කාලීන

නිදහසේ ගීතිකාව Ode To Freedom සමඟින් ABBA සිය ‘අවසාන’ ඇල්බමය Voyage එළිදක්වයි!

ලෙඩ රෝග වලට ජාති ආගම් කුල බේද අදාළ නැත. ඔබ කලු ද සුදු ද යන්න අදාළ නැත. විෂමලිංගික ද සමලිංගික ද යන්න අදාළ ද නැත. බෙදීම් ඇතිකරගෙන තිබෙන්නේ අප විසින්ම ය. බැඳි වැටකඩුලු කොපමණ සම්මුතිගත ද යන්න අවබෝධ වන්නට මෙවන් සෞඛ්‍ය ආපදාවක් උදාවන තුරුම මිනිසා කල්මැරීය.

70 දශකයේ ගීත අමන්දානන්දය ABBA තිස්නම වසරක නිහැඬියාවකින් පසුව සිය සංගීත රාවය නැවත වරක් ලොවපුරා  නාදවීමට නියමිත බව මුල්ම වරට දැනුම් දුන්නේ ඉකුත් අගෝස්තු මස ය; දිදුලන ග්‍රහලෝක සතරක් සහිතව Voyage නම් සංගීත ව්‍යාපෘතියක් සැප්තැම්බර් 02 වන දින දියත් කරන බවට සිය නිල වෙබ්අඩවි හා සමාජ මාධ්‍ය ජාලා වල පණිවුඩයක් නිකුත් කර තිබිණි.

ඒ අනුව ඇග්නේතා, බියෝර්න්, බෙනී සහ ඇනිෆ්‍රිඩ් හෙවත් ABBA  තවත් එක් වතාවක් පීඩාවට පත් ජනතාවගේ සිත් පහන් කිරීමට සිය ගීත හඬ අවදිකිරීම එදින සිදුවිය. සැප්තැම්බර් 02 වන දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10.15 ට යූටියුබ් සමාජ මාධ්‍ය ජාලය හරහා නිකුත් කළ සජීවී විකාශයේ තම Voyage නම් සංගීත ව්‍යාපෘතිය හරහා ABBA සංගීත කණ්ඩායම විසින් පැවැත්වීමට නියමිත ඉදිරි වැඩකටයුතු කිහිපයක් පිළිබඳවම තොරතුරු සැලකරයි. I Still Have Faith In සහ You Don’t Shut Me Down නමින් නවතම ගීත දෙකක් ද එදින එළිදැක්වූ අතර, මෙම සජීවී වැඩසටහනේදී ABBA කළ හෙළිදරව්ව ලොවපුරා මිලියන සංඛ්‍යාත බාල මහලු රසිකයින් දශක හතරක් පුරාවට දල්වාගෙන සිටි බලාපොරොත්තුවක් සඵල කළේය.

ABBA නවතම ගීත එකතුවක් Voyage නම් ඇල්බමය හරහා එළිදැක්වීමට නියමිත බව එදින හෙළිකළේය!

මෙම ගීත එකතුව ඇල්බමයක් ලෙස අද (නොවැම්බර් 05) එළි දැක්වීම සිදුවිය. නවතම ගීත 10කින් සමන්විත Voyage නම් ඇල්බමය ඩිජිටල් වේදිකාව තුළ මිළදී ගැනීමට හැකි සේම සංයුක්ත තැටි, වයිනයිල් තැටි ආදී වශයෙන්ද මිළදී ගැනීමට හැකිය. ඇසුවන් වසඟයට පත්කළ ඇග්නේතා ගේ ඉහළ පරාසයේ කටහඬ ද, ගායන ශ්‍රේෂ්ඨත්වය සනිටුහන් කරන ඇනිෆ්‍රිඩ් ගේ පහළ පරාසයේ කටහඬ ද, බියෝර්න් ගේ මනරම් ගිටාර් නාදය ද, බෙනී ගේ අතිවිශිෂ්ඨ පියානෝ නාදය ද මුසු කළ ABBA සංගීතය තිස්නම වසරකට පසු යළි මෙසේ දිගහැරෙයි. I Still Have Faith In You, When You Danced With Me, Little Things, Don’t Shut Me Down, Just A Notion, I Can Be That Woman, Keep An Eye On Dan, Bumblebee, No Doubt About It සහ Ode To Freedom ආදී ගීත 10ක් මෙම Voyage ඇල්බමයේ අඩංගුය.

 

මීට අමතරව, එළඹෙන 2022 වසරේදී සජීවී සංගීත ප්‍රසංගයක් ද පැවැත්වීමට නියමිත බව ABBA සැප්තැම්බර් 02 වන දින පැවති සජීවී වැඩසටහන හරහා හෙළිකළේය. මෙම සංගීත ප්‍රසංගයේ විශේෂත්වය නම්, එය සිදුවන්නේ ත්‍රිමාණ සජීවීකරණයෙන් සිය තරුණ අවධියේ පෙනුම යළි ප්‍රතිනිර්මාණය කළ හොලොග්‍රෑම් ABBA සාමාජිකයන් සිව් දෙනෙකු විසින් ය. දශක හතක පමණ ආයු වැළඳූ ABBA සාමාජිකයන් සිව් දෙනා වන ඇග්නේතා, බියෝර්න්, බෙනී සහ ඇනිෆ්‍රිඩ් මේ වන විට සිය ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිටින අතර, ඔවුන්ගේ තරුණ අවධියේ පෙනුම නවීන තාක්ෂණය හරහා යළි ප්‍රතිනිර්මාණය කොට මෙම හොලොග්‍රෑම් සංගීත ප්‍රසංගය නිර්මාණය කිරීම ඔවුන් විසින් ගනු ලැබූ උපායමාර්ගික වැඩපිළිවෙලකි. ඊට හේතුව වන්නේ මෙම ප්‍රසංගය ලොව පුරා මිලියන සංඛ්‍යාත ABBA රසිකයින් අතර ABBA සංගීත කණ්ඩායමේ සේයාව මතකයේ රැඳී ඇති අන්දමට ම යළි ආවර්ජනය කරවීමයි.

