ජපන් ගුවන් සේවය (JAL) ට අයත් ගුවන් යානාවක නියමු අසුන භාරගැනීමට සිටියදී ලන්ඩනයේ හීතෘෘ ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත් වූ ඔහු 42 හැවිරිදි කත්සුතෝෂි ජිට්සුකාවා (Katsutoshi Jitsukawa) ය.
අයිල්වර්ත් අධිකරණය විසින් ඔහුට මාස 10 ක සිර දඬුවමක් නියම කෙරිණි.
පසුගිය ඔක්තෝබර් 28 වැනිදා ගුවන් යානය පණ ගැන්වීමට විනාඩි 50කට පෙර ආශ්වාස පරීක්ෂණයට ලක් කළ ඔහුගේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය, රුධිර මිලි ලීටර 100කට ඇල්කොහොල් මිලිග්‍රෑම් 189 ක් විය. ගුවන් නියමුවන් සඳහා ප්‍රමිතිගත ඇල්කොහොල් සාන්ද්‍රණය වන්නේ රුධිර මිලිලීටර 1කට ඇල්කොහොල් මිලිග්‍රෑම් 20 ක් පමණි. මේ අතර, එංගලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තයේදී රිය පදවන්නන් සඳහා මෙම සීමාව මිලිග්‍රෑම් 80 කි.
‘‘ඔබ පළපුරුදු ගුවන් නියමුවෙක්. නමුත් ගුවන් යානය පිටත් වන්නට මද වේලාවක් වන තෙක්ම, ඔබ බොහෝ වේලාවක් මත්පැන් පානය කර තිබෙනවා. වඩාත් වැදගත් වන්නේ පැය 12කටත් වඩා අධික කාලයක් ගුවන් යානය තුළ සිටිය යුතු ගුවන් මගීන්ගේ ජීවිතයි. ඔබේ බේබදුකම සහ බීමත් කම නිසා ඔවුන්ගේ ආරක්ෂාව අවදානමට පත් වී තිබුණා‘‘ යැයි විනිසුරු මැතිව් පිලිප්ස් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේය.
‘‘ගුවන් යානය පාලනය කර ගැනීමට ඔබට තිබෙන හැකියාව ප්‍රමාණවත් නැහැ. එමගින් ගුවන් මගීන්ට ඉතාම භයානක විනාශයක් අත්වන්නට ඉඩ තිබුණා..“
ලන්ඩනයේ හීතෘෘ ගුවන් තොටුපොළේ සිට තෝකියෝ නුවර දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ මෙම ගුවන් යානයේ නියමුවා අත්අඩංගුවට ගනු ලැබුවේ ගුවන් යානය වෙත ගමන් ගනිමින් සිටියදී ඔහුගෙන් මත්පැන් ගඳ වහනය වීම, බීමතින් සිටින බව පෙනී යාම සහ, ඇස්වල දිලිසුම හේතුවෙනි. එසේම ඔහු ඒ අවස්තාවේදී ‘කෙළින් සිට ගැනීමට පවා අසමත්ව සිටි බව‘ හීතෘෘ ගුවන්තොටුපොළේ නිලධාරියෙක් පවසයි.
මෙහිදී ඔහු විසින් කර තිබූ වරද සැඟවීම සඳහා ඔහුගේ සහායක කාර්ය මණ්ඩලය උත්සාහ නොකිරීම සහ නඩු විභාගයේදී ඔවුන් විසින් නීතියට සහාය ලබාදීම ද කැපී පෙනුණි.
මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම සිදුවීමෙන් පසු ජපන් ගුවන් සේවය විසින් සිය නියමුවන් සඳහා දැඩි නීති හඳුන්වා දී තිබේ.
පෙර ලිපිය –
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…