මේ දින වල බ්‍රසීලයේ එළඹෙන මැතිවරණය හමුවේ දේශපාලන පිටිය උණුසුම් වී තිබේ. එය හුදෙකලා මැතිවරණයක් නොවන අතර, බ්‍රසීලයේ දේශපාලන මාවත තීරණාත්මක මඟගට හැරවීමට හේතුවන මහ මැතිවරණයක් බව සඳහන්.
මේ අතර, බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික ජනපති ජායිර් බොල්සනාරෝ ගේ පාක්ෂිකයකු ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින එරට වාමාංශික දේශපාලනයේ නියැලෙන හිටපු ජනපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වාගේ පාක්ෂිකයකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බව වාර්තා වේ.
මෙම ඝාතනය සිදුකර තිබෙන්නේ, බ්‍රසීලයේ බටහිර-මධ්‍යම ප්‍රාන්තයේ මේටෝ ග්‍රොසෝ හි බොල්සනාරෝ සහ ලුලා ද සිල්වා අපේක්ෂකයන් දෙදෙනාට සහාය පළකිරීමේ ව්‍යාපාර දෙකක් අතරතුර ඇතිවූ බහින්බස් වීමකදී ය. මියගොස් ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයකු වන අතර, ඝාතනය සිදුකළ පුද්ගලයා 24 හැවිරිදි තරුණයෙකි. ඔහු අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව වරදට පාපොච්ඡාරණය කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් හිටපු ජනපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා ප්‍රකාශ කර සිටියේ බොල්සනාරෝ ඉතා වෛරී සහගත අන්දමින් සිය මැතිවරණ ප්‍රතිපාක්ෂිකයන් මර්දනය කිරීමේ ක්‍රියාන්විතයක නිරත වී සිටින බවත්, මෙම ඝාතනය ඊට ආසන්නතම සිදුවීම බවත් ය.
මේ අතර, මෙම සිදුවීම තරයේ හෙළාදකිමින් හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) සංවිධානයේ උතුරු සහ දකුණු ඇමරිකානු (ඇමරිකාස්) අධ්‍යක්ෂ ජුවනිතා ගෝබර්ටුස් එස්ට්‍රාඩා ප්‍රකාශ කර සිටියේ, සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට බ්‍රසීලයට හැකියාව තිබිය යුතු බවත්, ප්‍රචණ්ඩත්වයට හෝ ඔවුන්ගේ අදහස්වලට පළිගැනීම්වලට බියෙන් තොරව දේශපාලන සාකච්ඡාවල නිරත වීමට ඔවුනට අයිතිය තිබිය යුතු බවත් ය.
මීට මාස දෙකකට ඉහත දී මේ හා සමානවම බන්ධනාගාර නිලධාරියකු විසින් බොල්සනාරෝ ගේ නම සඳහන් කරමින් කෑ ගසමින් ලුලා ද සිල්වාගේ කම්කරු පක්ෂ නියෝජිතයකු වෙඩි තබා ඝාතනය කරන ලදී.
බොල්සනාරෝ තම ජයග්‍රහණය තහවුරු කිරීමට ඉතා බලවත් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් රැගෙන යන අතර, මෙම ව්‍යාපාරය අතරතුර වාමාංශික මතධාරී ලුලා ද සිල්වාට පක්ෂපාතී ව්‍යාපාර මර්දනය කිරීමේ වැඩපිළිවෙලක් වෙනම ක්‍රියාත්මක වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දේශපාලනික වශයෙන් අන්ත දක්ෂිණාංශික සංස්කෘතියක් නිර්මාණය කරමින් සිටින බොල්සනාරෝ ප්‍රමුඛ රජය බ්‍රසීලයේ ඉතා ප්‍රජාතන්ත්‍රවාදී සහ ඉලෙක්ට්‍රොනික අන්දමින් ක්‍රියාත්මක වන මැතිවරණවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමය දෝශ සහිත බවත්, එය වංචනික අන්දමින් ප්‍රතිපාක්ෂිකයන්ට සහාය පළකරන අන්දමේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන බවත් චෝදනා කර සිටියි. තමාට අවාසිදායකවන සෑම මැතිවරණ ප්‍රතිඵලයක්ම වංචනික ක්‍රමවලින් ලබාගත් මැතිවරණ ප්‍රතිඵල බවට මතයක් නිර්මාණය කිරීමට බොල්සනාරෝ උත්සුක වන අතර, කිසිවිටක පරාජය භාර ගැනීමට තමා සූදානම් නොමැති බව ද සිය ක්‍රියාවෙන් ඔප්පු කරමින් සිටියි.
කෙසේවෙතත්, බොල්සනාරෝ ගේ මෙම චෝදනා කිසිවක් මෙතෙක් ඔප්පු කර නැත.
බ්‍රසීල මහ මැතිවරණය එළඹෙන ඔක්තෝබර් 02 වන දින පැවැත්වීමට නියමිත ය.
ඡායාරූප: ඇසෝසියේටඩ් ප්‍රෙස්
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…