මතුදිනක ABBA ජීවතුන් අතර නොසිටීවි. නමුත් ඔවුන් ඉතිරිකළ සංගීත උරුමය සදා ඩිජිටල් සංඛ්‍යාත තුළ රැඳේවි. ABBA සන්නාමය හා සේයාව සදා අමරණීය වනු ඇත. මෙම හොලොග්‍රෑම් ප්‍රසංගය ඊට කදිම සාක්ෂියක් වනු ඇත.

ABBA පළමුවරට ලෝ ජනාදරය ට පාත්‍ර වන්නේ 1974 වර්ෂයේ Waterloo නම් ගීතය හරහා Eurovision Song Contest තරඟාවලිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි. ABBA යනු ඉංග්‍රීසි බස කතා නොකරන රාජ්‍යයක සිට පැමිණ ජාත්‍යන්තර සංගීත වේදිකාව ආක්‍රමණය කළ ඉතිහාසයේ පළමු සංගීත කණ්ඩායමයි. සංගීත ක්ෂේත්‍රය තුළ සක්‍රියව කටයුතු කළ සමයේ ගීත ඇල්බම නවයක් ද ගීත සියයකට ආසන්න සංඛ්‍යාවක් ද පටිගත කළ ABBA ජාත්‍යන්තර සංචාරක ගීත ප්‍රසංග සමඟින් යුරෝපයෙන් පිටත රටවල් බොහොමයක ප්‍රේක්ෂක ප්‍රතිචාරය දිනා ගැනීමට සමත් ව ඇත.

ABBA සංගීතය නූතන සංගීත කලාව තුළ පමණක් නොව, 70 දශකයේ ද සුවිශේෂීත්වයක් ගත්තේ ඔවුන් හුදෙක් රැල්ලට යන සංගීත කණ්ඩායමක් නොවූ නිසා ය. ABBA කිසිවිටක ආගමික වූයේ නැත, නිරාගමික වූයේ ද නැත. සමාජවාදී වීමට ගියේ නැත, එහෙත් ධනවාදය පෝෂණය ද නොකළේය. ABBA වේදිකාව ඕනෑම පුද්ගලයකුට විවෘත වූ අතර, ලොව විවිධ අනන්‍යතා දරන ප්‍රජාවන් වැඩිම ප්‍රමාණයක් ආදරය කරන සංගීතඥයන් අතර ABBA අනිවාර්ය සාමාජිකත්වය දැරීය. ආදරය, විරහව, විවාහය, දික්කසාදය, ලිංගිකත්වය, අභිමානය, මුදල් මත දුවන ලෝකය, සීතල යුද්ධය (cold war), කලා ක්ෂේත්‍රයේ අඳුරු පැතිකඩ, මධ්‍යම පාන්තිකයාගේ අරගලය, දරුපරපුර, කාන්තා විමුක්තිය, සමානාත්මතාවය ආදී තේමාවන් ගණනාවක් යටතේ ABBA ගීත ගායනා කළේය.

1971 වසරේ කණ්ඩායම් ගත වූ ABBA පෞද්ගලික හේතු මත 1983 වසරේ විසිර ගියේ යළි කිසිදිනක එක්ව ව්‍යාපෘතියක් දියත් නොකරන බව පවසමිනි. එහෙත්, තිස්නම වසරකට පසු පොප් සංගීතයේ රාජකීයත්වය දරන මෙම දූතයන් සතර දෙනා නැවත වරක් පොළවට ගොඩබෑවේ, ඔවුන්ගේ පිහිට ලෝ වැසියන්ට අත්‍යාවශ්‍යම මොහොතක බව කිව යුතුය. තිස්නම වසරකට පසු මෙසේ එළිදැක්වෙන Voyage ඇල්බමය සිය අවසාන ගීත ඇල්බමය වනු ඇති බව ABBA මාධ්‍ය වෙත පවසා තිබේ. ඊට එරෙහිව මැසිවිලි නැඟීමට ද අප කුහක නොවිය යුතුය. Voyage ඇල්බමයට ප්‍රවේශමෙන් සවන් දෙන ලෙස මම ඔබට යෝජනා කර සිටිමි. ඇල්බමයේ අවසාන ගීතය වන Ode To Freedom ඔබ ශ්‍රවණය කළේ නම්, ගින්නෙන් දැවෙන ලොවක් බේරා ගැනීමට දෙව්ලොව සිට පැමිණි දූතයන් සතර දෙනෙකු සිය යුතුකම ඉටුකොට යළි සමුගැනීමට සූදානම් වන බවක් නිසැකවම ඔබට දැනෙනු ඇත.

මට දැනුනේ එයයි..

 

Share

Recent Posts

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

3 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

11 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

12 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

1 day ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

1 day ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago