කාලීන

විවිධත්වය සපිරි 20 දෙනෙකුගේ අමාත්‍ය මණ්ඩලයක් සමග ජසින්ඩා ආර්ඩෙන් දෙවන වර දිවුරුම් දෙයි

මේ සතිය මුලදී පත් කරන ලද ඇගේ අමාත්‍ය මණ්ඩලය ද මෙහිදී දිවුරුම් දීම සිදුවිය. වෙලිංටන් නුවර ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුකෙරුණු මෙම උත්සවයේදී දිවුරුම් දීම ඉංග්‍රීසි මෙන්ම ස්වදේශික මාඕරි බසින් ද සිදුකරනු ලැබීම විශේෂත්වයක් විය.

ඇගේ අමාත්‍ය මණ්ඩලයේ සිටින්නේ 20 දෙනෙකු පමණි. නමුත් එය මේ වන විටත් ලෝකයේ වැඩිම විවිධත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩලය බවට පත් ව තිබේ.

මාඕරි ජාතික කාන්තාවෝද, LGBTIQ සාමාජිකයෝ ද එහි වෙති.

අමාත්‍ය මණ්ඩලයේ 20 දෙනාගෙන් 8දෙනෙක් කාන්තාවන් ය.

‘‘ඔවුන් සාමූහික වශයෙන් වෙනස් පර්යාවලෝකයන් මාලාවක්, දැවැන්ත දක්ෂතා, අති දැවැන්ත අත්දැකීම් සහ, අර්බුදයේ ඕනෑම අවස්ථාවකදී විශාල කැපකිරීමක් මගින් මේ රටට සේවය කිරීමට සමත් පිරිසක්..‘‘ යැයි ආර්ඩෙන් සිය අමාත්‍ය මණ්ඩලය පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියාය.

40 හැවිරිදි ජසින්ඩා ආර්ඩෙන් ඔක්තෝබර් 17 වැනිදා පැවැත්වූ මැතිවරණයෙන් ලබාගෙන තිබෙන්නේ සිතුවාට ද වඩා විශාල ජයග්‍රහණයකි. කෝවිඩ්-19 ගෝලීය වසංගතය අති සාර්ථක ලෙස මැඩ පවත්වාගැනීමට සමත් වීම මෙයට දායක වී ඇතැයි සැලකේ. ඒ අනුව, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇගේ මධ්‍ය වාමාංශික ලේබර් පක්ෂය ලබාගත් විශාලම ජයග්‍රහණය වාර්තා කිරීමට ඇය දේශපාලනඥයෙකු වශයෙන් සමත් වී තිබේ. ආසන 120 කින් යුක්ත පාර්ලිමේන්තුවේ ආසන 65 ක් දිනාගැනීමට ලේබර් පක්ෂය සමත් විය.

නවසීලන්තයේ ප්‍රධාන විපක්ෂය වන ජාතික පක්ෂයට හිමි ව තිබූ ආසන සංඛ්‍යාව 35 සිට 33 දක්වා අඩු වීම ද මෙවර කැපී පෙනේ. ඒ අනුව ජාතික පක්ෂයේ ප්‍රචාරණ ව්‍යාපාරය මෙහෙයවූ ජෙරී බ්‍රවුන්ලී සිය පක්ෂයේ උප නායක ධුරයෙන් ද ඉල්ලා අස් විය.

රටේ ජනගහනයෙන් 15%ක් සමන්විත වන මාඕරි ප්‍රජාව සඳහා නව පාර්ලිමේන්තුවේ නියෝජිතයන් දෙදෙනෙකු සිටින්නේ අතිරේක ආසනයක් ද ඔවුන් වෙත ලබා දීම නිසා ය.

නවසීලන්තයේ විදේශ කටයුතු ඇමතිනිය ලෙස පත් කර තිබෙන්නේ ද මාඕරි සාමාජිකාවක වීම විශේෂත්වයකි. මේ පිළිබඳ වැඩි විස්තර බලාපොරොත්තු වන්න..

පෙර ලිපි

ලොව වැඩිපුරම ප්‍රජාවේ සාමාජිකයන් සිටින පාර්ලිමේන්තුව බවට නවසීලන්ත පාර්ලිමේන්තුව පත් වේ.

වනුෂි වෝල්ටර්ස් – නවසීලන්ත පාර්ලිමේන්තුව ජයගත් පළමු ශ්‍රී ලාංකිකයා

පුංචි නගරයක කැෂියර් නෝනා නවසීලන්යේ අගමැතිනිය වු කතාන්දරය – 1 කොටස

පුංචි නගරයක කැෂියර් නෝනා නවසීලන්යේ අගමැතිනිය වු කතාන්දරය – 2 කොටස

Share

Recent Posts

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

2 hours ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

2 hours ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

3 hours ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

7 hours ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

19 hours ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

23 hours ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

1 day ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

1 day ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

1 day ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

1 day ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

1 day ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

1 day ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

2 days ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

2 days ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

2 days ago