බාබි ඩෝල් මේ වසරෙදී සිය 60 වන වසරට පය තබමින් සිටී. ඇය තවමත් ඒ විදියමය. ඇයට ලෝකයේ ආදරය කරන්නන්ගෙන්ද අඩුවක් නැත. ගැහැණු දරුවන් වයස් භේදයකින් තොරව ආදරය කළ චරිතයකි බාබි ඩෝල්. පසුගිය 60 වසර තුළ ඇය විවිධාකාරයේ මතභේදයන් හා තර්කයන්ට මාතෘකාවක් වුවද ඇයට ලැබෙන ආදරය වැඩිවනවා මිස අඩුවක් නොවන්නේය.
කෙළිබඩු කර්මාතය තුළ කාලයෙන් කාලයට විවිධ චරිත පැමිණේනන අතර පසු ගිය වසර 60ක කාලය තුළ බාබි සිය ජනප්‍රියත්වය අඩු කර නොගත්තාය. ලෝකයේ රටවල් 150කට අධික සංඛ්‍යාවක් තුළ වාර්ෂිකව අලෙවි වන බාබී බෝනික්කන් ගණන මිලියන 58කි.
ජාත්‍යන්තර බාබී ඩෝල්ස් සන්නාම අධ්යක්ෂ නාදන් බර්නාඩ් පවසන්නේ 60 වසරක් පුරා මෙවැනි සෙල්ලම් භාණ්ඩයක් පැවතීම ඉතා විශාල ජයග්‍රහණයක් බවයි. ඔහු පවසන්නේ ලොකය පුරා මිනිසා කොකා කෝලා හෝ මැක්ඩොනල්ඩ් ගැන දන්නා තරමටම බාබි ඩෝල්ස් ගැනද දන්නා බවයි.
බාබි ඩෝල්ගේ උපත සිදු වන්නේ 1959 මාර්තු 9වන දිනයි. එවක් පටන් විකිණී ඇති බෝනික්කන් ප්‍රමාණය බිලියනයකට අධිකය. ඇගේ නිර්මාපකයා රුත් හැන්ඩ්ලර් නම් ඇමරිකානු බහුජාතික කෙලිබඩු නිෂ්පාදන ආයතනයක් වන මැටෙල් හී ආදී කතෘන්ගෙන් එක් සාමාජිකාවකි. සිය දරුවන් සදහා බෝනික්කන් සෑදීම පුරුද්දක් කර ගත් ඈ බාබි ඩෝල්ද නිපදවන ලද්දේ ඔවුන් සදහාය.
ඇයට බාබි ඩෝල් වැනි චරිතයක් නිර්මාණය කිරීමට කැමැත්තක් ඇතිවී ඇත්තේ බාබරා නැමති ඇගේ දියණියි. බාබරා කුඩා කල අනෙක් ක්‍රීඩා භාණ්ඩ හා ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඇගේ ක්‍රීඩා වී ඇත්තේ කුඩා බෝනික්කෙකු බලා කියා ගැනීම , ඔහුට මවක වෙමින් සෙල්ලම් කිරීමය.ඇගේ මෙම ක්‍රීඩා විලාශය බාබි නිර්මාණය වීමට හේතු වී ඇත.
නිෂ්පාදනය කළ මුල් වසරේදීම බාබි බෝනික්කන් 300000ක් විකිනී ඇත.
බාබි ගැන නොයෙකුත් මතවාද හා විවේචන සමාජය තුළ පස් ගිය කාලය තුළ ඉස් මතුවිය මන්ද බාබි යන් සාමාන්‍යයෙන් අගල් 11ක් පමණ වන ප්ලාස්ටින් සෙල්ලම් භාණ්ඩයකටත් වඩා ස්ත්‍රීත්වය සහ සමාජ සංස්කෘතික සාධක මත යම් ආකාරයක බලපෑමක් වූ බැවිනි. ගැහැණු දරුවෙකුගේ චරිතය දරුවන් බලා කියා ගන්නා මවක වීමේ සිහිනය සහිත එකක් ලෙස බාබි ඩෝල් මගින් ඉස්මතු වන බව ඊට විරෝධී ලෙස ගොඩ නැගුණ එක් විවේචනයකි.
1965 එනම් නීල් ආම්ස්ට්‍රෝන්ග් සද මත පාතබන්නට වසර 4 කට පෙර බාබි අජටාකාශගාමිනියක් බවට පත් විය.
මේ වන විට බාබි සමාජ මාධ්‍ය තුළ පමණක් නොව සමස්ත මාධ්‍ය තුළම අනන්‍යතාවත් ගොඩ නගා ගෙන ඇති අතර එය වයස් භේදයක් නොමැතිව කාන්තාවන් ට සමීප වී ඇත.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…