එසැණ පුවත්

ඇමරිකාවෙන් ISIS සංවිධානයට බැඳුණු යුවතිය – හෝඩා මුතානා

හෝඩා මුතානා නමැති මේ යුවතිය ඇමරිකාවේ ඇල්බාමා ප්‍රාන්තයෙන් සිරියාව බලා පළා යන්නේ අවුරුදු 19 දී ය. ඒ, ‘ඉස්ලාමීය රාජ්‍යය‘ හෙවත් අයිසිස් සංවිධානයට බැඳීම සඳහා ය.

මේ වන විට එතැන් පටන් වසර 5 ක් ඇය පසු කර ඇත. ස්වාමිපුරුෂයන් 3 දෙනෙක් ද පසුකරලීමට ඇයට සිදුවිය. යුද්ධයේ විනාශය ද පළමු සැමියන් දෙදෙනාගේ මළ කඳන් ද ඇයට දැකීමට සිදුවිය. මහා විනාශය දැක තමන් මායාවෙන් මිදුණු බව ඇය කියන්නීය.

ඇය ඇමරිකාවේ සිටින සිය පවුල වෙත ලියූ ලිපියක මෙසේ සඳහන් වේ. ‘‘මම සිරියාවට එන විට නිවට, කෝපයට පත් වන, මුරණ්ඩු තරුණ ගැහැණියක්. මම හිතුවෙ මගෙ ආගමික විශ්වාසය මට වැටහෙනවා කියලයි..“

‘‘සිරියාවේ ගත කරපු කාලය තුළ මම ජීවිතය අත්දැක්කා. යුද්ධය දැක්කා. ඒ සියල්ල මාව වෙනස් කළා. ලේ වැගිරීම් මාව වෙනස් කළා. මව් පදවිය මාව වෙනස් කළා. මිතුරන්, දරුවන් සහ මා විවාපත් වූ අය මිය යාම මාව වෙනස් කළා.“ යැයි අද 24 හැවිරිදි ඇය පවසයි.

අයිසිස් අතීතය

අයිසිස් සංවිධානයට බැඳීමෙන් පසු ඇය සිරියාවේ සිට ට්වීට් කරමින් එම ත්‍රස්ත සංවිධානය මහත් සේ වර්ණනා කළාය. ජෝර්ජ් වොෂින්ටන් සරසවියේ අන්තවාදය පිළිබඳ වැඩසටහනේ නිරීක්ෂකයන් පවසන්නේ ඇය නිතරම ප්‍රචණ්ඩත්වය ඉල්ලා හඬනැගූ බවයි. ඇය ඉංග්‍රීසි බසින් වැඩ කටයුතු කරන අයිසිස් ප්‍රචාරකයන්ගේ හොරණෑවක් බවට පත්ව තිබිණි. Caliphate හෙවත් තමන් විසින්ම ප්‍රකාශයට පත් කර ගත් මොහොම්මද් තුමාගේ රාජ්‍යය වෙත පැමිණෙන ලෙස ඇය ඇමරිකානුවන්ගෙන් ට්විටර් පණිවුඩ හරහා ඉල්ලීම් කර තිබිණි.

“Soooo many Aussies and Brits here, but where are the Americans, wake up u cowards,” – ‘‘ඔස්ට්‍රේලියානුවන් සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් ගොඩයි. ඇමරිකානුවන් කොහිද? අවදිවෙයව් නිවටයනි!“ යැයි 2015 ජනවාරි මස ඇය ට්වීට් කර තිබිණි.

ඇය පෙනී සිටියේ උම් ජිහාඩ් යන නමිනි. ඒ හරහා ඇමරිකා එක්සත් ජනපදයට එරෙහි ප්‍රහාර දිරිමත් කිරීම ද ඇය විසින් සිදුකර තිබිණි. ‘‘උන්ගේ ලේ වගුරපියව්, ලොකු ට්‍රක් එකක් කුලියට අරන් උන් ඔක්කොම යට කර දමපියව්! වැනි කුපිතකරවනසුලු පණිවුඩ රාශියක් ද ඒ අතර වේ.

ජෝර්ජියා ප්‍රාන්ත සරසවියේ ස්ත්‍රී ජිහාඩ් භටයන් ට්‍රැක් කිරීම හෙවත් ඔවුන්ව නිරීක්ෂණය කිරීම සිදුකරන වෙනම ඒකකයක් පිහිටා තිබේ. ඔවුන් හෝඩා ව හඳුනාගන්නේ ‘‘ඇමරිකානු හමුදාවට එරෙහිව විශේෂයෙන්ම දැඩි ප්‍රචණ්ඩත්වයක් මුදා හළ අයෙකු‘ ලෙස ය.

පසුතැවිල්ල

කෙසේ නමුත් පෙබරවාරි 19 වැනිදා හෝඩා ABC පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙයි. එහිදී ඇය පවසන්නේ එම පෝස්ට් පිළිබඳ තමන් පසුතැවෙන බව ය. ඒවා ආපසු ගන්නට පුළුවන් නම් කියා තමන්ට සිතෙන බව ය.

ඇය මෙයට සති කිහිපයකට පෙර කුර්දි පාලනය සහිත ප්‍රදේශයකට අයිසිස් ග්‍රහණයෙන් මිදී පළා ගොස් තිබේ. සරණාගත කඳවුරකදී ඇයව ඒබීසී පුවත්සේවයේ මාධ්‍ය වේදීන්ට හමුවන්නේ ඒ අනුව ය. ඒ වන විට ඇගේ ඇකයේ අවුරුදු 1 1/2 ක පිරිමි දරුවෙකු විය. ඇය ලියූ එක් ලිපියක මෙසේ සඳහන් වේ.

‘‘බෝම්බ, කුසගින්න, සීතල සහ භීතිය අතරතුර ඇතිවන නිහඬ නිමේෂයන්වලදී මා මගේ ලස්සන පුංචි පුතා දෙස බලනවා. එවිට මා හෝ ඔහු මෙතැනට අයිති කෙනෙක් නොවන බව මට දැනෙනවා. “

එංගලන්තය ෂාමිමා බෙගම් කෙරෙහි දක්වන ස්ථාවරයට වඩා දරුණු ස්ථාවරයක් ඇමරිකාව විසින් ඇය කෙරෙහි පළ කිරීමට ඉඩ තිබේ.

මව් පදවිය ලැබීම සහ ජීවිතයේ යථාර්ථය වටහාගැනීම යන කරුණු දෙක මත ඇගේ මව් රට ඇයට සමාව දිය යුතුද?

මේ අයිසිස් යුවතියන් දෙදෙනාගේ කතාන්දරයන්, අයිසිස් සංවිධානය විසින් ලොව පුරා තරුණ පරපුර සිය ප්‍රොපගැන්ඩා යාන්ත්‍රණය ඔස්සේ බිල්ලට ගෙන ඇති අන්දම ගැන ද විස්තීරණ චිත්‍රයක් ලබාදෙයි.

මේ අතර, ඇගේ ඇකයේ සුවසේ නිදන බිළිඳා, වැඩිහිටි ලෝකයේ කිසිදු කෘෘරකමක් ගැන කිසිවක් දන්නේ නැත.

දැන් අපි මේ දෙදෙනාට කුමක් කළ යුතුද?

Share

Recent Posts

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

7 hours ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

9 hours ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

9 hours ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

9 hours ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

11 hours ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

15 hours ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

2 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

2 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

2 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

2 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

3 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

3 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

3 days ago