කාලීන

ලෝකය නතර කළ දවස් 3 : චීන මාධ්‍යවේදීන් රහසේ පටිගත කළ වුහාන් කොරෝනා වීඩියෝව කරළියට

ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මේ ගැන සොයාබලන්නට විමර්ශනයක් ආරම්භ කළේය. විශේෂයෙන්ම චීන රජය සිය මර්දනකාරී හස්තය යොදවා මෙය රහසක් ලෙස තබාගන්නට තැත් කිරීමේ ප්‍රතිඵලය වුයේ සැබෑ අවදානම සැඟවීමයි.

නමුත් වුහාන් නගරයේදී මිලියන 11 ක ජනතාවක් ප්‍රාණ ඇපකරුවන් බවට පත් කළ වසංගත භීතිය තුළ චීන බලධාරීන් එය මැඩපැවැත්වූයේ කෙසේද යන්න ගැන හොඳම සාක්ෂිය දැන් කරළියට පැමිණ තිබේ.
ඒ, 2020 ජනවාරි 19 සිට ජනවාරි 22 යන දවස් 3 ඇතුළත චීන මාධ්‍ය වේදීන් දෙදෙනෙක් විසින් පටිගත කළ දර්ශන ඇසුරින් තැනුණු වාර්තා චිත්‍රපටයකි.

කතාව ඇරඹෙන්නේ මෙසේ ය. 2020 ජනවාරි මැද භාගයේදී චීන ජාතික මාධ්‍යවේදීහු තිදෙනෙක් වුහාන් නගරය වෙත යැවෙති. ඒ, අබිරහස් වෛරස් වසංගතයක් ගැන විමර්ශනය කරන්නට ය.

ඒ, වුහාන් නගරය ලොක්ඩවුන් තත්වයට පත් කරන්නට ඔන්න මෙන්න කියා තිබූ අවධියයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම වසංගතය හදිසි ගෝලීය තත්වයක්ද යන්න තීරණය කිරීමට වැසුණු කාමරවල සාකච්ඡා පවත්වමින් සිටි කාලයයි.

යැන්ග් යුන් සහ චෙන් වෙයි නමැති මෙම මාධ්‍යවේදීන් දෙදෙනා වුහාන් නගරය බලා පැමිණෙන විට නගර වැසියන් අතිශයින්ම කාර්යබහුල වී සිටියේ එළඹෙන චීන නව වසර සැමරීම සඳහා ය. වෛරසය විසින් මුළු ලෝකයම උඩු යටිකුරු කිරීමට තව තිබෙන්නේ දින කිහිපයක් පමණක් බව ඔවුන් දැන සිටියේ නැත. නමුත් අවදානම පිළිබඳ චීන ආරක්ෂක අංශ මනාව දැන සිටි බව සිතිය හැක්කේ, මෙම රූපරාමු පටිගත කිරීමට ගිය මාධ්‍යවේදීන් හට එල්ල වූ තර්ජනාත්මක මර්දනය හේතුවෙනි. ‘කැමරා ඕෆ් කර ගන්න‘ යැයි ඔවුන්ට විධානාත්මක ස්වරූපයෙන් නොයෙක් වර පැවසිණි.

Information about the outbreak is hidden in secrecy and very difficult to get.

YANG JUN

ඉන්පසු ප්‍රධාන පෙළේ නිවේදනයක් නිකුත් විය. ඒ, වෛරසය මිනිසුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන බව තහවුරු ව ඇත කියා ය. එක රැයක් ඇතුළත මිලියන 11 ක් ජීවත් වූ වුහාන් නගරය සම්පූර්ණ පරිවර්තනයකට බඳුන් වන ආකාරය සියැසින් දැක ගැනීමට මාධ්‍යවේදීන්ට හැකි විය. මුලින් පළ වූ නොසලකා හැරීම, ක්ෂණිකව සංත්‍රාසයක් බවට හැරී තිබිණි. කඩ සාප්පු වසා දැමිණි. මාස්ක් පළඳින්නට බල කෙරිණි. රෝහල් බලා සිටියදී රෝගීන්ගෙන් පිරී යන්නට විය. සෑම විටදීම මාධ්‍යවේදීන් දෙදෙනා නතර කර ප්‍රශ්න කෙරිණි. ඔවුන්ගේ වාර්තා සහ වාර්තා ගත කළ තොරතුරු වාරණයකට ලක් කිරීමට උත්සාහ කෙරිණි. විමර්ශනයට බාධා සිදුවිය.

එවිට ඔවුන් කළේ තමන් සතුව තිබූ වීඩියෝ දර්ශන එකතු කර ඒවා රටෙන් පිට කිරීමයි.

මාධ්‍යවේදී ජුන් සිය දින පොතේ මෙසේ ලියා ඇත. ‘‘කාර්ය මණ්ඩලයේ හිඟකම සහ වෛද්‍ය උපකරණ හිඟය නිසා වුහාන් හි බොහෝ රෝගීන්ට ප්‍රතිකාර ලබන්නට බැරි වුණා..‘‘

‘‘ඒක විහිළුවක් වෙලා තිබුණා. රෝහල්වලට සත්‍ය තත්වය පවසන්නට උවමනා වුණත් එයට ඉඩ දුන්නේ නැහැ.‘‘

නමුත් එළඹ තිබුණේ මිනිස් ශිෂ්ටාචාරයේ වසර 100 ක් තුළ මතු වූ ලොකුම වසංගතයයි. වෛරස් රෝගය විසින් මේ දක්වා මිලියන 2 කට අධික පිරිසක් මරා දමා තිබේ.

මාධ්‍ය මර්දනය සිදුකළ හැටි

මෙම වීඩියෝ චිත්‍රපටය සහ දිනපොත් මගින් හෙළිකරන්නේ එම බලධාරීන් විසින් මෙම මාධ්‍ය වේදීන්ව නතර කරන්නට උත්සාහ දැරූ ආකාරයයි. ඔවුන් දෙදෙනාම බෙයිජිං හි රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවය කළ අය වුවත්, වුහාන්හි නාගරික මාධ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරය ලබා පැමිණ සිටියත් ඔවුන්ට දිගින් දිගටම බාධා එල්ල විය.

මාළු වෙළඳපොළේ සිට රෝහල් දක්වා හැම අවස්ථාවකදීම ඔවුන්ව නතර කර පරීක්ෂා කෙරිණි. පොලිසිය සත්‍ය වශයෙන්ම උත්සාහ කළේ ඔවුන් මෙම කතාව පැවසීම වැළැක්වීමට ය.

‘‘මට නිදහසේ වාර්තාකරණයේ යෙදෙන්නට බැරි වුණා. රජයේ ආයතන සමග ගැටෙන හැම විටකදීම, ඔවුන් මා ගැන ඔත්තු බැලුවා..‘‘ යැයි ජුන් සිය දිනපොතේ ලියා ඇත.

‘‘වසංගතය ගැන තොරතුරු රහසිගත ලෙස සඟවා තිබුණා. එම තොරතුරු ලබාගැනීම අතිශයින්ම දුෂ්කර වුණා..‘‘

වසංගතය ආරම්භයේදීම චීන මාධ්‍යවේදීන් 9 දෙනෙක් අත්අඩංගුවට ද ගෙන තිබිණි. දෙසැම්බරයේදී ප්‍රධාන පෙළේ චීන මාධ්‍ය වේදියෙකු වන සැන්ග් සැන් සිව් වසරකට සිරගත කෙරිණි.

‘‘චීනයේ කිසිම කෙනෙක් වුහාන්වලින් වෛරසය ඉපදුණු හැටි කතා කරන්න තරම් නිර්භීත වුණේ නැහැ..‘‘
– චැන් වෙයි

වීඩියෝ පටය අල් ජසීරා වෙත ලබා දෙයි

චීනය තුළදී මෙම වීඩියෝ පටය එළිදැක්විය නොහැකි බව මාධ්‍ය වේදීන්ට නිසැක විය. එනිසා ඔවුන් කළේ අල් ජසීරා පුවත් සේවයේ Investigative Unit වෙත එය ලබාදීමයි. එම අංශය විසින් වීඩියෝපටය චීනයෙන් පිටකරනු ලැබිණි. 3 Days that Stopped the World – ලෝකය නතර කළ දවස් 3 ක් යනුවෙන් නම් කර ඇති එයින් පෙන්වා දෙන්නේ වෛරස් වසංගතයේ ආරම්භයේදී වුහාන් නගරයේ පැවති සත්‍ය තත්වයයි.

පහත දැක්වෙන්නේ එම සම්පූර්ණ වාර්තා චිත්‍රපටයයි.

[embedyt] https://www.youtube.com/watch?v=abeYukTNmj0[/embedyt]

 

 

Share

Recent Posts

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

1 hour ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

23 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

1 day ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

1 day ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

1 day ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

3 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

3 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago