පලස්තීන හමාස් සටන්කාමී සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස එක්සත් රාජධානිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එරට ස්වදේශ කටයුතු ලේකම් ප්‍රීති පටෙල් විසින් ප්‍රකාශ කර තිබේ.ගාසා තීරය පාලනය කරන කණ්ඩායමේ සන්නද්ධ අංශය දැනටමත් එක්සත් රාජධානිය විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස තහනම් කර ඇත.
මෙසේ තහනම් කරන ලද සංවිධානයකට අයත් වීම හෝ ඊට සහාය දැක්වීම,ඔවුන්ට ආරාධනා කිරීම හෝ එකී කණ්ඩායමට සහාය දක්වමින් නිරූපිත ඇඳුම් ඇඳීමද වරදකි.ඊට දඬුවම උපරිම වසර 14ක සිර දඬුවමක් හෝ දඩයකි.සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද තහනම් නියෝගයක් අනුව මෙම තීරණය නොවැම්බර් 26 දින සිට බලාත්මක වනු ඇත.
හමාස් සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව බරපතල සන්නද්ධ ප්‍රහාර එල්ල කර ඇති අතර දෙපාර්ශවය අතර වසර ගණනාවක සිට දැඩි ගැටුමක් පවති. 2006 දී හමාස් සංවිධානය අත්පත් කර ගත් දා සිට ඊශ්‍රායලය, ඊජිප්තුව සමඟ ගාසා තීරයට එරෙහිව යුද්ධ මාලාවක් දියත් කර ඇත. මානව හිමිකම් සංවිධාන විසින් මෙම දෙපාර්ශ්වයටම යුද අපරාධ කළ බවට චෝදනා කර ඇත.දැන් හමාස් යනු එක්සත් රාජධානියේ තහනම් කරන ලද ත්‍රස්තවාදී කණ්ඩායම් 78 න් එකක් වන අතර පසුගිය වසර තුළ ස්වදේශ කටයුතු ලේකම් විසින් නිකුත් කරන ලද තුන්වන තහනම් නියෝගය සහිත සංවිධානය මෙය වේ.
මෙම හමාස් කණ්ඩායම දැනටමත් එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ අනෙකුත් බලවතුන් විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇත.හමාස් සන්නද්ධ කණ්ඩායම 2001 මාර්තු මාසයේදී එක්සත් රාජධානිය විසින් තහනම් කරන ලදී.නමුත් 2005 න් පසු ඊශ්‍රායලය ගාසා තීරයෙන් සිය හමුදා සහ පදිංචිකරුවන් ඉවත් කර ගැනීමත් සමඟ හමාස් සංවිධානය ද පලස්තීන දේශපාලන ක්‍රියාවලියේ නිරත වී ඇත. ඔවුන් 2006 ව්‍යවස්ථාදායක මැතිවරනය ද ජයග්‍රහණය කළේය.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…