2023 මූල්‍ය වර්ෂය සඳහා එක්සත් ජනපදයට සරණාගත පුද්ගලයන් 125,000 ඇතුළු කර ගැනීමට එරට ජනපති ජෝ බයිඩන් මහතා නිර්දේශ කර තිබේ.
බයිඩන් ජනාධිපතිවරයාගේ නිර්දේශ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් මහතා ඊයේ (09) දින ප්‍රකාශයට පත්කරන ලදී.
යෝජිත සරණාගත පුද්ගලයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල තුළ, 2022 මූල්‍ය වර්ෂය මෙන්ම, 2023 මූල්‍ය වර්ෂය සඳහා ද ගෝලීය මානුෂීය අර්බුදයට විසඳුමක් ලෙස මෙම නිර්දේශ ඇමරිකානු ජනපතිවරයා විසින් ඉදිරිපත් කර ඇත.
ගෝලීය මානුෂීය අර්බුදය මත ලොව වටා අවතැන්ව සිටින ජනතාව මිලියන සියයකට අධික බව ප්‍රයිස් මහතා සිය නිවේදනයේ සඳහන් කළේය.
එමෙන්ම මෙම ගෝලීය මානුෂීය අර්බුදය ආමන්ත්‍රණය කිරීමෙහි ලා එක්සත් ජනපදය උපරිමයෙන් කැපවී වැඩකරන බව ද හෙතෙම අවධාරණය කළේය.
බයිඩන් ජනාධිපති වීමට ප්‍රථම එක්සත් ජනපද ජනාධිපති ලෙස කටයුතු කළ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එක් මූල්‍ය වර්ෂයකට එක්සත් ජනපදයට ගෙන්වා ගන්නා සරණාගත පුද්ගලයන් සංඛ්‍යාව පහලොස්දහස දක්වා කපා හැරියේය. එය ජාත්‍යන්තර සරණාගත වැඩපිළිවෙල තුළ රටට ඇතුළු කරගත් ඉතිහාසයේ අවම පුද්ගලයන් සංඛ්‍යාවයි.
බයිඩන් ජනාධිපති වීමෙන් අනතුරුව ට්‍රම්ප් ගේ නියෝගය අහෝසි කළ අතර, මානුෂීය මෙහෙයුම් සඳහා වැඩි ප්‍රමුඛතාවයක් ලබාදීමට එක්සත් ජනපදය කටයුතු කරන බව ඔහු පැවසීය.
කෙසේ වෙතත්, සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වන 2022 මූල්‍ය වර්ෂය තුළ එක්සත් ජනපදයට ගෙන්වා ගත් සරණාගත පුද්ගලයන් සංඛ්‍යාව 125,000 ට වඩා බෙහෙවින් අඩු අතර, අගෝස්තු 31 වන විට එක්සත් ජනපදයට ගෙන්වා ගත් සරණාගත පුද්ගලයන් සංඛ්‍යාව 19,919ක් බව රජයේ වාර්තා පෙන්වා දෙයි.
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…