ලොව යන අත

බල තණ්හාවක් නැති ලොව බලවත්ම කාන්තාව

2021දී පවත්වන්නට නියමිත ෆෙඩරල් මැතිවරණයට තමන් ඉදිරිපත් නොවන බව ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් ජර්මනියේ බර්ලින් නුවර පැවැති රැස්වීමකදී පසුගිය දා ප්‍රකාශ කළාය. 2021ට පෙර පැවැත්වෙන කිසිදු හදිසි මැතිවරණයකට ඉදිරිපත් නොවී සිටීමටත් ඈ තීරණය කර ඇත. තම ධුර කාලය අවසන් වූ පසු අන් කවර ආකාරයේ හෝ දේශපාලන තනතුරක් බලාපොරොත්තු වන්නේ නැතැයි කියාත් ජර්මන් චාන්සලර්වරිය පවසා තිබුණාය. අනෙකක් තබා ක්‍රිස්තියානි ඩිමොක්‍රටික් පක්ෂය ලබන දෙසැම්බරයේදී පවත්වන්නට නියමිත සම්මේලනයට පවා චාන්සලර්වරිය සහභාගී නොවනු ඇති බව පැවසේ. ක්‍රිස්තියානි ඩිමොක්‍රටික් පක්ෂය, ජර්මනියේ ඉතා වැදගත් මධ්‍යම දක්ෂිණාංශික දේශපාලන ප්‍රවාහයකි. 2000 වසරේ සිට එම පක්ෂයේ සභාපතිත්වය දරන්නේ ඇන්ජෙලා මර්කල් ය.

AFP | German Chancellor Angela Merkel closes her eyes as she gives a press conference on 29 October
Image caption Mrs Merkel gave a news conference on Monday

ඇන්ජෙලා මර්කල්, ලෝක දේශපාලනයේ බලවත්ම කාන්තාව හැටියට සැලකේ. ජර්මනිය ස්ථාවර සහ සමෘද්ධිමත් තැනෙකට රැගෙන එන්නට, එරට බුහුතර ඡන්ද දායකයන්ගේ සහය ඇන්ජෙලා මර්කල්ට දිගු කාලයක් මුළුල්ලේ ලැබිණ.

ඈ, ජර්මනියේ චාන්සලර්වරිය බවට පළමුවෙන්ම පත් වන්නේ 2005 වසරේ පැවති ෆෙඩරල් මැතිවරණයෙනි. ජර්මන් චාන්සලර් තනතුරට කාන්තාවක පළමුවරට පත් වූයේ ද එවරයි. එවර ඈ මැතිරණයට තරග කර තිබුණේ ක්‍රිස්තියානි ඩිමොක්‍රටික් පක්ෂය, ක්‍රිස්තියානි සමාජීය පක්ෂය සහ සමාජීය ප්‍රජාතාන්ත්‍රික පක්ෂය යන පක්ෂ ත්‍රිත්වයෙන් සැදුම්ලත් සන්ධානයක් නියෝජනය කරමිනි.

ඇන්ජෙලා නායකත්වය දුන් ක්‍රිස්තියානි ඩිමොක්‍රටික් පක්ෂය 2009 වසරේ පැවැත්වුණු ෆෙඩරල් මැතිවරණයෙන් ඡන්ද විශාල ප්‍රමාණයක් ලබා ගත්ත ද ඇන්ජෙලා මර්කල්ට රජයක් පිහිටුවන්නට සිදුවුණේ නිදහස් ඩිමොක්‍රටික් පක්ෂය සමඟ සන්ධාන ගතවීමට එකඟ වීමෙන් අනතුරුවයි.

GETTY IMAGES – Former German Chancellor Helmut Kohl and Angela Merkel pictured in 1997
Image caption Mrs Merkel is a veteran political figure, pictured here with former Chancellor Helmut Kohl in 1997

2013දී පැවැත්වුණු ෆෙඩරල් මැතිවරණයේදී, ක්‍රිස්තියානි ඩිමොක්‍රටික් පක්ෂයට 41.5%ක ඡන්ද ප්‍රමාණයක් ගත හැකි වුවත් ඇන්ජෙලා මර්කල්ට නැවත වරක් සන්ධාන රජයක් පිහිටුවන්නට සිදු විණ.

සිව්වන ධුර කාලය සඳහා ඇන්ජෙලා මර්කල් තේරී පත්වුණේ 2017 වසරේ පැවැති ෆෙඩරල් මැතිවරණයෙනි. මේ මැතිවරණයේදී ද ක්‍රිස්තියානි ඩිමොක්‍රටික් පක්ෂයට ජර්මානු දේශපාලනය තුළ කැපී පෙනෙන දේශපාලන පක්ෂයක් බවට පත්වන්නට ඉඩ ලැබිණ. එහෙත් ඇයට සන්ධාන ගත වී රජයක් පිහිටුවන්නට සිදුව තිබුණේය.

ඇන්ජෙලා මර්කල්ගේ දේශපාලන තීන්දු සහ තීරණ සාර්ථක වූ අවස්ථා මෙන්ම අසාර්ථක වූ අවස්ථා ද පැවතිණ.

” … පසුගිය කාලයේදී සිදුවුණු සාර්ථකත්වයන්ට සහ දුර්වලතාවයන්ට ජර්මනියේ චන්සර්ලර් සහ ක්‍රිස්තියානි ඩිමොක්‍රටික් පක්ෂයේ නායකයා හැටියට දේශපාලන වශයෙන් මා වගකිවයුතුයි. … නව පරිච්ඡේදයක් සඳහා දැන් කාලය එළඹිලා තිබෙන්නේ. …” කියා ඈ පවසා තිබිණ.

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

10 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

12 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

12 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

13 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

1 day ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

1 day ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago