කලා

දැයෙන් සමුගත් ‘රත්තරං කෙල්ල’ ගේ දේපළ වෙන්දේසියේ!

එක්සත් ජනපදයේ පුංචි තිරයේ ප්‍රහසන ක්ෂේත්‍රයේ එදා මෙදා තුර සිටි විනෝදකාමී ම රංගන ශිල්පිනියක වූ, 2021 වර්ෂයේ අවසානය සතුට වෙනුවට රසික ජනතාවට කඳුලක් එක්කරමින් තම 100 වන ජන්ම දිනයට දින 17ක් ඉතිරිව තිබිය දී දැයෙන් සමුගත් බෙටී වයිට් මහත්මිය සතු දේපළ වෙන්දේසි කිරීමට දමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ඈ සතු දේපළ 1,600 කට අධික සංඛ්‍යාවක් මෙසේ වෙන්දේසියට දමා ඇති අතර, මෙම දේපළ අතර ඇගේ පැරණි රූපවාහිනිය, ඇගේ ඩිස්නි චිත්‍රපට ඇතුළත් වීඩීයෝ කැසට් පට (VHS) එකතුව, ඈ සතු වූ රාත්‍රී භෝජන මේසය, නිල් සෙරමික් වලින් තැනූ අශ්වයකු, ලෙදර් සමින් මහන ලද දරුවන් සඳහා නිමවන ලද සපත්තු කුට්ටම, සහ කැඩිලැක් මෝටර් රථය ඇතුළත් බව සඳහන්.

එමෙන්ම, බෙටී වයිට් මහත්මිය තරුණ අවධියේදී තෙල් පින්තාරු කරන ලද සේයාරුවක්, මොනොග්‍රෑම් තුවා, සහ ලිලී ටොම්ලින්, ඇලෙක්ස් ට්‍රිබෙක් වැනි ජනප්‍රිය කලාකරුවන්ගේ අත්අකුරින් ලියන ලද සටහන් ද මෙකී භාණ්ඩ අතර ඇතුළත්වන අතර, ඒවා ඈ සිය පෞද්ගලික අවකාශය තුළ තබා ගත් දේපළ බව සඳහන්.

බෙටී වයිට් මහත්මියගේ දියමන්ති වලින් නිමවූ මංගල පටිය, ඇගේ තුන්වන ස්වාමි පුරුෂයා වූ ඇලෙන් ලුඩන් පැළඳි මංගල පටිය ද මේ අතර වේ.

මෙම වෙන්දේසිය මාර්ගගතව මෙන්ම මුහුණුට මුහුණ හමුවී ද සිදුවන අතර, එය සිදුවන්නේ එක්සත් ජනපදයේ සුඛෝපභෝගීම නගරයක් වන බෙවර්ලි හිල්ස් හි ජුලියෙන්ස් ඔක්ෂන්ස් (Julien’s Auctions) සමාගම හරහා ය. මෙම වෙන්දේසිය සැප්තැම්බර් 23 දින සිට 25 වන දින දක්වා සිදුවන බව ද වාර්තා වේ.

කෙසේවෙතත්, ඈ සතුවූ සියළු දේපළ මෙසේ වෙන්දේසියට යොමු නොකෙරෙන බව ද වාර්තා වේ. ඈ සතු වූ දේපළ බොහොමයක් ජාතික ප්‍රහසන මධ්‍යස්ථානය (National Comedy Center) වෙත පරිත්‍යාග කෙරෙන අතර, ඒවා නිව් යෝර්ක් නගරයේ ජේම්ස්ටවුන් හි කෞතුකාගාරයේ දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට නියමිත ය.

‘ගෝල්ඩන් ගර්ල්ස්’ නම් සිට්කොම් ප්‍රහසන ටෙලිනාට්‍ය කතාමාලාව ඔස්සේ ජනාදරයට පාත්‍ර වූ බෙටී වයිට් දශක හතකට වැඩි කාලයක් රූපවාහිනී රංගන ශිල්පිනියක ලෙස කටයුතු කළ අතර, එක්සත් ජනපදයේ සිටි විනෝදකාමී ම රංගන ශිල්පිනයන් ගෙන් එක් අයකු බව සඳහන්. ඇගේ නාමය වැඩිම කලක් ඇමරිකානු රූපවාහිනී ක්ෂේත්‍රයට දායක වූ තැනැත්තිය ලෙස ගිනස් ලෝක වාර්තා පොතට ද එක්ව තිබිණි.

ඡායාරූප: වයර්ඉමේජ්

පෙර ලිපිය:

Share

Recent Posts

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

6 hours ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

22 hours ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

24 hours ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

1 day ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

1 day ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

1 day ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

1 day ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

2 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

2 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

2 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

2 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

3 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

3 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

3 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

3 days ago