වන බව නොදැන සිටියේ යැයි ඔහු පවසන ප්‍රකාශය උපහාසාත්මක බවද ගාඩියන් වාර්තා කරනවා.

බොරිස් ජොන්සන් මහතා 2019 වසරේදී බ්‍රිතාන්‍ය අගමැති ධුරයට සහ කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට පත් වූ අතර අගමැති තනතුරට පත්වන අවස්ථාවේ සිට කිහිප අවස්ථාවකදීම ඔහු බ්‍රිතාන්‍ය දේශපාලන පක්ෂවල සහ විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය මධ්‍යවල දැඩි විවේචනයට ලක් විය.

ඇතැම් මාධ්‍ය වාර්තා කළේ ඔහු හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටම හරියන ජාතියේ දේශපාලනඥයෙකු බවයි.

UN for LNW

Share

Recent Posts

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

9 hours ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

11 hours ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

11 hours ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

12 hours ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

13 hours ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

17 hours ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

2 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

2 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

2 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

2 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

3 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

3 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

3 days ago